මීගමුව මහා නගර සභා භූමිය පිටුපස ඇති කන්ටේනරය කාගේද?

0
112
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

 

මීගමුව මහ නගර සභා පරිශ්‍රයේ පිටුපස ප්‍රදේශයේ ඇති අඩි 20 කන්ටේනරයක් පිළිබඳව මේ දිනවල නගර සභා සේවකයන් අතර කසකුසුවක් ඇති වී තිබේ.

මේ අඩි 20 කන්ටේනරය දැනට කාලයක පටන් මහා නගර සභාවේ පිටුපස පරිශ්‍රයේ තිබෙන අතර මෙය නගර සභාවට අයත් එකක් ද ? නැතිනම් නගර සභාවට පරිබාහිර අයෙකුගේ කන්ටේනරයක් ද යන්න කිසිවෙකු නොදන්නා බවද වාර්තාවේ.

එලෙසම මෙම කන්ටේනරය තුල ඇත්තේ මොනවාද ? ඒ පිළිබඳවද කිසිවෙකු නොදනී.

මෙහි ඇතුළේ ඇත්තේ මොනවාදැයි සහ මෙය අයිති නිසි අයිතිකාරයකු හෝ නොදන්නා මෙවැනි කන්ටේනරයක් නගර සහා පරිශ්‍රයේ කිසිදු නීතිමය අවසරයක් නොමැතිව තබා ගැනීමද විශාල වරදකි.

එහෙත් දැන් නගර සභාව තුළ පවතින කසඅකුසුව වන්නේ මේ කන්ටේනරය ඉතා ඉක්මනින්ම නගර සභා පරිසරයෙන් ඉවත් කර ගැනීමට හිටපු නගරාධිපතිවරයා අර අඳින බවය

හිටපු නගරාධිපතිවරයා ඉතා ඉක්මනින් කඩිමුඩියේ නගර සභා පරිශ්‍රයෙන් මේ කන්ටේනරය ඉවත් කර ගැනීමට උත්සහ කිරීම තුළ සැකයන් කිහිපයක් මතු වෙි.
එසේ නම් මෙය හිටපු නගරාධිපතිවරයාගේද , ඒවගේම මෙහි ඇත්තේ කුමක්ද, නගර සභා පාලනය මේ වන විට කොමසාරිස්වරිය යටතේ පවතින විට මෙවැනි කන්ටේනර් එකක් නගර සභා පරිශ්‍රයේ තබා ගත්තේ මොන පදනමකින්ද.

එලෙසම දැන් මේ කන්ටේනරය නගර සභා පරිශ්‍රයෙන් පිටතට ගෙනයාමට කටයුතු කරන්නේ නම් ,එය සිදුවන්නේ කොමසාරිස්වරිගේ අනුදැනුමකින්ද
කෙසේ හෝ නගර සභා පරිශ්‍රයේ ඇති දෙයක් අවසරයකින් තොරව නගර සභා භූමියෙන් පිටතට රැගෙන යාම සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීමට කොමසාරිස් වරිය වග බලා ගත යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here