( 6.00pm ) මීගමු වැල්ලේ මේ වන විට අනීතික ක්රියා රැසක් සිදුවෙමින් ඇතැයි එහි නිතර යන එන අය මෙන්ම විදේශිකයන්ද පවසන බව හෝටල් හිමියෝ පවසති.
වැල්ලේ ස්ථාන කීපයකම මත්පැන් පානය කිරිම මෙන්ම ඇතැම් අවස්ථාවන්හි බිමතින් හැසිරිම්ද සිදුවන බවට චෝදනා එමටය.
මත්පැන් පානය බෝතල් මෙන්ම ආහාර පාන රැගෙන එන දේවල් පවා කසල ලෙසින් වැල්ලේම බැහැර කරති.
මේ තත්වයන් පාලනය කිරිමට සංචාරක පොලිසියේ මැදිහත්විම ප්රමාණවත් නැතැයි හෝටල් හිමියෝ කියා සිටිති.
සංචාරක පොලිසියේ සේවය සඳහා යොදවා ඇති කාර්යමණ්ඩල සමාජිකයන්ද ප්රමාණවත් නැතිබවටද වාර්තාවේ..
කෙසේ වෙතත් මේ තත්වයන් පාලනය කිරිමට කඩිනම් වැඩපිළිවෙලක් ඇවැසි බවට හෝටල් හිමියෝ අවධාරණය කරති.