

මීගමුවේ ස්ථාපිත මෙම දොන් බොස්කෝ මධ්‍යස්ථානයේ ආරම්භය කොහොමද සිදුවුනේ ?
මේ ආයතනය ආරම්භ කරන්නේ ප්‍රංශ ජාතික පියතුමෙක් වන හෙන්රි රෙමරි කියන පියතුමා ඒ 1956 වසරේ. හැබැයි ඒ මෙතන නොවෙයි.ඒ කියන්නේ මේ මීගමු පුරවරයේ නෙමෙයි. කොළඹ , දැන් ඔය සුගතදාස ක්‍රීඩාංගනය තියෙන්නේ, අන්න ඒ ප්‍රදේශයේ තමයි දොන් බොස්කෝ මධ්‍යස්ථානයක් මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ.ඔය හෙන්රි රෙමරි කියන පියතුමා ඉන්දියාවට යන්න ගියේ. නමුත් ඉන්දියාවෙන් එතුමට වීසා ලැබුණේ නෑ.ඊට පස්සේ එතුමා ලංකාවට ආවා. එහෙම ලංකාවට ඇවිල්ලා තමයි ඔය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය ආසන්නව දොන් බොස්කෝ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්නේ. ඒත් එතන මාස කීපයකට වඩා ඉන්න ලැබුනේ නැහැ. ඒ කියන්නේ මාස කීපයකට වඩා එතන ඒ මධ්‍යස්ථානය කරගෙන යන්න බැරි වුණා. ඊට පස්සේ හෙන්රි රෙමරි කියන මේ පියතුමා මීගමුව, ඒත්තුකාල දේවස්ථානයට ඇවිල්ලා,එතන ඉඳලා සැලසුම් කරනවා, මේ මීගමුව ප්‍රදේශයේ දොන් බොස්කෝ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න. ඔන්න ඔය විදිහට තමයි, මේ මීගමුවේ දොන් බොස්කෝ මධ්‍යස්ථානය ආරම්භ කරලා තියෙන්නේ.එතකොට මේ මීගමුවේ දොන් බොස්කෝ මධ්‍යස්ථානය ආරම්භ වෙලා තියෙන්නේත් 1956 වසරේම තමයි.
දොන් බොස්කෝ මධ්‍යස්ථානය ආරම්භ කරන්න මූලික වුණු හේතු කාරණා මොනවද ?
මේ මධ්‍යස්ථානය ආරම්භ කරන්න මූලික වෙලා තියෙන්නේ ඉතාලියේ , ටියුරින් ප්‍රදේශයේ උපත ලැබූ දොන් බොස්කෝ කියන පියතුමා. එතුමා දුප්පත් පවුලක කෙනෙක්. එයාගේ කුඩා කාලයේදී ම පියා මිය යනවා . ඒ මාගරට් කියන මෙයාගේ මව , ඒ පියාගේ මිය යෑමත් එක්ක බොහොම අමාරුවෙන් කරදර මැද්දේ තමයි මෙයාව ඇති වැඩි කරන්නේ. මේ මවට පුළුවන් කමක් නෑ මේ දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. ඔය අතරෙදි මේ දරුවා වයස අවුරුදු නවයක් විතර වගේ වෙද්දි එක්තරා දවසක සිහිනයක් දකිනවා, ඒ සිහිනයේදී ඔහුට කතා කරන්නේ ජේසු සමිඳානන්. ඒ සිහිනෙන් කියවෙන්නේ තරුණ දුවා දරුවන්ව යහපත් මාර්ගයකට ගන්න නම් ඔවුන්ට ආදරයෙන් කරුණාවෙන් කතාබහ කිරීම වගේම ආදරයෙන් සැලකීම අතවශ්‍යයි කියලා. ඒ සඳහා ඔබව තෝරා ගත්තා කියන පණිවිඩය එයාට ලැබෙනවා. ඉන්පසුව ඔහුට වැටහී යනවා මේක විශාල කාර්යභාරයක් කියලා. මෙයාගේ ඥාතීන් මේකට විරුද්ධ වෙනවා.ඒත් එයාගේ මව අර මාගරට් කියන ස්ත්‍රිය ඔහුට කියනවා කවුද දන්නේ ඔයා පියතුමෙක් වෙන්න ඉන්නවද කියලා. මෙන්න මේ සිදුවීම තමයි ඔහුගේ ජීවිතයේ යම් පෙරළියක් කරන්නේ. පසුව ඔහු සෙමනේරියට බැඳිලා හොඳට ඉගෙනගත්තු පියතුමෙක් බවට පත් වුනා. ඒ අනුව ඔහු පළවෙනි ලෝක යුද්ධෙන් පස්සේ දවසක් ටියුරින්වල යද්දි දකිනවා සෑම තැනම වාගේ ළමුන් අනාථ වෙලා ඉන්නවා.