රැන්කා ” සිප් ඇන්ඩ් ස්මයිල් ”  

0
53

 

පෝෂණය, ප්‍රතිශක්තිකරණය සහ ශරීර සුවතාවය මේ සෑම දෙයක්ම අපිට ලැබෙන ප්‍රධාන ආහාර වර්ගයක් තමයි ෆෘට්ස් එහෙම නැත්නම් පළතුරු කියලා කියන්නේ. මේ වෙද්දී බොහෝ දෙනෙක් ,පෙර නොවූ විරූ ලෙස  නැවුම් පළතුරු තම දෛනික ආහාරයට එකතු කරගන්නට යොමු වෙලා තියෙනවා.  ඒත්  අපි ගන්න බොහෝ පළතුරු  පිරිසිදු , සෞඛ්‍යාරක්ෂිත , නැවුම් බවින් යුත් පළතුරු ද  කියන ප්‍රශ්නය අප හමුවේ තියෙනවා. මොකද බොහෝ තැන් වල පිළියෙල කරන  ජුස් වලට එහෙමත් නැත්නම් සැලඩ් වලට ඇතුළු වෙනත් පළතුරු යොදා පිළියෙල කරන ආහාර  බොහොමයකට කෘතිම රසකාරක කෘතිම වර්ණක වගේ මිනිස් සිරුරට අහිතකර දේ යොදනවා.ඉතින් මෙන්න මේ ප්‍රශ්නය  නිසා පිටස්තර තැන් වලින්  පළතුරු ආහාරයට ගන්න එක බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කරලාත් තියෙනවා.
             ඉතින් අද අපි මේ ඔබට කියන්නට යන්නේ විවිධ විදිහට  ඒ කියන්නේ ජුස් විදිහට සහ සැලඩ් විදිහට  පළතුරු ආහාරයට ගන්න පුළුවන් විදිහට  බොහෝම පිරිසිදුව සෞඛ්‍යාරක්ෂිතව සහ කෘතිම රසකාරක කෘතිම වර්ණක නොයොදා  පිළියෙල කරන අලුත් ස්ථානයක් ගැනයි.
මේක තියෙන්නේ මීගමුව පුරවරයට නුදුරින් කොළඹ පාරේ කටුනායක, 18 කනුව මංසන්ධියේ,  අපි කවුරුත් දන්න එවාගේම, දශක ගණනාවක් තිස්සේ ජනතා විශ්වාසය උපරිමයෙන්ම දිනාගත්තු පවුලේ අවන්හලක් තමයි, කටුනායක, 18 කණුව මංසන්දියේ තියෙන රැන්කා ෆුඩ් හවුස්  අවන්හල. අන්න ඒ රැන්කා ෆුඩ් හවුස් අවන්හල පිහිටි පරිශ්‍රයේම තමයි ,අපි අද මේ විදිහට ඔබට හඳුන්වාදීමට යන මේ පළතුරු වලින් විවිධ ආහාර පාන වර්ග හදන මේ අලුත් ස්ථානය පිහිටලා තියෙන්නේ. මේකේ නම තමයි ” රැන්කා සිප් ඇන්ඩ් ස්මයිල් ” ” ( RANKA ,Sip and Smile ) ”
මේක වෙන තැන්වලට වඩා වෙනස්ම තැනක්. පළතුරු යොදාගෙන පිළියෙල කරන ආහාරපාන තමයි මෙතන වැඩිපුරම තියෙන්නේ.
ඉතින් මෙතනට එන ඔබට නැවුම් සහ තත්ත්වයෙන් උසස්  පළතුරු යොදාගෙන පිරිසිදුව සහ සෞඛ්‍යාරක්ෂිතව  පිළියෙල කර දෙන ජූස් වර්ග වගේම සැලඩ් වර්ග ඔබේ සිතැඟි අනුව ඔබේ කැමැත්ත අනුව පිළියෙල කරගන්න පුළුවන්. මෙතනට පැමිනෙන ඕනෑම කෙනෙකුට, මෙතන තියෙන මේනු එකෙන් කැමති දෙයක්  ඕඩර් කරන්න පුළුවන්. මේනු එකෙන් ඕඩර් කරන දේ එවලේම මෙතැනින් පිලියෙල කර දෙන්න   රැන්කා සිප් ඇන්ඩ් ස්මයිල් ” එකේ  ඉන්න අය සැදී පැහැදී ඉන්නවා. මේ තැන මෙහෙයවන්නේ ප්‍රියදර්ශනී ගනේගොඩ මහත්මිය. ඇය වෘත්තීයෙන් බැංකු නිලධාරිනියක්. ඇය මේ වන විට විශ්‍රාමිකයි. ඉතින් ඇයට අවශ්‍ය වෙලා තියෙන්නේ ,  දෛනිකව විවිධාකාරයේ  ශරීරයට අහිතකර දේවල් කැමෙන් බීමෙන් ලෙඩ වෙලා ඉන්න බොහෝ දෙනෙකුට මේ වගේ පළතුරුවලින් පිළියෙල කරන ආහාර පාන වලින් යම් සුවයක් ලබාදීමයි. ඒ ආකාරයට ඇය පවසන ඒ පරමාර්ථය, යහපත් පරමාර්ථයක් නිසා තමයි අප මේ

