අගමැති හරිනි පත්කරපු කමිටුවෙන් මිගමු මහනගර සභාවට ගැන හොයන්න පටන් ගන්නේ කවදාද ?

0
115

( 10.00 am ) කොමිස් කුට්ටි වලට ලංකාවේ කප් ගැසු මන්ත්‍රිලා ඉන්නේ මිගමුවේ යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.
ඔවුන් බිල්ඩින් ඉක්මන්ම කඩන්නේ හදන්නම නොවන බව මීගමුවේ දි දැන් යළි යළිත් ඔප්පු වෙමින් තිබේ.


නව ගොඩනැගිලි ඉදිකිරිමට අතේ පිච්චියක් නැතිව තිබියදි ගොඩනැඟිලි කඩා දමා ඒවා ඉදිකිරිමට ටෙන්ඩර් කැදවන්නේ ඒ ටෙන්ඩර්කරුවන්ගෙන් ගත හැකි 20% කොමිස් නිසාමය.
මේ කොමිස් සෙල්ලම වාර්ථා වි තිබුනෙ කාමච්චෝඩේ කඩා දමන ලද ඩඩ්ලි මාර්කට් එකේ නව ඉදිකිරිම් අරභයාය.


2020 02.06. වන බ්‍රහස්පතින්දා පැවැති මහසභා රැස්විමේදි මෙහි ඉදිකිරිම් ටෙන්ඩරය දෙනු ලබන්නේ කාටද යන්න ගැන සාකච්ජාවේදි හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර ඇතුලු තවත් අයෙකු විරුද්ධ වි තිබුණි.

ඒ ඔවුන්ගේ පාර්ශවයේද ටෙන්ඩර්කරුවන් මේ වෙනුවෙන් බලා සිටින නිසාමය.
එබැවින් දැන් ඇත්තේ කඩා දමන ලද ගොඩනැගිල්ල ඉක්මනින් ඉදිකිරිමටත් වඩා කව්රුන් හෝ ටෙන්ඩරුවෙකු අන්දවාගෙන ඔහුගෙන් කොමිස් ගැනිල්ල ගැන තරගයක් බව මේ අය ඇත්ත දන්නා අයටම නම් හොඳ හැටි වැටහි තිබුණි.

සාමාන්‍යයෙන් ටෙන්ඩර්කරුවන් තේරිමේදි අනුගමනය කළ යුතු රජය පිළිගත් ක්‍රමයක් තිබේ. ඒ අදාල ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කරනු ලබන මිළට අනුව එවැන්නක් ඉදිකිරිමට ඇති සුදුසුකම් මත පමණක් මෙසේ ටෙන්ඩර්කරුවන් තේරිම සිදු කිරිම තුලිනි.

එහෙත් මිගමුවේදි වන්නේ අදාල සුදුසුකම් සදහා එවැනි ආයතනයක් හා ගිවිසුම් ගත වෙමින් ටෙන්ඩර් කොන්දේසිය සපුරා පසුව එය සුදුසුකම් නොබලාටම දෙවන පාර්ශවයක් වෙත ලබාදිමටය..නිදසුනක් ලෙස ගතහොත් මිගමුව නගරය මැද ඉදිවුන බස්නැවතුම් පළ ස්ක්‍යවර් මැක් නම් සුදුසුකම් ආයතනයක් වෙත ලබාදුන්නද පසුව එය ලබා දි තිබුනේ එවැන්නක් කිරිමට කිසිදු සුදුසුකමක් නැති මිගමුවේ අයෙකු හටය.
එහි අනිසංස දැක බලාගැනිමට නම් බස්නැවතුම් පලේ පළමු මහලෙන් ඉහලට නැග බැලිය යුතුවේ.

එ සැබැවින්ම ලංසා පාලනය තුල කරන්නට යෙදුන ලොකුම සුදු අලියාය.

( උපුටා ගැනිම meepura.com / 2020 .02.08 )

ඉහත සටහන අප කළකර තිබුනේ පසුගිය 2020 පෙබරවාරි මාසයේ 08 වනදාය.

අප යළිත්⁣ මේ කරුණ ගැන 2024 සැප් 28 පුවතක් පළ කළෙමු.

මිට වසර 4 කටත් ඉහතදි කඩිමුඩියේ කඩා දැමුනු ඩඩ්ලි මාකට් එක අදටත් වැඩ නිම කර නැතැයි අප එදා ලීවෙමු

. මේ සම්බන්ධයෙන් අප පසුගිය සැප්තැම්බර් මාසයේ දිනක මිගමුවේ සිටි දුෂිතම  නාගරික කොමසාරිස්වරයෙකු වන ලක්ෂ්මන්ගෙන්  විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ තවත් මසක් ඇතුලත එය සාදා නිමකරන බවය.

