බ්ලු ස්ටාර් සැමන් ටින් එකේ තිබුනේ කුණු මාළුද ?

0
170

මිගමුව කඩොල් කැලේ පාරේ තැනක පිහිටා ඇති බ්ලු ස්ටාර් ආයතනය විසින් නිෂ්පාදනය කොට බෙදා හරින සැමන් ටින් එකක් කටුනායක ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලකින් ලබා ගත් පාරිභෝගිකයෙකු එහි ප්‍රමිතිය ගැන අදාල බලධාරින් දැනුවත් කර තිබුනේ අද දවහල් කාලයේදිය.

එවිට අදාල බලධාරියෙකු විසින් දැනුම් දි තිබුනේ වෙළඳ නියෝජිතයෙකුව පැයක් ඇතුලත අදාල පාරිභෝගික නිවස වෙත එවන බවය.IMG 20250304 WA0179IMG 20250304 WA0176

කෙසේ වෙතත් අද රාත්‍රිය වනතුරුත් කිසිවෙකු නොපැමිණි බවත් ඒ නිසාම මාධ්‍ය දැනුවත් කිරිමට පියවර ගත්බවත් අප අමතමින් අදාල පාරිභෝගිකයා පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් අපද සැමන් ටින් එකේ සදහන් අංකය ඇමතු විට පිලිතුරු නොලැබුන අතර පසුව අප ඔහු වෙත දැනුම් දුන්නේ අපගේ ඇමතුමට ප්‍රතිචාර දක්වන ලෙස පණිවිඩයක් තබමිනි.

එවිට පෙරළා අප කව්දැයි විමසා සිටියේයScreenshot 20250304 203422
ඉහත ඇත්තේ අප අතර හුවමාරු වු පනිවඩ කිපයයි. මේ පනිවිඩ වලින් පසුව වෙළද නියෝජිතයෙකු අප අමතා කියා සිටියේ අදාල පාරිභෝගික නිවස වෙත හෙට පෙරවරුවේ යා හැකි බවය.

අප ඔහුවෙත දැනුම් දි සිටි⁣යේ ඒ ගැටලුව අදාල පාරිභෝගිකයා සමගින් බේරාගන්නා ලෙසය.

අඩුමිළට අලෙවි කරනු ලබන ව්විධ නිෂ්පාදනය වලට අදාලව පසුගිය කාලය තුල ප්‍රමිතින් පිළිබදව විවිධ ගැටළු වාර්තා වි තිබුණි.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශය භාරව කටයුතු කරනු ලබන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කඩිනම් පියවර ගත යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here