 ” රැන්කා සිප් ඇන්ඩ් ස්මයිල් ”  ස්ථානය ඔබට හඳුන්වා දෙන්නට පවා  අදහස් කළේ.
මේ අලුතෙන්ම ස්ථාපිත වුණු ”   රැන්කා සිප් ඇන්ඩ් ස්මයිල් ” ගැන එය මෙහෙයවන පියදර්ශනී ගනේගොඩ මහත්මිය වැඩිදුරටත් අප හා මේසේ පැවසුවා ” මෙතන අපි ආරම්භ කලේ මීට මාස 07 කට පමන කලින්. . මෙතනට එන කෙනෙකුට නියම ස්වභාවික ෆෘට් ජුස් වගේම ෆෘට් සැලඩ් වර්ග කීපයක්ම රස විඳින්න පුළුවන්. එයට අමතරව අපි ළඟට එන පාරිභෝගිකයන්ට අවශ්‍ය නම් ඖෂධීය ගුණ සපිරි විශේෂිත පළතුරු වලින් හදන ” හර්බල් ෆෘට් ජූස් වර්ග කිහිපයක්ම මෙතන තියෙනවා. අනෝදා, නෙල්ලි, කාමරංගා, ඇඹරැල්ලා, දෙලුම්, වෙරළු, ඇඹුල් දොඩම් පැණි දොඩම් සහ ඩ්‍රැගන් ෆෘට් වගේ ඖෂධීය ගුණ සපිරි පළතුරු වලින්ම පිළියෙල කරදෙන ජුස් වර්ග මෙතන  තියෙනවා. මේවා මෙතනට එන අයගේ කැමැත්ත අනුව තමයි අපි පිළියෙල කර දෙන්නේ.  ඒ වගේම අපි ගාව තියෙනවා නියම ස්වභාවික “ඇලෝ වේරා”  ඒ  කියන්නේ කෝමාරිකා පානයක්. කොමරිකා කියලා කියන්නේ පලතුරක් නොවුනත් ඒකත් ශරීරයට ගුණදායක පානයක් විදිහට මෙතනට එන හුඟක් අය  අපෙන් ඉල්ලනවා.
ඒ වගේම මෙතනට එන අයට රස බලන්න පුළුවන් “මිලක්ෂේක්” වර්ග කීපයකුත් ඒ වගේම “ලැසීස්ෂේක් ” වර්ග කීපයකුත් අපි මේ වෙද්දී හඳුන්වාදීලා තියෙනවා. ඉතින් හුඟක් අය මෙතනට ඇවිල්ලා මොනවද තියෙන්නේ කියලා අපෙන් අහනවා. අපි ඒ වෙලාවට අපේ මේ මෙනු කාඩ් එක එයාලට දෙනවා. ඒ වගේම අපි හඳුන්වා දීලා තියෙන ෆෘට් සැලඩ් එක වගේම “ෆෘට් පැලැටර්” එකටත් බොහෝ අය  කැමතියි. සමහර අය අපේ ෆෘට් සැලඩ් එක කාලා බලලා එකේ රස ගුණ කියන ගමන්ම අපිට කියලා තියෙනවා, මේ ෆෘට් සැලඩ් කාපුවහම ප්‍රධාන ආහාර වෙලක් ගත්තා වාගේ අපේ බඩ පිරුනා කියලා. ඇත්තටම මේක අපි කරන්නේ මුදල් සොයන එකටත් වඩා  යම් සේවාවක් කරන යහපත් බලාපොරොත්තුව පෙරදැරි කරගෙනයි. මේකෙන් ලැබෙන ආර්ථික වාසියට වඩා, මේකෙන් සිතට ලැබෙන තෘප්තිය ඉතා ඉහළයි. “”
එහෙත් ඇය පවසන පරිදි  පිරිසිදු නැවුම් සහ වස විස නොයෙදූ උසස් ගුණාත්මක පළතුරු සපයා ගැනීම ඉතා දුෂ්කර කාර්යයකි. පළතුරු අලවි කරන ස්ථාන සොයා ගොස් පළතුරු ඉදීමට භාවිතා කරන සහ පළතුරු නරක් නොවී කල්තබා ගැනීමට භාවිතා කරන රසායනික වර්ග යොදන්නට පෙර එම පළතුරු මිලදී ගැනීම ඉතාම දුෂ්කර වූ කාර්යයක් බවයි ඇය ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පවසන්නේ. දැඩි වෙහෙසක් ගෙන වස විසින් තොර පළතුරු පමණක් ” රැන්කා සිප් ඇන්ඩ් ස්මයිල් ” වෙත  පැමිණෙන පාරිභෝගිකයන්ට ලබාදීමට  අපමණ වෙහෙසක් ගෙන කටයුතු කරන බවද ඇය පවසනවා. පළතුරු වලින් පිළියෙල වන ආහාර පාන වලට අමතරව දේශීයව සපයා ගන්නා තේ සහ  කෝපි  මුසුකරමින් සාදනු ලබන අපේ රටේ සාම්ප්‍රදායික පාන වර්ගද මෙහිදී ලබාගත හැකියි. ඒ අනුව සාම්ප්‍රදායික තේ කෝපි පාන වලට අමතරව  කෝපි,චොක්ලට්,සහ නැවුම් එළකිරි මුසු කරමින්  පිළියෙල කරන
 ” ඩබල් චොක්ලට් කොපි” ,එලෙසම  සාම්ප්‍රදායික තේ පානය සමග මුසු කර පිලියෙල කරන “චායි මසලා ටී” ද  එලෙසම බ්ලැක් කොෆී. සහ හොට් චොක්ලට් වැනි පාන වර්ගද මෙහිදී ලබාගැනීමට  පුළුවන්.

