මීගමුව රෝහලට මහ රෑ සෞඛ්‍ය ඇමැති,සහ PD කඩාපැනලා…

0
53

මීගමුව රෝහල නිතර පුවත් මැවු රෝහලකි. පසුගිය දින කීපය තුල එය පුවත් අතරට ආවේ එහි පැමිණි අතිවිශේෂ අමුත්තෙකු හේතුවෙනි.
ඒ අමුත්තා වටා බොහො දැ පසුගිය සති දෙකක කාලය තුල සිදුවිය.
රෝහල කඩනමින් පවිත්‍ර කරන්නට කටයුතු කෙරුණි.
රෝහලේ දඩාවතේ යන සුනඛයන් ඉන් ඉවත් කිරිමට කටයුතු කෙරුණි.
එපමණක් නොව විශේෂ අමුත්තන් වෙනුවෙන් ලොබි පුටු 3 ක්ද මිළට ගැනුණි.
මේ සැබෑ වෙනසට හේතු වු  ප්‍රධාන අමුත්තා වුයේ රාජපක්ෂ පරපුරේ මුණුබුරාය.
ඔහු මීගමුව රෝහලෙ සතියකට වැඩි කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලැබිය.
රජපක්ෂ පරපුරේ හොද නම දිනා ගැනිම වෙනුවෙන් බස්නාහිර සෞඛ්‍ය අධ්‍යක්ෂ වරයා ඩෙංගු කිටයන් ඇල්ලිමේ සිට බල්ලන්ට ස්ථාන මාරු ලබාදිම දක්වා  මහත් වෙහෙසක් ගෙන තිබුණි.
මෙතනින් නොනැවතුන බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා බස්නාහිර  සෞඛ්‍ය අමැති ද කැටුව දිනක් මීගමුව රෝහලට මධ්‍යම රාත්‍රියේ කඩා පැන්නේය.
මේ මෙහෙයුමේ ඇත්ත හේතුව වි තිබුනේ රොහලේ අනියම් කම්කරුවන් පිළිබදව සොයා බැලිම යැයි කියැවේ.
මේ ුඅතර රෝහල තුල තවත් කථාවක්ද පැතිර ගියේය. එනම් පළාත් සෞධ්‍ය සේවා අධ්‍යක්ෂකට අදාලව ප්‍රවෘත්ති රාශියක් මාධ්‍ය වෙත මුදා හැරුන අතර මේවායින් බොහොමයක් රෝහලේ සුළු සේවකයන් මගින් ගොස් තිබුනේ යැයි PD සිතුවා විය හැකිය යන්නයිDSCN0842.???