( 12.30 pm ) විවිධ ගැහැණුන්ගේ විවිධ වූ චර්යාවන් මවන තනි ගැහැනිය…
ඉර බටු තරුවෙන් පායා විත් අමුතු දොස්තර ළඟ නතර වූ මග්දලේනා..
සේමිනී ඉද්දමල්ගොඩ.
ගැහැණු දස දෙනෙක් ගතහොත් චර්යාවන් හැඩතල දහයකි. ඒ සියළුම ගැහැණුන්ගේ මායම් හැට හතරම දැනගෙන ඒ චරිත දහයම එක් ගැහැණියකට මවන්නට හැකිනම් …
ඇයත් එසේමය.
විවිධ රංග පරාසයන් තුළ එකිනෙකට වෙනස් වූ ගැහැණුන්ගේ භූමිකාවන් තිරය මත ප්‍රතිනිර්මාණය කරන ශක්තිමත් ගැහැණියකි.
ඉර බටු තරුවෙන් පටන් ගත් රංග ප්‍රතිභාව මග්දලේනා දක්වා රැගෙන ආඅ විවිධ පරාසයන්වල නතර වූ අපූරුු ගැහැනිය.
පුංචි තිරය වේදිකාව සිනමාව තුළ ස්වකීය අනන්‍යතාවය සහ හැකියාවන් ගෙන් පෝෂණය කරන්නට ඇයට හැකි විය.
විටෙක ප්‍රේමවන්තියකි! බිරිඳකි, දුෂ්ට ගැහැණියකි ,ගණිකාවකි, අන්සතු ළඳකි, විනෝදකාමී ගැහැනියකි ,සීරියස් පෙම්වතියකි,
එකී මෙකී නොකී සියලූම චරිතවල ජීවත් වූ ආදරණීය හිතවතියකි.
සේමිනී යනු ෆුල් පැකේජ් එකකි.
හැඟීම් වලට පණ දෙන්නට හැඟීම් වලින්ම චරිත තුළ ජීවත් වන්නට ඇති හැකියාව අති විශිෂ්ටය.
ගොවි ගම්මානවල දුක් විඳින ගැහැණියකගේ සිට කුරුඳුවත්තේ පොෂ් ගැහැණිය දක්වා චරිත අතර මාරු වන්නට ඇයට ඉතා ලෙහෙසියෙන් හැකිය
සිය පෙනුම පවා වෙනස් කර රඟපෑ කම්මිත්ත ඇගේ රංගන පෙළහරේ සුවිශේෂ චරිතයකි.
නේත්‍රා මංගල්‍යයේ අහිංසක පුණ්නී වූ ඇය ම යර්ස්බොස් හී දඟකාර රෝශිනි වූවාය.
ඇගේ රංගන පෙළහැරේ මා දුටු විශිෂ්ටම තම නිමැවුම් තුනකි.
1.කරුවල ගෙදර පොඩි හාමිනේ
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ හිතේ මැවුණු පොඩි හාමිනේට ඇය ජීවය දුන්නාය ඉවසීම දරා ගැනීම දාරක ප්‍රේමය හා අත්හැරීම තුළ ඇගේ රංග වින්‍යාසය ප්රබලය.
2.ස්වයංජාත පබිලිනා.
වරදක් නොකර වැරදි කාරියක් වූ පබිලිනාගේ හදගැස්ම අපටද දැනෙන්නට ඇය චරිතය තුළ ජීවත් වූවාය.
3. එයා දැන් බැඳලා සුද්දි.
ගණිකාවකට මේ තරම් අනුකම්පා කරන ආදරයක් ප්රේක්ෂකයන්ගෙන් දැනුණු ප්‍රථම අවස්ථාව මේ විය හැකිය.
සුද්දී තරම් මානසිකව කායිකව විඳවපු ගැහැනියක් නැති තරම්ය.
හැඟීම් වලින් විතරක් කොහොමද රඟපාන්නේ කියලා දැනගන්න නම් ආපහු සුද්දි කියවන්න.
විශාල චිත්‍රපට ප්‍රමාණයක අර රඟපෑවාය නමුත් යකඩ පිහාටු තුළ කෙටි චරිතයක් වූ සුරංගී ව අමතක කළළ නොහැක.
සිනහව අතරින් අසම්මත පෙමක හිර වූ ගැහැණිය සංවේදීව අපේ හිත් පතුලේ පවතී.
විසි අටෙහි සුද්දීද එලෙසමය.
කලු සුදු අළු ඕනෑම මාදිලියක චරිතයකට ඇය ඔට්ටුය.
තත්පරයක් දෙන්න තුළ රැඩිකල් බ්‍රිජට් නෝනා කොහොම අමතක කරන්නද.
එසේම කර්කශ පොළවේ ජීවත් වූ අමුතු දොස්තරගේ මග්දලේනා සුවිශේෂීය.
පිටපතට එහා ගිය ස්වකීය රංග භාවිතය අතික්‍රමණය කළ රංගවේදනයකි.
විවිධ ගැහැණුන්ගේ චරිත වලට ජීවය දුන් මෙම සංවේදී ගැහැණියටඉදිරියටත් තවත් ගැහැණුන්ගේ චරිත තිරය මත ජීවත් කරවන්නට ශක්තිය ලැබේවා…
දයාබර සේමිණි අක්කේ ආදරෙයි හැමදාම
වගේ.
…………………………………………………………….
✍️ ශාන් ඉද්දමල්ගොඩ