ඒ වගේමයි ප්‍රියදර්ශනී ගනේගොඩ මහත්මිය ප්‍රකාශ කරන තවත් එක් කරුණක් තමයි  පළතුරු වලින් පිළියෙල කරනු ලබන මේ සියලු ආහාර පාන සඳහා එක් කරන අනෙකුත් දේවල් වලටත් උසස්ම දේවල් යොදා ගන්නවා කියන කාරණය. ඇය ඒ සඳහා  නිදසුනක් ලෙස කියන්නේ ” රැන්කා සිප් ඇන්ඩ් ස්මයිල් ” වෙත එන සිය පාරිභෝගිකයන්ට ඔවුන් ඇනවුම් කරන ෆෘට් ජුස් වලට හෝ ෆෘට් සැලඩ් වලට හෝ අයිස් ක්‍රීම් අවශ්‍ය බව කිව්වොත් එහෙම නැත්නම් අයිස් ක්‍රීම් විතරක්ම ඉල්ලුවත් හරි ඔවුන් ඒ අනුව ලබා දෙන්නේ ලංකාවේ හොඳම අයිස් ක්‍රීම් නිෂ්පාදනයක් වන  “එලිපන්ට් හවුස් ” අයිස් ක්‍රීම් පමණක් බවයි.ඉතින් මේ අනුව  රැන්කා සිප් ඇන්ඩ් ස්මයිල්  වෙත පැමිණෙන කෙනෙකුට ඔවුන් ඇනවුම්කර මිලදී ගන්න සෑම දෙයක්ම සඳහාම වස විසින් තොර  ගුණාත්මක සහ පිරිසිදු බව ගැන සියයට සීයක් සහතික විය හැකි බවයි පියදර්ශනී ගනේගොඩ මහත්මිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.   එලෙසම “රැන්කා සිප් ඇන්ඩ් ස්මයිල් ”  වෙත පැමිණෙන ඔබට බැංකු කාඩ්පත් මඟින් හා අන්තර්ජාලය (on line) හරහා ගෙවීම් කිරීමටද සියළු පහසුකම් සලසා තිබෙනවා.

එසේනම් අපි ඔබටත් ආරාධනා කරනවා, ඔබේ පවුලේ අය සමඟින් ” රැන්කා සිප් ඇන්ඩ් ස්මයිල් ”  වෙත පැමිණෙන්න කියලා.  මෙතනට ඇවිල්ලා වෙනත් ජූස් බාර් වල සහ මෙතන ඇති විශේෂත්වය හඳුනා ගන්න කියලත් අපි ඔබට ආරාධනය කරනවා. ඉතින් අපි නැවතත් ඔබට කියන්නේ වස විසින් තොර නැවුම් පළතුරු යොදාගෙන පිළියෙල කරන ෆෘට් ජුස් ,ෆෘට් සැලඩ්, ෆෘට් ප්ලැටර් ඒවගේම මිල්ක් ෂේක්, සහ ලැසීෂේක් වල වෙනස්ම රසයක් අත්විඳින්න කැමති නම්
” රැන්කා සිප් ඇන්ඩ් ස්මයිල් ”  වෙත පැමිණෙන්න කියලයි.

” රැන්කා සිප් ඇන්ඩ් ස්මයිල් ”  ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන්.එයාලගේ ෆේස්බුක් පිටුවට සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් එයලාට කතා කරන්න.

රැන්කා සිප් ඇන්ඩ් ස්මයිල්
කොළඹ පාර
18 කණුව හන්දිය
කටුනායක

දුරකථන අංක. .-  078  5 999 838

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here