හරි හමන් කෑමක් බීමක් නැතුව,බලාගන්න කෙනෙක් නැතුව, ඒ වගේම ඉන්න හිටින්න තැනක් නැතිව. සමහර ළමයින්ගෙන් වැඩ ගන්නවා, පැය අටකටත් වැඩිය වැඩ ගන්න අවස්ථා දැක්කා. ඒ වගේම හිර ගෙවල් වල ගියහම හිර ගෙවල්වල ළමුන්ගෙන් පිරිලා ගිහිල්ලා. මෙන්න මේ වගේ තත්ත්වයකදී ඔහු දවසක් ඒ ප්‍රදේශයේ නගරාධිපතිව හමු වෙනවා. ඔහු නගරාධිපතිට කියනවා මේ ළමයිව හිර ගෙවල්වල දාලා මෙයාලාව මෙහෙයවන්න බලාගන්න බෑ. මෙයාලගේ අනාගතය වෙනුවෙන් හොඳ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් ඒකත් වැඩක් වෙන්නේ නෑ. පස්සේ මෙයාව දේවස්ථානයෙන් ධනවත් පවුල් වල ආගමික වැඩසටහන් සඳහා යොමු කරනවා. නමුත් මේ පියතුමා තෝරගන්නේ ඒ ධනවත් පවුල්වලට සේවය කිරීම නෙවෙයි. මේ පාරේ අනාථ වෙලා ඉන්න ළමයින්ට සුභසාධනය සලසන්න ට පුරෝගාමී වෙනවා.එහෙම හිතලා මේ පියතුමා කුලියට තැනක් හොයාගෙනමධ්‍යස්ථානයක් හදුවා. එතනට එන ළමයින්ට ඉන්න හිටින්න, කෑම බීම වගේ දේවල් එතුමාට හැකි ආකාරයට සපයලා දුන්නා. ඒවගේ මෙතෙන්ට එන ළමයින්ට හොඳ නරක කියල දීලා යහමගට ගන්න පුළුවන් මොන විදිහට හරි යම් අධ්‍යාපනයකුත් ලබා දීලා එතුමා ඒ විදිහට වැඩ කටයුතු කළා.හැබැයි මේ කාර්යභාරය සඳහා සමාජයෙන් හොඳක් අහන්න බැරි වුණා. මොකද මෙතන හිටියේ මවුපියන් නැති චණ්ඩි ගතිගුණ තියෙන අකීකරු ළමයි. නමුත් දොන් බොස්කෝ පියතුමා ඒ ළමුන්ට පුදුමාකාර විදියට ආදරය කෙරුවා.හරියට කියනවා නම් ඒ ළමුන්ගේ පියා බවට පත්වුණා. සමහර වෙලාවට මේ ළමයින්ට කන්න බොන්න දෙන්න එයාගේ අම්මගේ මගුල් මුද්ද පවා විකුණලා සල්ලි හොයා ගත්තා කියලත් පත පොතේ සඳහන් වෙනවා.
දැන් යුරෝපයේ වගේම ඉතාලියෙත් දොන් බොස්කෝ පියතුමා කිව්වහම පුදුමාකාර විදියට ප්‍රසිද්ධයි.මොකද දොන් බොස්කො පියතුමා කියලා කියන්නෙම තරුණයන්ගේ යාළුවා සහ ගුරුවරයා .ඔය විදිහට තමයි එතුමාව මුළු යුරෝපය වගේම ඉතාලියෙත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. අපේ රටවල් වල එතරම් ප්‍රසිද්ධ නැති වුණාට. පිට රටවල්වල බොහෝමයක් පාසල් දොන් බොස්කෝ පියතුමාගේ නමින් තමයි කැප කරලා තියෙන්නේ. එතුමා හැම තිස්සේම කියපු දෙයක් තමයි තරුණ දුවා දරුවන්ව හදන්න නම් ආදරය කියන දේ අත්‍යවශ්‍යමයි කියලා. ඒත් එක්කම මෙතුමා කියපු අනිත් දේ තමයි අපි මේ දරුවන්ට ආදරේ කරනවනම් ඒක කරන්න ඕනේ අපි ඒ අයට දැනෙන්නම, ඒ කියන්නේ දැනෙන ආදරයක් අපි එයාලට දෙන්න ඕනේ කියන එක. ඒ වගේම එයා නිතරම කියපු දෙයක් තමයි වැඩ කරන්න කියන එක. work work work we are rest in heaven . ඒ කිව්වේ ” වැඩ කරන්න ,වැඩ කරන්න ,වැඩ කරන්න, අපි විවේක ගන්නේ ස්වර්ගයේ ” කියලා. ඒත් එක්කම දොන් බොස්කෝ පීයතුමා කියලා තියෙනවා මගේ නිකායට එන කෙනෙකුට කාරණා තුනක් දෙනවා,පළවෙනි එක තමයි වැඩ,දෙවෙනි එක තමයි කෑම බීම, තුන්වෙනි එක තමයි ස්වර්ගය. මෙන්න මේ කාරණා තුනම ලැබෙනවා මෙතනට සම්බන්ධ වුනොත් කියලා තමයි එතුමා ප්‍රකාශ කළේ. දැන් මමත් මේ නිකායේ පියතුමෙක් හැටියට මමත් මෙතන වැඩ කරනවා. සතුටින් ඉන්න ඕන නම් වැඩ කරන්න ඕනා. කියන මතයේ තමයි මමත් ඉන්නේ. ඒ අනුව කෙටියෙන්ම ගත්තොත් අනාථ වී සිටි තරුණ දරුවන් නිසා තමයි මේ මධ්‍යස්ථානය බිහිවෙන්නේ.
