spot_img
spot_img
Thursday, December 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෝරුතොට කානිවල් එකට අවසර දුන්නේ කව්ද ?

Must read

( 3.30 pm ) මීගමුවේ බහුතරයක් ජනයා හට කිසිදු මුදල් ගෙවිමක් නොකර විවේකය නිදහසේ ගත කිරිමට ඇති එකම තැන ලෙස හැදින්විය හැකි පෝරුතොට  වැල්ලෙත් දැන් කානිවල් දාන්නට පටන් අරගෙනය
මේක අද ( 12 ) පටන් අරන් දෙසැම්බර් 16 වෙනකම් තියෙනවලු

මේ කානිවල්  එකට ඇතුළු විම නොමිලේ යැයි සදහන් කර තිබුණද ඇතුලට ගිය පසුව ඇත්තේ සල්ලි ගරන දේවල්ය.

දැන් මේ කානිවල් එක කරන්නෙ ඇත්තටම කව්ද කියල හොයල බලපුවාම  තමයි තේරෙන්නේ මේ අය කව්ද කියල
මෙහි ප්‍රධානියා එයාගේ නම හැටියට දාල තියෙන්නේ නමෙන් කෑල්ලක් විතරයි .මොකද සම්පුර්ණ නම දාගන්න බැ ඒ තරම් නොටොරිස්

මීගමුවේ දේශපාලන පවුල් එක්ක ගැවසෙමින්  මහජන මුදල් මහජන දේපල අයථා විදියට පරිහරණය කරන්න කප් ගහපු චරිතයක් කිව්වොත් නිවරදියි.

රාජපක්ෂ උද්‍යානයේ පිවිසුම් දොරටුවේදි නිකුත් කරන ප්‍රවේශපත් වල මුදල් ලක්ෂ ගානක් ගත්තා කියලත් චෝදනාවක් එල්ල වුනේ මෙයාට.

ලංස පවුලට ආවතේවකම් කරන නගර සභා සේවකය කණ්ඩායමේ ප්‍රධානියෙක්.

මෙදා සැරේ නත්තලට ගානක් කපාගන්න කියල හිතාගෙන නිති විරෝධි විදියට නත්තල් කඩ කිපයක් මිගමුවේ නගරයේ අටවගන්න කටයුතු කළා. කොමසාරිස්වරිය එදා හවසම මේ කඩ ටික කඩල දැම්ම

දේශපාලන හිතවත් කම් පාවිච්චි කරල වංගු ගහල ගාන කපන කෙනෙක් තමයි මේ දැන් පෝරුතොට වැල්ල අල්ලගෙන කානිවල් දාන්න හදන්නේ .
වෙරළ සංරක්ෂණයට සල්ලි දුන්නත් ප්‍රචාරක පුවරුවල තියෙන අන්දමේ කානිවල් එකක් කරන්න මෙහෙම පුලුවන්ද ?

මෙතන ෆුඩ් පෙස්ටිවල් එකක් දානව කියන එක තමයි ලොකුවට දාල තියෙන්නේ . ඉතින් මේ වගේ තැනක ෆුඩ් පෙස්ටිවල් එකක් දාන්න මිගමුවේ මහජන සෞඛ්‍ය පරි්ෂක අංශයේ ලොකු මහත්තුරු අවසර දුන්නද ? දන්සලක් දුන්නත් නිසි ප්‍රමිතිය ගැන අවසරය ඕනා .

ඉතින් දැන් මේ ලොකු මහත්තුරු ඒ සහතිකය, අවසරය දිලද ? එහෙම දුන්න නම් අදාල පරික්ෂණ සිදුකලාද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article