මීගමුවේ වේලාව හොඳ වෙයිද ? 

0
94

( 10.00 am )  මිගමුවට වේලාව බලාගැනිමට කලක සිට නොහැකිව තිබුනේ ඒ සදහා ඔරලොසුවක් නොතිබුන නිසාය.දැන් ඈත සිටම වුවද වේලාව බලා ගත හැකි ඔරලෝසුවක්ද සහිත ඔරලෝසු කණුවක් තිබේ.

සැබැවින්ම මේ අගනා කටයුත්තට මුල පුරා එය කදිමට නිමකර තිබුනේ  මිගමු මහනගර සභාවේ කොමසාරිස්ධුරයෙන් සමුගත් රුවිනි මහත්මියයි .

ලංසා පවුලේ දුෂණ වලට පමණක් නොව ඔවුන්ගේ ගෝලබාලයන්ගේ රැඟිලිද කදිමට පාලනය කරමින් මහනගර සභාවට නිතිය සහ පිළිවෙල කැදවාගෙන එමින් සිටියදි ඇයට යන්නට විම සැබැවින්ම අභාග්‍යයකි.

මේ ගැන මීගමුවේ බොහෝ දෙනෙකුද ඊයේ දිනයේ විවිධ මට්ටම් වලින් කථා කරන්නට පටන් ගෙන තිබුණි.

වංචා දුෂණ වලට ඉඩ නොතබාම දුෂිතයන්ගේ රැගිලි පාලනය කරමින් නීතියට වැඩ කරන්ට ඇය කටයුතු කරමින් සිටි නිසාවෙනි.

ඇය වෙනුවෙට දැන් අලුත් කොමසාරිස්වරියක් පැමිණ තිබේ. ඇය මිගමුවට එවිම පිටුපස ගම්පහ දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙකු සිටින බවට රාවයක්ද පවති. කෙසේ වෙතත් මාලිමාවේ මේ අනුවන ක්‍රියාවේ තරම ඊයේම කදිමට පෙන්වා දි තිබුනේ මික් නොකියා සිටි දායන් ලංසලා යළිත් රඟන්නට පටන් ගෙන ඇති නිසාය.

සුපුරුදු පරිදි මහ නගර සභාවේ සම්පත් සිය හිතවතුන්ගේ උවමනාවන් වෙනුවෙන් ලබා දිම නව කොමසාරිස්වරියගේ පැමිණිමෙන් පැය 8 ක් යන්නටත් මත්තෙන් සිදුකරන්නට පටන් ගෙන තිබුන ආකාරය කරුණු සහිතව අප හෙළිදරව් කළෙමු

කෙසේ වෙතත් යම් දේශපාලන  සැලැස්මකට අනුව මිගමුව එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පෙළගස්සවා ගැනිමට අවංකව මහන්සිවෙමින් සිටි මාලිමාවේ  ප්‍රධාන ක්‍රියාකාරින්ට නම් දැන් වෙලාව බලාගැනිම හොද බව පමණක් වැටහේ……

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here