දැන් 1956 පටන් ගත්තු මේ දොන් බොස්කෝ මධ්‍යස්ථානය මගින් තරුණ පරපුර සඳහා තිබෙන වෘත්තීය පුහුණු පාඨමාලාවන් මොනවද ?
මේ මධ්‍යස්ථානය හරහා අපි පටන් ගත්තේ තරුණයන්ට කාර්මික දැනුම, එසේත් නැත්නම් කාර්මික ක්ෂේත්‍රයේ විවිධ අංශ හරහා අධ්‍යාපනය ලබාදීම. ඒක හුඟක්ම වෘත්තිය පුහුණු අධ්‍යාපනයක් කිව්වොත් වඩාත් නිවැරදියි. එතකොට 1956 ප්‍රංශ ජාතික හෙන්රි රෙමරි කියන පියතුමා මේ මධ්‍යස්ථානය ආරම්භ කරනකොට ප්‍රථමයෙන්ම පටන් අරගෙන තියෙන්නේ ලේත් මැෂින් ඒ කියන්නේ ලියවන පට්ටල්, ඒ වගේම වෑල්ඩීන්, ගරාජ් වැඩ වගේ පාඨමාලා තමයි පටන් අරගෙන තියෙන්නේ ඒ කාලයේ අද වගේ දියුණු නෑ ඉතින් අතින් කරන වැඩ තමයි හාර්ඩ් වර්කින් ඒ කියන්නේ ( hard working ) අමාරු සහ දුෂ්කර කාර්යයන්, පසු කාලයේදී තමයි ඉතින් ඕවා වැඩිදියුණු වෙලා මේ යන්ත්‍ර සූත්‍ර හරහා වැඩිපුර මහන්සි නොවී කරගන්න පුළුවන් තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ.
එතකොට ඒ කාලේ එහෙම වුනාට අද වෙද්දි අපි තවත් වෘත්තිය පුහුණු පාඨමාලා ගණනාවක් මේ මධ්‍යස්ථානය හරහා තරුණ තරුණියන්ට පුහුණු කරනවා. වුඩ් වර්ක් , කා(ර්)පෙන්ට්‍රි ඒ කියන්නේ වඩු වැඩ, “මෙටල් පැබ්රිකේටර්” සහ පිටින්ස් මේ යටතේ අපි සියලුම වෑල්ඩින් ජාති උගන්වනවා . ඒත් එක්කම අපි ලේත් මැෂින් එහෙම නැත්නම් ලියවන පට්ටල් වැඩ ,වායු සමීකරණ,මෝටර් මැකෑනික්, මේ පාඨමාලාවට තමයි ළමයි ගොඩක්ම තරුණ ළමුන් අතර හුඟක් ප්‍රසිද්ධ
මේ පාඨමාලාවට එකට ළමයි 150ක් විතර ඉන්නවා.ඊළඟට අපේ තියෙනවා පේස්ට්‍රි සහ බේකරි පාඨමාලාව ඒකට ළමයි 104 ක් විතර වගේ ඉන්නවා. ඊළඟට මෙතන තියෙනවා ජල නළ , ප්ලම්බින්ග් පාඨමාලාව, ඒ එක්කම තියෙනවා ඉලෙක්ට්‍රිකල් පාඨමාලාව සහ ඉලෙක්ට්‍රොනික්ස් පාඨමාලාව තියෙනවා. ඒවගේම කොම්පියුටර් සහ කොම්පියුටර් හාඩ්වෙයාර්, තව රූපලාවන්‍ය හා කොණ්ඩා මෝස්තර පාඨමාලාවක් තියෙනවා. භාෂා පාඨමාලාවන් මේ මධ්‍යස්ථානයේ පවත්වනවා .මේ විදිහට ගත්තහම අපේ මේ මධ්‍යස්ථානය තුළින් පාඨමාලාමන් පාඨමාලාවන් 14 ක් වගේ සංඛ්‍යාවක් අපි මෙහෙයවනවා.
