( 8.00am ) ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දෙමළ ජනතාවට කළු දිනයක් බව යාපනය ප්‍රකාශ කළේය. විශ්ව විද්‍යාල සිසුන් අද විරෝධතා දැක්වූහ.
මේ අතර කිලිනොච්චියේ කළු නිදහසේ විරෝධතාවය සඳහා විශාල පිරිසක් එක්ව තිබුණි.
දමිළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ,අතුරුදන් වුවන්ගේ පවුල් වල සමාජික සමාජිකාවන්,ඇතුළු විශාල පිරිසක් කිලිනොච්චි නගර මධ්‍යයේ විරෝධතාවයක නියැලි සිටියහ.
දෙමළ ජනයාට ශ්‍රී ලංකාවේ නිදහස් දිනය – පෙබරවාරි 4 දිනය- කළු දිනයක් බවට උතුරු-නැගෙනහිර අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන් සහ සිවිල් සංවිධාන දේශපාලන හා සමාජ ක්‍රියාකාරින් කිලිනොච්චියේදී විරෝධතා පා ගමනක නිරත වූහ.
ඔවුන් බලකර සිටියේ යුක්තිය සහ වගවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් උවමනා බවයි.
📷 Kumanan Kana/කාර්තික් හම්සන්