ලංසලාගේ තවත් ගේම් එළියට ? බීච් පාක් එකේ ටිකට් කැඩිල්ල සතියකින් නගර සභාව යටතට !

0
111

 

අද දන ( 10/03/2025) සිට මීගමුව වෙරල උද්‍යානය හෙවත් බීච් පාර්ක් එකේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මීගමු මහ නගර සභා සේවකයන් ලවා සිදුකරන බවට මීගමුව නාගරික කොමසාරිස්වරිය විසින් පසුගිය 07 වැනි (03/07) දින පැවැති මීගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රකාශ කරන ලදී
ඒ අනුව බීච් පාර්ක් එකේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා අද උදෑසන කොමසාරිස්වරියගේ නියමයෙන් මහා නගර සභාවේ සේවකයන් පිරිසක් බීච් පාර්ක් එකට පිටත් කර තිබිණි. එහෙත් එහි කාලයක් තිස්සේ බීච් පාර්ක් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කාර්යයයේ යෙදී සිටින පෞද්ගලික ආයතනයක සේවකයන් යැයි කියා ගන්නා පිරිසක් එහිදී නගර සභා සේවකයන්ට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.

සැබැවින් මේ පුද්ගලික කොම්පැනිය ලංසා විසින් අටවා ගන්නා ලද එකක් බව අද දිනයේදි තවත් පැහැදිලිවි ඇති බවට සාක්ෂි අනාවරණය වි ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.

ලංසා පවුලේ කොම්පැනියට බිච් පාක් ආදායම ලැබෙන සේ අවැසි කූඨ ලේඛණ සකසා තිබුනේ මිගමුවේ හිටපු කොමසාරිස්වරයෙකු වු ලක්ෂ්මන් නැමැත්තාය.

මේ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට යෝජනාවක්ද මේ වන විට ඉදිරිපත්ව තිබේ.

බිච් පාර්ක් එකේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කාර්යයෙන් තමන්ට ඉවත් වන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේන් කිසිදු ලිඛිත දැනුම් දීමක් කර නොමැති බව ලංසාලා විසින් අටවාගෙන ඇතැයි කියන කොම්පැණියේ අය අද පවසා තිබුණි.

මේ පිළිබඳව අප කළ විමසීමකදී මීගමුව නාගරික කොමසාරිස්වරිය පැවසුවේ මේ පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු වගකිව යුතු නිලධාරීන්ට සහ එය අයත් වන අමාත්‍යාංශ ලේකම්වරයාටද අද දිනයේ ඇති වූ මෙම තත්ත්වය සම්බන්ධව තමා විසින් දැනුම් දී ඇති බවයි.

ඒ අනුව ඇය වැඩිදුරටත් පවසන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රකාශ කරන පරිදි එම ආයතනයටත් දැනට බීච් පාර්ක් එකේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කාර්යයේ යෙදෙන ආයතනයටත් යම් ගිවිසුමක් ඇති බවයි. ඒ අනුව එම ගිවිසුම් ප්‍රකාරව එම පෞද්ගලික ආයතනයෙන් එම කාර්යය ඉවත් කිරීම සඳහා අවශ්‍ය වන ලිඛිත අවසරය අද දින තමන් වෙත ලැබෙනු ඇති බව කොමසාරිස්වරීගේ අදහසයි. ඒ අනුව ඇය පවසන්නේ ලිඛිත අවසරය ලද සැණින් බීච් පාක් එකේ දැනට ප්‍රවේශපත්‍ර නිකුත් කරන අදාල ආයතනයේ සේවකයන් එම කාර්ය්‍යයෙන් ඉවත්කර නගර සභා සේවකයන් ලවා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කාර්යය කරගෙන යාමට හැකි බවයි. මේ අනුව කොමසාස්වරිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ මේ සතිය ඇතුළත මීගමුව බීච් පාර්ක් එකේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කාර්යය සඳහා මහා නගර සභා සේවකයන් යෙදවීමට හැකිවන බවයි

මේ අතර වඩාත් විශ්වාස කටයුතු ලෙසින් අපට දැනගන්නට ලැබි ඇත්තේ නිමල් ලංසා මෙන්ම දයාන් ලංසාද මේ ටිකට් ආදායම තමන් ගේ යටතේ තබා ගැනිම සදහා දැඩි උත්සාහයක නිරතව සිටින බවය.

නිමල් ලංසාගේ පියාගේ සුඛ විහරණය ඇතුළු විවිධ නීති විරෝධි කටයුතු සඳහා බිච් පාක් එකේ ආදායම දශක දෙකකටත් වැඩි කාලයක් තිස්සේ යොදාගන්නා බව අද මිගමුවේ ප්‍රසිද්ධ රහසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here