( 7.30 pm ) හිටපු නගාරික කොමසාරිස්වරිය පසුගිය කාලය තුල ක්රියාත්මක කළ දැඩි ප්රතිපත්තිය තුල ලංසා පවුලට සම්බ න්ධ කිසිවෙකුටත් කිසිදු බුරුලක් දි තිබුනේ නැත. නීතියට පිටින් වැඩ කිරිමට උත්සාහ කළ සැමට නිසි පිළිතුරු දිමටද ඇය පියවර ගෙන තිබුණි.
දැන් සිටින්නේ නව කොමසාරිස්වරියකි . ඇය පැමිණ තවමත් ගෙවි ඇත්තේ පැය 8 කටත් අඩු කාලයකි. ලංසා පවුල සුපුරුදු පරිදි මිගමුව මහනගර සභාවේ දේපල අයථා ලෙසින් සිය හිතවතුන් වෙනුවෙන් භාවිතා කිරිම අරඹා ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.
මහනගර සභාවට කිසිදු සම්බන්ධයක් නැති ලංසා පවුලේ හිතවතෙකුගේ මළ ගෙදරකට නගර සභාවේ කොඩි කණු නගර සභාවේ එල් . ඕ 1905 දරන සුදු පැහැති ටිපර් රථයෙන් අද සවස පටවා ගෙන ගොස් තිබේ.
වාර්තා වන අන්දමට දයාන් ලංසා විසින් ඉජිනේරු අංශයේ සුළු සේවකයෙකු අමතා කථා කොට මේ කටයුත්ත සංවිධානය කර ඇතැයි නගර සභා අරාංචි මාර්ග දක්වා සිටි.
කෙසේ වෙතත් මිගමුවේ මාලිමා ක්රියාකාරින් මේ සිදුවන්නට පටන් ගෙන ඇති දේ ගැන අලුත්ම දේශපාලන පාඩමක්ද ඉගෙන ගත යුතුව තිබේ.