මරණයේ සෙවනැලි හෙවත් ලසන්තගේ සොහොනට තවත් වසරක්

0
31

( 12.30 pm ) අදින් දහසය වසරකට පෙර ඇනීමෙන් මිනිසුන් මරා දැමීමට තැනූ ආයුධයක් බාවිතා කර දෙනෝදාහක් යනෙන පාරකදී මරා දැමුනු පත්තර සගයෙකුගේ මිනීවලක් මත ඉටිපන්දමක් පත්තු කරන්නට එකතු වූ කුඩා හිතවතුන් පිරිසකට මමද අද එකතු වුනෙමි. මට බොරැල්ල කනත්ත නුහුරු නුපුරුදු තැනක් නොවේය. එහෙත් අද මට එය ⁣සම්පූර්ණයෙන්ම, මා මීට කාලෙකට පෙර ආ බොරැල්ල කනත්ත මෙන් නොහැඟවේ. එය මට අද දැනෙන්නේ අනේක විද රහස් කන්දාරවක් සඟවා ගෙන සිටින භූමියක් ලෙසය. මේ භූමියට කතා කල හැකිනම් කෙබඳු කතාවක් කියනු ඇත්දැයි මට සිතේ. ඒ බිම අනන්ත අප්රමාණ වචන සහිත වූවද, නිහඬ බව එහි ව්යාකරණ බව මම දනිමි.

ඒ කෙසේ වෙතත්, මා සොහොන් කොත් අතරින් පිය නගමින්, එතෙක් නොදුටු කුඩා සොහොන් බිමක් සොයා පියවර මැන්නේ දුරදීම දැකිය හැකි විශාල සෙනගකගේ දර්ශණයක් දැකීමේ අපේක්ෂාවෙන්ය. එහෙත් මරණය දක්වා තමන් ළඟ සිටිනු ඇතැයි කාලයකට පෙර ලසන්ත වික්රමතුංග සිතා සිටින්නට ඇති, කුඩා පිරිසක් ඔහු පොලොවට දිරාපත්ව ඇති ඒ කුඩා බිම් කඩ අසල හිස් බිමට බරකරගන සිටියේය. ඔහු වෙනුවෙන් ඉටිපන්දමක් පත්තු කර පත්තර සගයන් ලෙස අප දෙදෙනා වෙත වූ මතකයන් මම මොහොතකට ආවර්ජනය කර පසෙකට වූවෙමි. එහි සිටි ඇතැම් පැරණි සගයන්ව මට හඳුනා ගත නොහැකි වුවත්, වසර ගනණකට පසුව මා දුටු දිල්රුක්ෂි හඳුන්නෙත්ති සහෝදරිය කණට කොඳුරා කීවේ “තව ටිකෙන් ඔයාගෙ සොහොනත් ඔය එහා පැත්තෙන් තියෙන්න තිබුනා” කියාය.

මා රටින් බැහැරව ගොස්, දින පහලොවකට පසු, ලසන්ත වික්රමතුංගව මරා දමමින් එතෙක් සීතල යුද්ධයක් පමණක්ව තිබූ ශ්රී ලංකාවේ ජනාමාධ්යට එරෙහි දැවැන්ත යුද්ධ පෙරමුණ විවෘත විය. එක් පසෙක පෑනත් කැමරාවත් ගත් මිනිසුන් සහ අනෙක් පසින් දැවැන්ත රාජ්ය යාන්ත්රණයක අඳුරු සෙවනැළි අතර හොඳින් පුහුණු වූ සන්නද්ධ කණ්ඩායම් විය. බලය විසින් උන්මත්තකයෙක් බවට පත් කල බෙලහීන මිනිහෙක් එම කණ්ඩායමේ අවසාන අණදෙන්නා බව සිවිල් සමාජයේ නොපිළිගන්නා අයෙකු නැත. එහෙත් නීතිය සහ එහි ක්රියාත්මක බව පිළිබඳ බරපතල සැක සංකා ඉතිරි කරමින් අදද, ලසන්තගේ මරණය පිළිබඳ ඔහුගේ හිතවතුන් සහ මානව ක්රියාධරයන් එම සොහොන් වල ළඟ සිටගෙන මෙනෙහි කරන්නේ, ලසන්තව මරා දැමීමට අණ දුන් අය විත්ති කූඩුවට නංවන දිනය කවදාදැයි මිසක් අනෙකක් නොවේය.

චෞර ග්රහණයෙන් මිදුනු මේ දේශපාලන වට පිටාව තුල, ප්රජාතන්ත්රවාදී රාජ්යයක් තුල අදහස් ප්රකාශ කිරීම නිසා මිනිසුන් ඝාතනය කර දැමීම නවතා දැමීමේ පරම උත්සාහය සඳහා පූර්වාදර්ශ සැපයීමට ලසන්තගේ ඝාතකයා පිටුපස සිටි අණදෙන්නා විත්ති කූඩුවට ගෙන ඒම අනිවාර්යය සාධකයක් බව සියළු මානව හිතවාදීන් සහ මාධ්ය සහෝදරවරු පිළිගන්නා බවට සැක නැත. මරාදැමූ අපගේ මාධ්ය සගයන් ඔවුන් ඝාතනයට ලක් වූ දින අනු පිළිවෙලින් ගත් විට, ලසන්ත වික්රමතුංග පලවෙනියා නොවන්නේය.