ඒත් එක්කම මම දැනගන්න කැමතියි ඉදිරි කාලයේදී මේ මධ්‍යස්ථානයේ පවත්වන්නට අදහස් කරන පාඨමාලාවන් සහ අධ්‍යාපන කටයුතු වගේම රජය හරහා ක්‍රියාත්මක වන පාඨමාලන් ගැනත් විස්තර ටිකක් ?
ඔව්, අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී මේ මධ්‍යස්ථානය තුළින් හවසට ඉංග්‍රීසි මාධයෙන් පන්ති පවත්වන්න. ඒ එක්කම කේම්බ්‍රිජ් ස්කූල් එකේ ඒ කියන්නේ විදේශ අධ්‍යාපනය සඳහා වන විභාග වලට අදාළ වන පාඨමාලාන් අපි මේ මධ්‍යස්ථානයේදී ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා . ඒ වගේම අපි බොහෝම මෑතකදී ආරම්භ කරනවා මෙතන සංගීත ඇකඩමියක්. මේ දවස් වල ඒ සඳහා අවශ්‍ය කරන සංගීත භාණ්ඩ අපි සපයා ගනිමින් ඒ පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. නුදුරේම ඒකත් අපි පටන් ගන්නවා. මොකද දොන් බොස්කෝ පියතුමා හැමතිස්සෙම කියපු කාරණයක් තමයි, සංගීතයක් නැති දොන් බොස්කෝ නිවස හරියට අර ආත්මයක් නැති ශරීරයක් වගේ කියලා. ඒනිසා සංගීතය කියන එක දොන් බොස්කෝ මධ්‍යස්ථානයක තිබිය යුතු ප්‍රධානතම අංගයක්.
මෙම මධ්‍යස්ථානය තුළ රජය සහ සම්බන්ධව ඒ කියන්නේ රජයේ උදව් ඇතිව පාඨමාලාවන් 05 ක් කරගෙන යනවා, මේ වෙද්දි. එකක් අපි මුලින් කිව්ව කාපෙන්ට්‍රි එහෙම නැත්නම් වඩු වැඩ. අනිත් එක ප්ලම්බින්ග්, ජල නළ පාඨමාලාව, ඒ වගේම කොම්පියුටර් හාර්ඩ්වෙයාර් ඒත් එක්කම ඉලෙක්ට්‍රිකල්ස් සහ ඉලෙක්ට්‍රොනික්ස් කියන මේ පාඨමාලාවන් රජය හා සම්බන්ධ පාඨමාලාවන් විදිහට මේ මධ්‍යස්ථානයේදී කරගෙන යනවා.
අපි අහලා තියෙන විදිහට දැන් මේ මධ්‍යස්ථානයෙන් පවත්වන පාඨමාලාවන් වලට අය කරන්නේ බොහොම සුළු මුදලක්. දැන් එහෙම තත්ත්වයකදී මේ වගේ මධ්‍යස්ථානයක් මේ වගේ ආයතනයක් පවත්වාගෙන යන්නට එහෙම නැත්නම් නඩත්තු කරන්නට මූල්‍ය පහසුකම් සකසා ගන්නේ කොහොමද ?
