PTA අහෝසි කරන්න – ආණ්ඩුවට පෙත්සමක්

0
45

ඖෂධ, අත්‍යවශ්‍යය ආහාර සහ පාසල් උපකරණ සඳහා පණ වා ඇති වැටි බදු ඉවත් කරන ලෙසත් එලෙසම
” ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ” වහාම අහෝසි කරන ලෙසත් ඉල්ලා වර්තමාන රජයට බල කරමින් පෙත්සමකට අත්සන් ලබා ගැනිමේ වැඩසටහනක් අද (21/02/2025) මීගමුව බස් නැවතුම්පොළ අසලදී පැවැත්විණි.

මෙය සංවිධානය කරන ලද්දේ මීගමුව,මහජන කවුන්සිලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් විසිනි. මෙම පෙත්සම සඳහා අත්සන් ලබා ගැනිමේ වැඩසටහන සඳහා මහජන කවුන්සිලයක් සඳහා වන ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික, නීතිඥ නුවන් බෝපගේ මහතා ඇතුළු මහජන කවුන්සිලයේ ක්‍රියාකාරී වූ පිරිසක් සහභාගි වූහ.
එහිදී එම නියෝජිතයන් ප්‍රකාශ කළේ වර්තමාන ජන බලවේග ආණ්ඩුව විපක්ෂයේ සිටියදී සහ ඔවුන් ඉදිරිපත් කළ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළද ඖෂධ ,අත්‍යවශ්‍ය ආහාර සහ පාසල් උපකරණ වල වැට් බද්ද ඉවත් කරන බව ට සඳහන් වුවද මෙම වර්තමාන ආණ්ඩුව සිය ප්‍රථම අයවැය මගින් ද අයි.එම්.එෆ් (IMF) කොන්දේසි මත වැට් බද්ද 15 % සිට 18% වැඩි කර ඇති බවයි. ඒ අනුව මෙම පෙත්සම අත්සන් කිරීම තුළින් රජයට බල කරන්නේ එලෙස වැඩිකර ඇති වැට් බද්ද ඉවත් කරන ලෙසට හෝ එය අඩු කරන ලෙසයි.

මෙලෙස මෙම පෙත්සම අත්සන් කිරීම සඳහා අනෙක් මූලික කරුණ වන්නේ ” ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” ( PTA ) වහාම අහෝසි කරන ලෙස නව ආණ්ඩුවට බල කිරීමයි. ඒ අනුව මෙම පනත සම්බන්ධව නව ජන බලවේග පක්ෂය විසින් ප්‍රකාශ කර තිබුණේ තමන් බලයට පත්වූ පසු මෙම පනත වහා අහෝසි කරන බවයි. එහෙත් ඒම පනත අහෝසි කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත. ඒ නිසා ඖෂධ අත්‍යවශ්‍ය ආහාර සහ පාසල් උපකරණ වලින් වැට් බද්ධ ඉවත් කිරීමට හෝ වැට් බද්ධ අඩු කිරීමට පියවර ගැනීමටත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉක්මනින්ම අහෝසි කරලීමට
රජයට බල කිරීම සඳහා මෙම පෙත්සමට අත්සන් ලබා ගැනීමේ මෙස වැඩසටහන සංවිධානය කළ බව මහජන කවුන්සිලයක් සඳහා වන ව්‍යාපාරය වෙනුවෙන් එක් වු මෙම ක්‍රියාකාරී පිරිස පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here