මේ සපකපට දුෂිත නිලධාරියා මිපුර වෙබ් අඩවියට මේ ප්‍රකාශය සිදුකොට දැන් මාස 4 කටත් වඩා  කාලයක් ඉක්ම ගොසින්ය.

හිටපු කොමසාරිස්තුමිය විසින්  මේ මස මැද සිට මාරු කර යැවිමට ලියුම්ද පිළියෙල කර තිබුණු මිගමුවේ තවත් දුෂිත නිලධාරියෙකු වන ඉජිනේරුවරයා අරභයාද චෝදනා රැසක්  මේ ගොඩනැගිල්ලට අදාලව පවති .

ලංසා පාලනය කප් ගසා තිබුනේ කඩන්නට මිස හදන්නට නොවේ . ඒ මන්දයත් ගොඩනැගිලි ඉදිරිකිරිම යනු ඒවා මහජන සුබ සිද්ධියට නොව ලංසා පවුලේ සහ ඔවුන්ගේ සහචරයන්ගේ  සැප වෙනුවෙන් විම නිසාමය.

මේවාට උඩ ගෙඩි දුන් නිලධාරි පැලැන්තියක්ද වේ. තරාතිරම නොබලා මේ සැමට එරෙහිව කටයුතු කිරිමට ජාතික ජන බලවේගය මුලිකත්වය ගන්නේ කවදාදැයි අප මහත් උනන්දුවෙන් දැන් මාස කිපයක සිට බලා සිටින්නෙමු.

විසිල් විතරයි බල්ටි නැද්දැයි දැන් අපට අසන්නට සිදුව ඇත්තේ මේ කම්බ හොරුන් නම් මිගමුවේදි බල්ටි ගැසිමට සුදානම් වෙමින් සිටින නිසාය.ඔවුන්ට තිබු ලොකුම හිසරදය මහින්ද ජයසිංහලා ,සුගත්ලා විසින් දැන හෝ නොදැන ඉවත්කර දමා ඇත.

හිටපු කොමසාරිස්වරිය ඉවත්කර නවකොමසාරිස්වරයෙකු මිගමුවට පත් කර එවිම සම්බන්ධයෙන් මාලිමාවේ ගම්පහ දිස්ත්‍රික් ලොක්කන් හට දැනටමත් බරපතල චෝදනාවක් මිගමුවෙන් එල්ලවි තිබේ.

දුෂිත ලංසා පවුලට එරෙහිව හිටපු කොමසාරිස්වරිය සැලසුම් කර තිබු ක්‍රියාමාර්ග නව කොමසාරිස්වරිය තව දුරටත් පමා කරන්නේ නම් එහි වගකිමද ජයසිංහලා සහ තිලකරත්නලා භාර ගත යුතුය.වෘත්තිය සමිති ගැනත් මලල ක්‍රිඩා ගැනත් දන්නා මේ අයට මිගමුවේ දේශපාලන යථාර්ථය ගැන නිසි අව⁣බෝධයක් නැතිබව මේ වන විට ක්‍රියාවෙන්ම ඔප්පු කර හමාරය.

මේ අතර රාජ්ය ආයතනවල සිදු වූ වංචා දූෂණ සොයන්න විශේෂ කමිටුවක් පත් කරන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසා තිබුණි

අග්රාමාත්යවරිය සඳහන් කරන්නේ රාජ්ය ආයතනවල සිදුව තිබෙන විවිධ වංචා, දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආයතනිකව කමිටු පත් නොකරන බවයි. ඒ සඳහා ක්රමවත් වැඩපිළිවෙළක් රජය සකස් කර ඇති බව අග්රාමාත්යවරිය වැඩිදුරටත් පවසන්නට යෙදුණි.

මේ අනුව මිගමුව නගර සභාව තුල පසුගිය දශක කිපය පුරාම සිදුව ඇති  බරපතල වංචා දුෂණ ගැන පුළුල් පරික්ෂණ සිදුකරනු ඇතැයි මිගමුවේ ජනයාගේ බලාපොරොත්තුවයි

මේ කටයුතු වලට අවශ්‍ය සම්බන්ධිකරණය කිරිමට නව කොමසාරිස්වරිය උනන්දුවකින් කටයුතු කරනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here