ගුවන් පථයේ කුරුල්ලන් එලවීමට යැවු අහස්කූරක් නිල රථයටම වැටී පුපුරයි – තිදෙනෙකු රෝහලේ

0
65

 

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථය අසළ ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුළු රංචුවක් පළවා හැරීම සදහා , ඔවුන් වෙත එල්ල කළ අහස් කූරු වර්ගයට අයත් පුපුරන ද්‍රව්‍ය සහිත වෙඩි ප්‍රහාරයක් , යළිත් නොපිපිරී , ඔවුන් ගමන් කළ කැබ්රථය මතට ඇද වැටී පිපිරීමෙන් 01/20 දින දහවල් ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා මීගමුව මහ රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුළත් කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

කටුනායක ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් වෙත 01/20 දින දහවල් 11.45 ට පමණ ගුවන් තොටුපොළ ධාවන පථයට ඉහළ අහසෙහි පක්ෂි රංචුවක් , ගුවන් ගමන් වලට බාධා වන අයුරින් පියාසළමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව එම නිලධාරීන් තිදෙනකු කැබ් රථයක් මගින් ගුවන් ධාවන පථය අසළට ගොස් , එම පක්ෂි රංචුව පළවා හැරීම සදහා අහස් කූරු වැනි පුපුරන ද්‍රව්‍ය අඩංගු වෙඩි ප්‍රහාරයක් , එම පක්ෂි රංචුව දෙසට එල්ල කර තිබේ .

එම වෙඩිල්ල නොපිපිරී යළිත් , එම නිලධාරීන් ගමන් කළ කැබ් රථය මතට ඇද වැටී තිබේ .

ඒ වනවිටත් තවත් එවැනි වෙඩි කීපයක් එම රථය තුළ තිබී ඇති අතර , ඒවා ද , එකවරම පිපිරීමට ලක් වීමෙන් , හදිසි ගින්නක් ඇති වී තිබේ .

ඒ සමගම කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ගිනි නිවීම් රථ කීපයක් යොදා ගනිමින් එම ගිනි ගැනීම මැඩ පවත්වා තිබේ .

මෙම සිදු වීමෙන් මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා , ප්‍රතිකාර සදහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එම නිලධාරීන් ගමන් කළ කැබ් රථයට ද හානි සිදු වී තිබේ .

කටුනායක ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here