මිගමු වැල්ලේ පසුගිය දිනවල මිනිස් පාරිභෝජනයට නුසුදුසු මාළු අලෙවි කිරිම යළිත් පටන් අරන් ඇති බවට බරපතල චෝදනාවක් එහි එන පාරිභෝගිකයන් විසින් දිනපතා අප වෙත වාර්තා කරමින් සිටිති.
ඊයේ දිනයේ පුසන්ට දිම සදහා රු 450 ක් දි රැගෙන ගොස් තිබුන සාලයන් සතෙකුවත් නොකන තරමට කුණු ගදින් යුතු යැයි චෝදනා කර සිටිති.
මේ සම්බන්ධයෙන් වැල්ලේ මාළු කඩේ ටෙන්ඩරය ලබාගෙන ඇති සමිතියේ නිලධාරින් ඇමතු අවස්ථාවේදි ඔවුන් කියා සිටියේ මිගමුවේ ප්‍රධාන සෞඛ්‍ය පරික්ෂක ගුණරත්න මහතාටදද මේ ගැන විමසා බලන ලෙස මිට සති දෙකකට පමණ ඉහතදි දැනුම් දුන් බවය.පසුගිය දිනක මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැමිණි මේ සියළු වෙළදුන් හට දැඩි ලෙස අවවාද කර තිබුන බවද වාර්තා විය
කෙසේ වෙතත් මාළු කඩේ ටෙන්ඩරය ක්‍රියාත්මක කරන වැල්ලවිදියේ ඒකාබද්ධ සමිතිය මිට වඩා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව අප අමතා කථා කළ කිපදෙනෙකුම සදහන් කර සිටියේය .