රාජපක්ෂ මුණුබුරා මීගමුව රෝහලෙන් පිටව යයි.

0
53

ඌව මහඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂගේ පුතෙකු ඩෙංගු රෝගය උත්සන්නවිමෙන් අසාධ්‍ය තත්වයන් මීගමුව රෝහලට ඇතුලත් කර එහි 8 වන වාට්ටුෙව් දැඩි සත්කාර ඒකකයේ සතියකටත් වැඩි කාලයක්  ප්‍රතිකාර ලබාගැනිමෙන්නේ අනතුරුව ඊයේ රාත්‍රියේ රෝහලෙන් පිටව ගොස් ඇත.
මෙම දරුවා රොහලේ සිටින කාලය තුල බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ මහතා විසින් මෙහෙයුම් ගණනාවක්ම සිදුකරන්නට මුල් වි තිබුණි.
ඒවා පටන් ගත්තේ ඇමති බිරිඳට සුව පහසුවට වාඩි විම සදහා රු 31000 ක් වටිනා පුටුවක් මිළට ගැනිමට කටයුතු කරමිනි.ඒ මෙහෙයුම් අවසන්ව තිබුනේ මීගමුව රෝහලේ සිටින සියළුම බල්ලන් හට ස්ථානය මාරුවක් ලබාදිමට මීගමුව රෝහල බළධාරින් වෙත නියෝග ලබාදෙමිනි.
මේ බලු මෙහෙයුම නිසා මීගමුව රෝහල මහත් අපකිර්තියට පත් වුෙය් මෙ ආයාලේ යන සුනඛයන් කදිරාන ප්‍රදේශයට ගොස් ඇතැහැරිමට කටයුතු කිරිමටත් සමගින්ය. එහි වටවු ගම්මුන් බල්ලන් රැගනෙ ගිය වාහනයට මෙන් ඒ කි කම්කරුවන්ට ද පහර දි තිබුණි.
hospital