(10.00am )සුපිරි වෙළඳ සැල්ද ඇතුළු ව්‍යාපාරික ස්ථාන 20කට වැඩි ප්‍රමාණයකට එරෙහිව උසාවි ක්‍රියාමාර්ග ගැනිමට මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පසුගියදා කටයුතු කර තිබුණි.
කල්ඉකුත්වු භාණ්ඩ අලෙවිය සඳහා තබා තිබිම සුපිරි වෙළඳ සැල්වලට එරෙහිව තිබුන පොදු චෝදනාව විය. ආහාර පාන ක්ෂේත්රයේ ආපනශාලවල ආහාර ප්‍රමිතියෙන් තොරව ගබඩා කර තැබිම ,ආහාර පිසින තැන්වල අපිරිසිදුකම වැනි චෝදනාවන් වලට රු 8000ක පමණ දඩයක් උසාවියෙන් නියම කර තිබුණි.
තවදුරටත් වැටලිම් මෙහෙයුම් මේ උත්සව සමයේ ක්‍රියාත්මක බව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් මිපුරට කියා සිටියහ.