ඇත්තටම කිව්වොත් අපිත් දොන් බොස්කෝ පියතුමා වගේ දෙවියන් වහන්සේ ගැන ලොකු බලාපොරොත්තුවකින් සහ විශ්වාසයකින් ඉන්නේ. අර දොන් බොස්කෝ පියතුමා කිව්වා වගේ අපි දුප්පත් මිනිස්සුන්ටම සේවය කරන්න ඉන්නවානම් අපි ඒ පරමාර්ථයෙන් පිට යන්නේ නැතිනම් දෙවියන් වහන්සේ අපිව අමතක කරන්නේ නෑ. ඒ වගේම අපිව අත්හරින්නේ නැහැ.ඔය කියන්නේ අපි දුප්පත් ළමයින්ට සේවය කරනකන් අපිට එන ආර්ථික ප්‍රශ්න ගැටළුවක් වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය තුල අපි විශාල ගමනක් මේ වෙද්දීත් ඇවිල්ලා තියෙනවා. දැන් බලන්න මම මෙතනට ඇවිල්ලා මාස 04 යි. මෙතනට ස්පීකර් දාන්න අවශ්‍ය වුණා ඒ වගේම මේ දේවස්ථානයට ස්ක්‍රීන් දාන්න අවශ්‍ය වුණා, ඔය වාගේ තවත් වැඩ කිහිපයක්ම අපි මෙතන සිදු කළා, ඒවා ඒ වැඩ වලට යම් මුදලක් වැය වෙනවා, ඉතින් ඒ හැම වැඩකටම වගේ මෙතනට එන බොහෝ දෙනෙක් අපිට උදව් කෙරුවා වගේම ඒ අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. අපි ඒ කටයුතු ඉතා හොඳට සහ බොහොම ලස්සනට කරගත්තා. අපිට උදව් කරන්නේ මේ වටේ පිටේ ඉන්න සහ මේ මීගමුවේ ඉන්න අය විතරක් නෙමෙයි. පිට පළාත්වල වගේම පිටරට ඉන්න අය,සමහර වෙලාවට අන්‍ය ආගම් අදහන අයත් මෙතනට උදව් කරනවා. මොකද අපේ සේවාව අපි සපයන්නේ ජාති භේද ආගම් භේද ඒ වගේම දුප්පත් පොහොසත් භේද ගැන නොසලකා. දැන් මේ මධ්‍යස්ථානයේ මුස්ලිම් ළමයිනුත් ඇවිත් මේ පාඨමාලාවන් හදාරනවා. මොකද දොන් බොස්කෝ පියතුමා කිව්වේ ඔබ තරුණයෙක් නම් ඒක තමයි ඔබේ එකම සුදුසුකම කියලා. ඉතින් අපිට අනිත් භේද, ප්‍රශ්න අපිට අදාළ වෙන්නේ නෑහැ. අපි විශ්වාස කරන්නේ අපි හැමෝම දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා පමනයි.
දැනට මෙම මධ්‍යස්ථානය තුළින් කොපමණ සිසුන් සංඛ්‍යාවක් මේ පාඨමාලාවන් හදාරා තිබෙනවාද සහ මේ වන විට මධ්‍යස්ථානයේ කොපමණ සිසුන් ප්‍රමාණයක් පාඨමාලාවල් හදාරනවාද කියලත් දැනගන්න කැමතියි?
මේක මුලදී පටන් ගන්නකොට ශිෂ්‍යයෝ 05 දෙනෙක් 06 දෙනෙකුගෙන් තමයි ආරම්භ කරලා තියෙන්නේ. මේකේ ඉගෙනුම ලබපු පස්වැනි ශිෂ්‍යයා මිය ගිහිල්ලා තියෙන්නේ දැනට අවුරුදු 07 කට විතර වගේ කලින්. එතකොට මේක ආරම්භ කරපු රෙමරි පියතුමාව දැකපු අයත් තවම ඉන්නවා . දැනට දස දහස
කට වඩා වැඩි ප්‍රමාණයක් මෙතැනින් පාඨමාලා හදාරලා නික්ම ගොස් තියෙනවා. මේ වෙද්දි මේ මධ්‍යස්ථානයේ ශිෂ්‍යයෝ 560 දෙනෙක් අපේ පාඨමාලා හදාරනවා. මේ මධ්‍යස්ථානය ආරම්භ කරපු රෙමිරි පියතුමාගෙන් පස්සේ අපේ ලංකාවේ පියතුමන්ලා 15 දෙනෙක් විතර වගේ මෙතන විදුහල්පති ධුරයට එහෙම නැත්නම් අධ්‍යක්ෂක ධුරයට පත්වෙලා ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මම මෙතන අධ්‍යක්ෂක සහ විදුහල්පති ධූරයට පත්වුනු 16 වැනි හෝ 17 වැනි පියතුමා වෙන්න ඇති.
වෙනත් වෘත්තීය පුහුණු පාඨමාලා මධ්‍යස්ථානවල දකින්නට නොලැබෙන විදිහේ සංගීත, නැටුම් වගේ කලාවන් පැත්තටත් විශේෂයෙන්ම ක්‍රීඩාව පැත්තටත් යොමුවුණු පසුබිමකුත් මේ මධ්‍යස්ථානය තුළ දක්නට ලැබෙනවා. ඒ ගැන විස්තරත් දැනගන්න කැමතියි ?
