සංචාරකයන් නැති මිගමුවක් ! ලංසා පවුලට ප්‍රබල විරෝධයක් ?

0
193

මේ නත්තල් සමයේ මිගමුවේ හෝටල් හිමියන් බලා සිටියේ සංචාරක කලාපය සංචාරකයන්ගේ අවම තරමින් වත් පිරි යනු ඇතැයි කියාය.

එහෙත් මිගමුවට දැන් සංචාරකයන් පැමිණෙන්නේ නැත. සංචාරක කලාපයේ පාරවල් හිස්ය. විශාල වියදමක් දරමින් මේ හෝටල් පවත්වාගෙන යන සහ ඒ ආශ්‍රිත තවත් ව්‍යාපාරික  කටයුතු වල නිරතව සිටින අය දිනපතා අප අමතා ඔවුන් මුහුණ දෙන ගැටළු ගැන කියමින් සිය විරෝධයත් ශාපයත් එල්ල කර සිටිනුයේ ලංසා පවුල වෙතය.

මිගමුව අපිරිසිසු කුණු ගඳ ගසන නගරයක් බවට කර තිබිමත් හොරුන් සහ දාමරිකයන්ගේ නගරයක් බවට පත් කර තිබිමත් හේතුකොට ගෙන මිගමුවට සංචාරකයන් පැමිණෙන්නේ නැත.
මේ නිසාම සංචාරක ව්‍යාපාරික කටයුතු වල නියැලි සිටින අය කියා සිටින්නේන පසුගිය දශකයකට වැඩි කාලයක් තුල මිගමුවේ මේ කාලකණ්නි තත්වයට පත්කර තිබුනේ ලංසා පවුල විසින් බවය.

මැරයන්ගේ නගරයක් මෙන්ම අපිරිසිදු නගරයක් ලෙසන් නම් දරා ඇති මිගමුව මගහැර බොහෝ සංචාරකයන් ඇල්ල වැනි ප්‍රදේශ කරා යති.

මේ සංචාරකයන් මිගමුවට ආකර්ශනය කරගැනිම සදහා පසුගිය කාලය තුල මිගමුව ගොඩනැගුණේ නැත,
අද දිනයේ පවා නිති විරෝධි ලෙසින් ආදායම් ලබන බිච් පාක් එක නිසා දැවැන්ත  වාහන තදබදයක් මිගමුව සංචාරක කලාපය තුල පවති.

මිගමුවෙි පොලිසිය පවා සැබැවින්ම තාමත් ක්‍රියාත්මක වන්නේ රජයේ අරමුණු දිනා දිමටද නැත්නම් ලංසාලාගේ පවුලේ ආදායම් මාර්ග ආරක්ෂා කර දිමටදැයි හෝටල් ව්‍යාපාරිකයන් ප්‍රශ්ණ කර සිටිති

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here