බීච් පාක් එකේ ඉරණම තීරණය කෙරෙන තිරණාත්මක සාකච්ජාව අද ( 22 ) ?

0
69

( 9.00 am ) මීගමුව බිච් පාක් අය නගර සභාවේ පාලනයට නැවත ලබාගැනිමට මාලිමා පාලනයට තවමත් නොහැකිව තිබිම ගැන මිගමුවේ මාලිමා ක්‍රියාකාරින්ගේ මෙන්ම සමාජ ක්‍රියාකාරින්ගේ දැඩි කළකිරිමට සහ ඇතමුන්ට එරෙහිව දැඩි විරෝධයකටද හේතු වි තිබේ.

මිගමුවේ ඇතැම්  රාජ්‍ය නිලධාරින්ගේ බිච් පාක් එක ගැන පවා මිගමුවේ හතර කොන්  ගැනවත් නිනව් නැතිවිම මේ වැඩේ ආණ්ඩුව බලයට පත්ව දින 100 ක්ද ඉක්මවා ගියද කරගන්නට බැරිව තිබේ.

එපමණක් නොව මිගමුවට ගැන විමසා බලන්නට පැමිණෙන මාලිමා ප්‍රධානින්ට පවා මේ ගැන ඇත්ත අවබෝධයක් නැත. ඒ ගැන අවස්ථා කිපයකදිම ඉතා පැහැදිලිව පෙනි ගොස් තිබේ.

පසුගිය 17 වනදා පැවැති සම්බන්ධිකරණ කමිටු රැස්විමේදිද එය විසදෙනු ඇතැයි මාලිම  ක්‍රියාකාරින් බලා සිටියද සිදුව තිබුන පරණ ආණ්ඩුවලට හැදි තිබුන කමිටු ලෙඩේ මාලිමා ප්‍රධානින් හරහා මිගමුවට බෝවි තිබිමයි.

එදා පත්කළ කමිටුව අද පෙ.ව. 10 ට මිගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි රැස්විමට නියමිත අතර ඒ සදහා ප්‍රධාන රාජ්‍ය නිලධාරින්ට අමතරව මාලිමා නියෝජනය කරමින් නියෝජිතයන් 5 දෙනෙකු නම් කර ඇතැයි දැනගන්නට ඇත.

මේ පිරිසෙන් බිච් පාක් එකේ සැබෑම තත්වය ගැන දන්නේ මාලිමාවේ නියෝජනය කරනු ලබන 5 දෙනෙනාගෙන් දෙදෙනෙකු පමණක් බව තතු දන්නෝ කියා සිටිති

මේ ඇතැම් පත්කිරිම් වලට පදනම දන්නේද එම පත්කිරිමට මැදිහත්වු මාලිමාවේ ලොක්කන්ම පමණක් බව මිපුර අමතා කථා කළ ජාතික ජනබලවේගයට පසුගිය මැතිවරණ දෙකේදිම ඡන්දය භාවිතා කළ පිරිසක් කියා සිටියහ

මේ ඇතමුන් බිච් පාක් එක නැවත ජනතා අයිතියට පත් කිරිම සදහා කිසිදු මැදිහත්විමක් නොකලා පමණක් නොව මිගමුවේ ජනයාගේ අයිතින් පිළිබද අරගල  වලදිදි  බොහෝ විට කිසිවෙකුත් දැක නැති අය බවටද   කිසිදු සැකයක් නම්  නැතැයි තවදුරටත් ඔවුන් අවධාරණය කර සිටිති.
මෙවර මාලිමාවේ පළාත් පාලන මැතිවරණයට කොට්ටාශ මට්ටමින් එන බහුතරයක් දෙනා මුහුණ දෙන අභියෝය වි ඇත්තේද මෙයයි.

මේ වැඩි පිරිසකට  මිගමුවේ ජනතා ප්‍රශ්ණ ගැන නිසි අවබෝධයක් නැතිවා පමණක් නොව ඒ කිසිදු අවස්ථාවකට ක්‍රියාකාරි මැදිහත්විම්ද නොකළ අය බවටද  ප්‍රකටය

අදවත් බිච් පාක් දැනට නිති විරෝධි ලෙසින් පරිහරණය කරනු ලබන හොර නඩයෙන් ජනතා අයිතියට පත්කරගැනිමට හැකිවේද ?

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here