ඔව් , ඒක මෙහෙමයි. දොන් බොස්කෝ පියතුමා හැමතිස්සේම කිව්වේ දුවන්න පනින්න නටන්න ගයන්න ඒත් පව් නොකරන්න කියලා. ඒත් එක්කම තව දෙයක් අපේ පියතුමන්ලාට කිව්වා, ඔයාලා පළමුවෙන්ම තරුණයෝ කැමති දේට කැමති වෙන්න. ඒ කාලය පැමිණුනාම ඔයගොල්ලෝ කැමති දේකට තරුණයෝ කැමති වෙයි කියලා. ඉතින් තරුණ ළමයි කොහොමත් කැමතියිනේ පික්නික් යන්න ,අපි එක්කන් යනවා. තරුණ ළමයි කැමති සින්දු දාලා නටන්න ,අපි ඒකත් දෙනවා. තව තරුණයෝ කැමතියි මියුසික් ඉන්ස්ටෘමන්ට් ප්ලේ කරන්න, අපි ඒකත් දෙනවා. ඒ වගේම තව තරුණයෝ කැමති ක්‍රීඩා කරන්න අපි ඒකත් දෙනවා. ඒත් එක්කම අපි හැමදාම සිකුරාද පූජාවට අපේ මේ සියලුම දරුවන්ට ආරාධනා කරනවා,එතනදී කතෝලිකද මුස්ලම් ද කියලා අපේ භේදයක් අපේ නෑ. මොකද අපි හිතන්නේ අපි එකම දරු කැලක් කියලා.එත් එක්කම සිංහල හින්දු අලුත් අවුරුදු ආවහම අපි සියලුම දෙනා ඒක සමරනවා. එවාගේම අපි හැමදාම උදේට මෝනින් ටෝක් එකක් දෙනවා. ඒක සමහර වෙලාවට ජීවිතයේ අධ්‍යාත්මය පැත්තෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජයමය පැත්තෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමාජයේ තියෙන ගැටලු , එහෙම නැත්නම් සමාජයේ කොහොමද හැසිරෙන්නේ කියනවා වගේ මාතෘකාවට අදාල වෙන්න පුළුවන්. ඒ විදියට ඒ හැසිරීම හදාගන්න තමයි අපි හැමදාම මේ මෝනින් ටෝක් එකක් දෙන්නේ.අනික අපි මේ තරුණයන් සමඟ හැසිරෙන්නේ මහා ලොකු උදවිය විදිහට නෙවෙයි. එයාලගේ මට්ටමේම ඉන්න සහෝදර සහෝදරියෝ විදිහට.ඒ වගේම එයාලගෙන් බලාපොරොත්තු වෙන විනය අඩු කරගන්න දෙන්නෙ නෑ අපි.හැමදාම එයාලගේ රැවුල කොන්ඩේ යුනිෆෝම් එක චෙක් කරනවා. දැන් මෙයාලාගේත් ප්‍රශ්න තියෙනවා. මොකද විවිධ විවිධ සමාජ වලින් එන ළමයි මේ. පෙළක් ළමයින්ට ගොඩක් තරහ යනවා. සමහර ළමයින්ට ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වාගේ ප්‍රශ්න වලටත් අපේ පියතුමෙක්ව යොමු කරලා තියෙන්නේ කවුන්සිලින් වලට ඒ කියන්නේ මේ මානසික උපදේශන සේවාවට. තව දෙමළ භාෂාව කතා කරන ළමයි ආවොත්, උතුරේ ඉන්න ගුරුවරයෙක් අපි මේ කවුන්සිලීන් සඳහා යොමු කරලා තියෙනවා.
ඒත් එක්කම දැන් අපි මෙහේ පාඨමාලා සඳහා අය කරන්නේ බොහොම සුළු මුදලක් නේ. සමහර ළමයින්ට ඕකත් ගෙවා ගන්න අමාරු නම් එයට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි රජයේ වැඩසටහන සමඟ සම්බන්ධ වීම අනික් එක, මාර්ටින්ස් පවුන්ඩෙෂන් එහෙම නැත්නම් මාටින්ස් පදනම , ඒකෙන් අපිට උදව් කරනවා, මේ විදිහට මුදල් ගෙවා ගන්න බැරි ළමුන් වෙනුවෙන්. එයාලත් මෙතනට ඇවිල්ලා ඒවාගේ සේවාවක් සලසන්නේ අපි මෙතන හොඳ තත්ත්වයක් හදාගෙන තියෙන නිසාත් මෙතන තියෙන විනය සහ අපි සේරම මෙතන කැපකිරීමෙන් වැඩක් කරනවා කියන එක එයාලට හැඟී ගිහින් තියෙන නිසයි.
