මාලිමාව සිය නගරාධිති අපේක්ෂකයා මාකට් කිරිමේ දැවැන්ත උත්සාහයක නිරතව සිටින බව පසුගිය දිනවල නිරික්ෂණය විය.
එහිදි ඔවුන් කියන්නට උත්සාහ ගනිමින් තිබුනේ ඔවුන්ගේ නගරාධිපති අපේක්ෂකයා සාධාරණත්වය වෙනුවෙන් අඛණ්ඩව සටන් කළ අයෙකු බවය.
මිගමු දේශපාලනයේ හැරවුම් ලක්ෂය ලකුණු කරන ලද සිදුවිම වි තිබුනේ දින 100කට වැඩි කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වු අරගලයයි.
මේ අරගලය වෙනුවෙන් අවංකව වෙහෙස මහන්සි වි කැපවුන අයෙකුට මාලිමාවේ මිගමු ලයිස්තුවේ සිටින්නේ සංගිත් පමණි.
ඒ කාලයේ ජවිපෙ කලේ අරගලය මඟහැර යමින් ජනසභා හැදිමයි.මිගමුවේ මාලිමාවේ නගරාධිපති අපේක්ෂකයා මිගමුව අරගලය වෙනුවෙන් කලේ කුමක්දැයි අපි ඔහුව උඩ දමන NPP ප්‍රචාරක කණ්ඩායමයෙන් දැනගනු කැමැත්තෙමු.
මාලිමාවේ මිගමුව කණ්ඩායම් නායකයාට අරගලය නිසා පොලිස් දඩයමට හසුවුවන් පිළිබද කරුණද තවත් එක් නඩු කටයුත්තක්ම පමණක් විය.
අත්අඩංගුවට පත්වුවන් වෙනුවෙන් අඛණ්ඩවම නොමිලේ පෙනි සිටි ප්‍රධානතම නිතිඥයා වුවේ චාමරය.
තමන්ගේ නගරාධිපති අපෙක්ෂකයව මාකට් කරගැනිමට නොහැකිව මාලිමාව මේ වන විට අසාර්ථක උත්සාහයක නිරතව සිටින බව පෙනේ.කල් ඉකුත් වු පසු බඩු විකුනා ගැනිම අපහසු බව මේ අය තේරුම්ගත යුතුව තිබුනේ බොහෝ කලකට පෙරය.
තවත් එක කරුණක් කිව යුතුවම ඇත. එනම් මාලිමාවේ නගරාධිපති අපෙක්ෂකයාට මෑත දේශපාලන ඉතිහාසයය ගැන ලාල් කාන්ත වැනි ජේෂ්ඨ සහෝදරය ගෙන් හෝ අසා ඇත්ත දැනගැනිමට සැලැස්විමය.
පසුගිය දිනවල මාලිමා නගරාධිපති අපෙක්ෂකයා තැන තැන කියමින් ගියේ මාලිමා භාරගත්තේ කඩන් වැටුන රටක් බවය.
ලාල් කාන්ත පැන නැගුන අර්බුදය එදා කළමණාකරණය කිරිමට සිටි එකම කෙනා රනිල් බවය. මාලිමාව දැන් කරන්නේ එය ඉදිරියට ගෙන යාම බව ලාල් කාන්ත පසුගිය දවසක වඩාත් නිවරදි ලෙස සදහන් කර තිබුණි.
අරගල මහ හැර උසාවිය ගියාට කම් නැත අඩුම තරමින් රටේ ඇත්ත දේශපාලන ඉතිහාසය ලාල් කාන්ත වැනි පොලවේ පය ගසා සිටින අයෙකුගෙන් ඉගෙන ගැනිමටවත් මුලික තැනැක් දිය යුතුව තිබේ.