ලංසා පවුලෙ බඩියන් අත්සන් කර වැඩ නොකර රවුම් ගහයි? කොමසාරිස්තුමිය නිහඩ ඇයි ?

0
64

ලංසා පවුලේ බඩියන් කිපදෙනෙකුට ආදල හිටපු කොමසාරිස්වරිය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් කටයුතු කරමින් තිබුණද නව කොමසාරිස්වරිය පැමිණි පසුව තත්වය වෙනස් වුන බව අප මිට කලින් අවස්ථා කිපයකදි මතු කලෙමු.

නිමල් ලංසා මැතිවරණ ව්‍යාපාරයේ පෙරමුණේ සිටි මිගමුව මහනගර සභාවේ සෞඛ්‍යකම්කරුවෙකුට නව කොමසාරිස්වරිය පැමිණි පසු වැඩ ලැබුන අතර ඔහුගේ සේවා ස්ථානය වුයේ මිගමුව බස්නැවතුමයි.
ඒ බස් නැවතුමේ තැන තැන කෙලගැසිම ඇතුලු තවත් සෞඛ්‍යයට එරෙහිව කටයුතු කරනු ලබන අය ගැන නිරික්ෂණය කිරිමයි.

එහෙත් මේ වන විට ඔහු බොහෝ වෙලාවට කරන්නේ මිගමුව නගර සභාවෙ තුලම විවිධ නිරික්ෂණ කටයුතු මිස බස් නැවතුමේ ඒවා නම් නොවන බවට චෝදනාවක්ද මේ වන විට එල්ලවි තිබේ.

මේ අයිස්කාරයන් ගැන කොමසාරිස්වරිය නිහඩ ඇයි ?

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here