නීති විරෝධි ගොඩනැඟිල්ලේ ඉඳිකිරිම් නවතා දැමේ !

0
158

( 6.00 pm ) මීගමුව නගර මධ්‍යයේ පිහිටි ලාෆ් සුපරි වෙළඳසැල අසල ලහි ලහියේ ඉදිවන ගොඩනැගිල්ලක් පිළිබඳව පසුගිය දින කීහිපය තුළ තැනින් තැන විශේෂ කතාබහක් ඇති වී තිබුණි. වාර්තා වන පරිදි මහා නගර සභාවකට අයත් නගරයක ප්‍රධාන මාර්ගයකට මුහුණලා ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන නිර්ණායක පිළිබඳව සැලකිලිමත් නොවී, අනීතිකව මෙම ගොඩනැගිල්ල ඉදිකරන බව නගරයේ බොහෝ දෙනකුගේ අදහස විය.

කෙසේ වෙතත් වැඩිදුරටත් වාර්තා වූ පරිදි මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී මීගමුව මහා නගර සභාවේ නාගරික සැලසුම් නිලධාරිනියගේ අනුමැතිය පවා ලැබී නොතිබුන පසුබිමක  හිටපු නාගරික කොමසාරිස්වරයා මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අනීතිකව අනුමැතිය ද ලබා දී ඇති බවය.

ඒ හේතුව නිසාවෙන්ම නගර මධ්‍යයේ මෙලෙස ලහි ලහියේ ඉදිවන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ලෙසින් පසුගිය දින කිහිපය පුරා නගරයේ බොහෝ දෙනෙකු අතර මෙම ගොඩනැගිල්ල පිළිබඳව කතාබහට ලක්විය

ලහි ලහියේ ඉදිකරගෙන ආ එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදුකරමින් ඇති බවක් නොපෙනේ  .  ඒ පිළිබඳව විමසීමේදී දැනගන්නට ලැබුණේ වර්තමාන නාගරික කොමසාරිස්වරිය විසින් එම ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු මේ වන විට නවතා දමා ඇති බවය.

මහ නගර සභා ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ගොඩනැගිල්ල ඉදිරියේ ඇති මාර්ගයේ සිට අනුමත දුරකින් ඉදිකිරීම් කර නොමැති නිසා මෙන්ම , නාගරික සංවර්ධන අධිකාරියේ නිසි අවසරයක් පවා ලැබි නොතිබිම ගැටළු රැසක් නිර්මාණය කිරිමට තුඩු දි ඇති බවය.

. එලෙසම ගොඩනැගිල්ලේ එක් පසක් දිනපතා පොළ පිහිටි පැරණි සුපර් මාර්කට් එක පිහිටි පැත්තට වන්නට එම ගොඩනැගිල්ලේ වහලයක්ද ඉදිකිරීම සම්පූර්ණ නීති විරෝධී නිසා ද මේ වන විට වර්තමාන මීගමුව නාගරික කොමසාරිස්වරිය ගේ දැන්වීමකට අනුව මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව මෙලෙස නවතා දමා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here