දොන් බොස්කෝ කියන නමත් එක්ක සම්බන්ධවුණු ෆුට්බෝල් එහෙම නැත්නම් පාපන්දු ක්‍රීඩාව අද තියෙන තත්ත්වය ගැන මොකක්ද කියන්න තියෙන්නේ?
දොන් බොස්කෝ ටීම් එක ඒ කාලේ චැම්පියන් ලීග් එකටත් ක්‍රීඩා කෙරුවා. ඒ කියන්නේ ප්‍රීමියර් ලීග් එකට. ඒත් පසුව මෙරටට බලපාපු කොරොනා වසංගතය සහ රටෙි ඇති වුනු ආර්ථික ප්‍රශ්න නිසාත් ඒත් එක්කම ලංකාවට ෆුට් බෝල් පෙඩරේෂන් එකෙන් ආව ප්‍රශ්න නිසාත් අපි විවිධ ගැටලුවලට මුහුණ දුන්නා. දැන් ඔය ඊයේ පෙරේදා තමයි ආයේ ලියපදිංචි කරන්න කියලා දන්වලා එවලා තිබුනා. මම හිතන්නේ දැන් දින කිහිපයකට කලින් අපි ලියාපදංචි වුනා. දැන් ඉතින් ඒක ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඒ සම්බන්ධව කටයුතු කරන්නේ වෛද්‍ය හෙන්රි රොසාරියෝ මහතා. එතකොට අපි නැවත ටීම් එක හදනවා, මෙතන ඉගෙන ගන්න සහ මේ ප්‍රදේශය ආශ්‍රිතව මෙතනට ක්‍රීඩා කරන්න එන තරුණ ළමුන්ට ඒ හා සම්බන්ධ වෙන්න පුළුවන්..
දැන් මේ මධ්‍යස්ථානය තුලින් ඉදිරි කාලයේදී හඳුන්වාදීමට අදහස් කරගෙන සිටින නව පාඨමාලාවන් මොනවාද ?
මේ වෙද්දී අපි මේ මධ්‍යස්ථානයෙන් පාඨමාලාවන් 14 ක් දැනට කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා මීළඟ අප්‍රේල් ඉඳලා “හයිබ්‍රිඩ් ඇන්ඩ් ඉලෙක්ට්‍රිකල් ” අංශය ආරම්භ කරන්න. අපි හිතනවා ඒකෙන් ලොකු වාසියක් සිදුවෙයි කියලා අපේ ලමයින්ට. ඒවාගේම අපි මේ අවට ඉන්න ලමයින්ට පටන් ගන්නවා, ඉංග්‍රීසි මාධ්‍ය පාසලක්. ඒ කියන්නේ පාසලෙන් පස්සේ අපි උගන්වනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන්. මේක ආෆ්ටර් ස්කූල් තමයි සිදු වෙන්නේ. එතකොට ඒකේ දවස් තුනක් ඉංග්‍රීසි උගන්වනවා. ඒත් එක්කම හුඟාක් ළමයින්ට ප්‍රශ්නේ තියෙන්නේ ගණිතය විෂයනේ, එතකොට සම්පුර්ණ එක දවසක් අපි ගණිතයම උගන්වනවා. ඒත් එක්කම තව දවසක් අපි ගන්නවා “කවුන්සිලින් ඇන්ඩ් සයිකොලොජි” කියන විෂයට . ඒ කියන්නේ මානසික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය වර්ධනය සඳහා වන උපදේශනය. මොකද අපි නොහිතුවට අද වෙද්දී හුඟාක් පොඩි ළමයි ගත්තාහම ,ඒ ළමයි ජීවත් වෙන්නේ දුකින්. එයාලාට හරිහැටි ඉගෙන ගන්න බැහැ කියලා කියන්නේ එක්කෝ එයාගේ ගෙදර ප්‍රශ්න වැලක්. අනිත් එක විභාග මානසික තත්ත්වය .අන්න ඒ වගේ ප්‍රශ්න වලින් මිදෙන්න තමයි අපි මෙතන පොඩ්ඩක් සෙල්ලම් කරලා අර සතුට නැවුම්ව විඳින්න පුළුවන් විදිහට මෙම මධ්‍යස්ථානය හරහා ළමුන් වෙනුවෙන් යමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.මොකද ළමයාගේ මානසික තත්ත්වය ගැන බොහෝ දෙමව්පියන්ට වැටහීමක් නෑ. පාසල් ගිහින් ඇවිල්ලා ළමයා දුකින් ඉන්නකොට මවුපියන් හිතන්නේ බොහෝ වෙලාවට, ළමයට මහන්සි නිසයි මෙහෙම ඉන්නේ කියලා. මොකද ළමයාව තේරුම් ගන්න බැරිනම් එතන විශාල ප්‍රශ්නයක්. ළමයෙකුව තේරුම් ගන්න පුළුවන් ක්‍රම සහ විධි තියෙනවා. ඉතින් ඒ හැම දේකින්ම විශේෂයෙන්ම සංගීතය සහ ක්‍රීඩාව තුලින්ද අපි බලාපොරොත්තු වෙන්නේ ළමයෙකුගේ යහපත් කායික වගේම මානසික වර්ධනයක්.
