මාලිමා මන්ත්‍රිලා සහ ජනතාව ?

0
35

( 8. 00 am ) පසු ගිය ආණ්ඩු විසින් ඇති කළ ආර්ථික අර්බූදයේ සියළු අහිතකර ප්‍රතිඵල මාලිමා ආණ්ඩුවට විසදීමට තවම හැකිව නැත. එසේ වන්නේ ඔවුන් විසින් ඇතිකළ එම අර්බූදය එතරම්ම සංකීර්ණ බැවිනි. සියළු ප්‍රශ්ණ සම්පුර්ණයෙන්ම විසදා නැති වූවත් යම් ප්‍රමාණයකට අවශ්‍ය පියවරයන් ආංඩුව විසින් ගනිමින් සිටිනු පෙනේ.

ඒ අතර, මාලිමා⁣වේ විරුද්ධ වාදීන් සියළු දෙනා ජනතාව අද මුහුණ දෙන සියළු ප්‍රශ්ණ මාලිමාවේ වරදින් ඇති වූ ඒවා යයි අගවමින්, මඩ පහර එල්ල කරමින් විවිධාකාර පදනම් විරහිත ප්‍රචාරයන් ගෙන යනු ලබයි. එවැනි ප්‍රචාර අනිවාර්යයෙන් ඔවුන්ගෙන් බලාපොරොත්තු විය යුතුය.

කෙසේ වෙතත්, ආණ්ඩුවට තනියෙන් මේ සියළු ප්‍රශ්ණ විසදිය නොහැක. විසදුම් සෙවීමේ ක්‍රියාවලියට ජනතාව දැනට වඩා හවුල් කරගත යුතු වේ. තවම එවැනි ක්‍රියාවලියක් තවම පහල තලයේ ක්‍රියාත්මක වන්⁣නේ නැත. එය හොද ලකුණක් නොවන බව කිව යුතු වේ.

තවද, තෝරා පත්වූ මහජන නියෝජිතයින් ජනතාවට තව තව සමීප විය යුතු වේ. ජනතාවට වඩ වඩා තමන්ව සමීපකරවන යාන්ත්‍රනයක් සකසා ගත යුතුය. ජනතාවගෙන් ඈත් වන්⁣නේ නම් ඔවුන් ඉබේටම ප්‍රභු පංතියට අයිති වනු ඇතැයි කිව යුතුය.

(සරත් ඉද්දමල්ගොඩ පියතුමාගේ.ෆේස් බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here