මිගමු මහනගර සභාව දැන් ආරාජික වෙමින් ඇතිද යන සැකයක් එහි සේවක සේවිකාවන් තුල පවා පැතිර යමින් ඇත්තේ ලංසා පවුලේ ගජයන් නව කොමසාරිස්තුමියගේ පාලනය යටත් හිතුමතේ වැඩකරන්නට පටන් ගෙන තිබිමත් නිසාය.
නව කොමසාරිස්වරිය පැමිණ දවසේම දයාන් ලංසා තම හිතවතෙුක්ගේ මළ ගෙදරකට නගර සභාවේ කොඩි කනු නගර සභා වාහනයකින්ම රැගෙන ගොස් තිබුණි.
දැන් වාර්තා වන්නේ තවත් බරපතල කරුණකි. එනම් ලංසා පවුලේ ගජයෙකු වු එක්තරා සේවකයෙකු රාජකාරි වෙලාව තුල මිගමුවේ නගරයේ අවහන් හලක් තුල බියර් පානය කරමින් සිටිමේ සිදුවිමකි.
මහ නගර සභාවේ ප්රධානිනන් අතර ඊයේ පැවැති රැස්විමකදිද මේ ගැන සාකච්ජා වි තිබුන බව සැලය.
මෙවැනි බරපතල වැරැද්දක් කළ අයෙකුට විනය පරික්ෂණයක් තබා නිසි පියවර කඩිනමින් ගත යුතුව තිබුනද එවැන්නක් සිදුවේද යන්න තුල මේ වන විට සැකයක් මතුව ඇතැයි මිපුර අමතා කථා කළ සේවකයන් පිරිසක් කියා සිටියහ.
දැනට වාර්තා වන අන්දමට මේ සිදුවිම මිට දින දෙකකට ඉහතදි සිදුව ඇතැයි පැවසේ