තේවිස් ගුරුගේ – ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, 1989 ජූලි 23
ප්රේමකීර්ති ද අල්විස් – ශ්රී ලංකා ගුවන් විදුලි හා රූපවාහිනී විකාශක, 1989 ජූලි 31
සාගරිකා ගෝමස් – රාජ්ය රූපවාහිනී නාලිකාව රූපවාහිනී සංස්ථාව, 1989 සැප්තැම්බර් 13
රිචඩ් ද සොයිසා – මාධ්යවේදියෙක්, මානව හිමිකම් ක්රියාකාරිකයෙක් සහ නළුවෙක්, 1990 පෙබරවාරි 18
කේ.එස්. රාජා – ජනප්රිය රේඩියෝ සිලෝන් නිවේදක, ඊපීඩීපී විසින් වස පානය කරන ලදී, 1994
රෝහණ කුමාර – 1999 සැප්තැම්බර් 7 වන දින සිංහල භාෂා පුවත්පතේ ප්රධාන කර්තෘ සටන
අත්පුතරාජා නඩරාජා – දෙමළ සතිපතා ප්රධාන කර්තෘ, 1999 නොවැම්බර් 2
මයිල්වාගනම් නිමල්රාජන් – යාපනයේ ජ්යෙෂ්ඨ මාධ්යවේදියා, 2000 ඔක්තෝබර් 19
අයියතුරෙයි නඩේසන් – ශ්රී ලාංකික දෙමළ මාධ්යවේදියා, 2004 මැයි 31
බාලන්දරාජා අයියර් – ශ්රී ලාංකික දෙමළ ක්රියාකාරිකයෙක්, ලේඛකයෙක් සහ කවියෙක්, 16 අගෝස්තු 2004
තාරකී සිවරාම් – ජනප්රිය දෙමළ මාධ්යවේදියෙක් , 2005 අප්රේල් 28
රයිලංගි සෙල්වරාජා – ජනප්රිය දෙමළ විකාශක සහ එක්-කාලීන නිළිය, 12 අගෝස්තු 2005
සුබ්රමනියම් සුගීර්ධරාජන් – 2006 ජනවාරි 24, දෙමළ දිනපතා සුඩර් ඔලි
සම්පත් ලක්මාල් ද සිල්වා – ස්වාධීන මාධ්ය සහ රූපවාහිනී මාධ්යවේදියා, 2 ජූලි 2006
සුරේෂ් කුමාර් සහ රංජිත් කුමාර සිද්ධිය – උදයන් යාපනය දෙමළ පුවත්පත, 2 මැයි 2006
සෙල්වරාජා රජිවර්නම් – යාපනයේ දෙමළ මාධ්යවේදියා, 2007 අප්රේල් 29
චන්ද්රබෝස් සුතාහරන් – 2007 අප්රේල් 16, දෙමළ සඟරාවක් වන Nilam හි කර්තෘ
පී. දේවකුමාරන් – දෙමළ රූපවාහිනී මාධ්යවේදියා, 2008 මැයි 28
ලසන්ත වික්රමතුංග – ශ්රී ලංකාවේ ඉහළ පෙළේ මාධ්යවේදියෙකු, දේශපාලනඥයෙකු, විකාශකයෙකු සහ මානව හිමිකම් ක්රියාකාරිකයෙකු, 2009 ජනවාරි 8

ලසන්තගේ වික්රමතුංග’ගේ නමින් පසුව මෙම ලැයිස්තුව නිම කිරීමේ ඓතිහාසික වගකීම ඇත්තේ ජනතාව විසින් පරමාධිපත්යය පවරා දුන් රාජ්ය අධිකාරියට බව ප්රතික්ශේප කල නොහැක. ඒ සඳහා ඇති උත්තරීතර ක්රියාමාර්ගය ඇත්තේ මෙතෙක් නීතිය නිසියාකරව ක්රියාත්මක වීම සඳහා බදා කරන පැරණි දේශපාලනයේ බලපෑම් ඉවත් කිරීමය. එය ලසන්තටත්, එයට පෙර මිය ගිය අපගේ සහෝදරවරුන්ටත් දැක්විය හැකි එම අවසාන ගෞරවයයි.

ඔහුගේ සොහොනට අවසන් ගෞරව දැක්වීමෙන් පසු, මා ලසන්තගේ සහෝදරයා වන ලාල් වික්රමතුංගට සමීප වී මාව හඳුන්වා දුන්නෙම්. “මට මතකයි ඔයාව අනුරුද්ධ, අපි ශිෂ්ඨ සම්පන්න රටක් ලෙස හිත හදාගෙන මෙතනින් ඉදිරියට යන්න නම්, මිනීමරුවාට නියෝග දුන් අය නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි.” –

Anuruddha Lokuhapuarachchi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here