පියතුමනි ඔබතුමා ගැනත් අපි විස්තර ටිකක් දැනගන්න කැමතියි.
මම හලාවත කෝට්ටාපිටිය ප්‍රදේශයේ. මගේ පියා සුළු වශයෙන් ව්‍යාපාර කටයුතු වල යොදනු පුද්ගලයෙක්. මගේ පවුලේ මමයි තව මට බාල සහෝදරියන් දෙන්නෙක් ඉන්නවා. මම පියතුමෙක් වෙනවට මගේ පියා එතරම් කැමැත්තක් දැක්වුයේ නැහැ.මම උසස් පෙළ හදාරලා ඊට පස්සේ මම දොන් බොස්කෝ සෙමනේරියට ගියා.මාස හයක් මම එතන හිටියා. ඉන්පසුව පෙරආගමිකාරාමයට එහෙම නැත්නම් මේකට කියන්නේ නොවිෂෙඩ් කියලා ,එකට ගියා. ඒක තියෙන්නේ කොටදෙනියාවේ. එතන මම අවුරුදු දෙකක් හිටියා,එතන ඉන්නැද්දී මම දර්ශන වාදය එහෙම නැත්නම් පිලෝසොපි කියන විෂය ඉගෙන ගත්තා. ඊට පස්සෙත් තව අවුරුදු 02 විතර ගියාට පස්සේ මාව ඉතාලියට යැව්වා, දේව ධර්මය ඉගෙන ගන්න. ඊට පස්සේ මට මාධ්‍ය ඉගෙන ගන්න කිව්වා.2004 අවුරුදු තමයි මම පූජාත්වරය ලැබුවේ.පසුව මම ආයෙත් ඉතාලියට ගියා, මගේ අධ්‍යාපන වැඩ කටයුතු ඉවර කරලා එන්න. ඊට පසුව ලංකාවට ආපහු සැරයක් ආවා.ආයෙත් ඉතාලියට ගියා. 2012 මම ලංකාවට ආවා මාව උතුරු ප්‍රදේශයේ සේවයට යෙදෙව්වා ඒ කියන්නේ මුරුන්ගන් ප්‍රදේශයේ.වසර තුනක් එහි සේවය කෙරුවා.නොච්චියාගම, මැටියාගනේ, ඒ වගේම මොනරාගල බිබිල ප්‍රදේශයේ ඔය සෑම තැනක මම සේවය කළා. ආපහු සැරයක් මාව කොටදෙනියාවට දැම්මා. ඉන් පසුව තමයි ඒ කියන්නේ මීට මාස 04 කට පමන පෙර තමයි මීගමුවේ මේ මධ්‍යස්ථානයට මම ආවේ.
අවසාන වශයෙන් අපි දැනගන්න කැමතියි මෙම මධ්‍යස්ථානයෙන් වෘත්තිය පුහුණු පාඨමාලාවක් හදාරන්න බලාපොරොත්තුවන තරුණ දරුවෙකුට ඒ සඳහා යොමු විය යුත්තේ කෙසේද ?
මෙම මධ්‍යස්ථානය හරහා උගන්වන පාඨමාලාවන් වල විස්තර සහ ඒ පාඨමාලාවන් වලට බඳවා ගන්නා කාලසීමාව ආදී තොරතුරු අපි අන්තර්ජාලය තුලින් විශේෂයෙන්ම අපේ ෆේස්බුක් පිටුව (face book -. Don Bosco, Negombo) හරහා අපි දැනුම් දෙනවා.ඉතිං ඒ විස්තර අනුව කෙනෙකුට එහි සඳහන් වෙන අපේ දුරකථන අංක වලට කතා කරලා මෙතනින් විස්තර ලබාගෙන මේ පාඨමාලාවන් වලට යොමු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතනට ඇවිල්ලම අපිව හමුවෙලා කතාබහ කරලා, මේ පාඨමාලාවන් සඳහා යොමු වෙන්නත් පුළුවන්. මම නම් හිතන්නේ හොඳම දේ අදාළ කෙනාම ඇවිල්ලා , තමන් කැමති පාඨමාලාව තෝරා ගත්තොත් තමයි වඩාත්ම හොඳ කියලා.