‘ප්‍රා. සභාපතිගේ නෝනත් විධායක බලය පාවිච්චි කරලා පොලීසියට තර්ජනය කරනවා”

0
110

මෙම ප්‍රකාශය පසුගිය 15  දා කොළඹ ජයවර්ධන කේන්ද්‍රෙය්දී පැවති මහජන මන්ත්‍රණ සභාවේදී පා.මන්ත්‍රී, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා විසින් සිදුකළේ එක්සත් ජාතික පක්ෂය විසින්  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සදහා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව සිවිල් සමාජය වෙත පිළිගැන්වූ අවස්තාවේදී, ඒ මහතා විසින් සිදුකළ දේශණයේදීය. එම දේශනයෙන් උපුටා ගත් කොටසක් පහත පළවේ. DSC02656nw
Listen to voice >>  https://soundcloud.com/kumari-fernando/voice-178

‘‘ මිනිහා මත විශ්වාසය නොතබන, ක්‍රමවේදය මත විශ්වාසය තබන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් අපිට ඕනා.එහෙම හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල් තියෙන රටවල් දියුනු වෙනවා.  මාධ්‍ය නිදහස ගැන ,  ඇමරිකාවේ එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මිනිස්සු හඩක් නැගුවා මේක අසම්පූර්ණ නිසා. කොහොමද අසම්පූර්ණ වෙලා තියෙන්නේ. මාධ්‍ය නිදහස ඇමරිකාවේ රැකලා නෑ. අවරුදු දෙසිය තිස්ගාණකට කලින් මේ කියන්නේ. මිනිස්සු උද්ගෝෂණය කළා. නිහතමානී දේශපාලන නායකයෝ හිටපු රටේ මොකක්ද කළේ. ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගේනවා පළවෙනි සංශෝධනය, ඒකේ කියනවා රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමට  ඇති අයිතියට සීමාපනවන්න නීති ගේන්න කොංග්‍රසයට  බලය නෑ කියලා.  ඒක නිසා ඇමරිකාවේ ජනාධිපතිවරු දෙන්නෙක් ගෙදර ගියා. නීතිය කාටත් සමයි. ඒ රටට් ජනාධිපතත් නීතියට යටයි. එහෙම නැත්නම් රටක් ගෙනියන්න බැහැ. අද ඒ රට දියුණු වෙලා තියෙන්නේ ඒ නිසා. දැන් මේ ක්‍රම සියල්ල තුළ අපි දකිනවා අපිට විශාල අඩුපාඩුවක් තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රමවේදය පිලිබදව. මෙතෙක් කල් මේ රටේ ජනතාව ව්‍යවස්ථා හදලා නෑ. 06 වෙනි ජෝජ් රජ්ජුරුවන්ට ඕන විදිහට  සෝල්බෙරි සාමි ලිව්වා.අපේ ත් අදහස් ඇතිව. එදා ඩී.එස්.සේනානායක මැතිතිුමා තමයි අපිට මේ රටට අගමැති සංකලපය ඕනා කියලා හදුන්වලා දුන්නේ.එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටට අගමැතිකම හදුන්වලා දුන්නේ. ඒ වගේම විධායක ජනාධිපතික්‍රමය හදුන්වලා දුන්නෙත් ජේ ආර් ජනාධිපති තුමා 1978දී. මේ රට තනි දේශපාලන පක්ෂයක් විදිහට ආණ්ඩු කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය. ඒනිසා විධායක හෝ අගමැති හෝ මොන ක්‍රමය හෝ හැදුවෙත් මේ පක්ෂය, අනාගතයේ හදන්නත් ඕනා මේ පක්ෂය. ජේ ආර්. ජයවර්ධන මැතිතුමා හැත්තෑ දෙකේ ව්‍යවස්ථාව නිසා මේ රටේ ඇතිවුණ අර්බුද විසදන්ඩත් ක්‍රම ඊට ඇතුල් කළා. හැත්තෑ දෙකේ ව්‍යවස්ථා අර්බුදයේ උච්චස්ථනය තමයි  1975,76 කාලය, කොටි සංවිධානය පටන් ගත්තේ බෙදුම්වාදය. අමිර්තලිංගම් මහත්තයා වඩ්ඩුකෝඩෙයි ගිහිල්ලා නිජභූමි සංකල්පයමත රට දෙකට බෙදන්න ප්‍රකාශයනයක් කළේ, 72 ව්‍යවස්ථාවෙන් මතු වුණ  අර්බුද නිසා.

ඇයි රාජ්‍ය සේවය ස්වාධීන නෑ. අධිකරණය  ස්වාධින නෑ. මේ කරුණු නිසා මතුවෙච්ච අර්බුදය විසදන්ඩ 78 ව්‍යවස්ථාවට ඇතුල් කළා මූලික අයිතිවාසිකම් පිළිබද පරිච්චේදයක්. ඒ විතරක් නෙමෙයි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනම කෙනෙකුට ශ්‍රේෂඨාධිකරණයෙන් විසදුමක් ලබාගැනීමට ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වෙනි වගන්තියෙන් බලය දුන්නා. ඒකෙන් ඇති කෙරුවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව.ඒකෙන් ඇති කළා අධිකරණ සේවා කොමිෂන් සභාව.සෑහෙන ප්‍රමාණයක් රටේ යහපාලනය පිලිබද ප්‍රහ්න සමනය වුනාට උතුරේ ජනවාර්ගික ප්‍රශ්නය උඩුදුවලා  වැඩියි,ඒකට ජාත්‍යන්තරය මැදිහත් වෙලා  ඉන්දියාව අතගහලා වැඩියි. ඒක නිසා පිළිකාවක් බවට පත්වෙලා තිබුණා 78 වෙනකොට.දැන් මේ තත්ත්වය යටතේ සෑහෙන පීඩාවට පත්වෙලා අවුරුදු 30ක යුද්ධයකින් බැටකාලා නිදහස දිනාගත්ත ජනතාව මේ රටේ පක්ෂ භේදයකින් තොරව මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා මාස 06ක් හෝ අවුරැද්දක් යනකොට මේ රටට ඔබින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ,ක්‍රමවේදයක්, මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්ඩ පුළුවන් පරිසරයක් ජනතාවගේ ජනවාර්ගික සමගිය ආරක්සා වෙන ක්‍රමවේදයක්. කොටින්ම කියනවා නම් තුන්වේලක් කාලා ඇදලා ඉන්ඩ පුළුවන් ආර්ථිකයක් බලාපොරොත්තු වුණා. නමුත් යුද්ධය ගතවෙලා අවු-4ක් යනකොට අපේ රටේ කිසිම දේකින් කිසිම අංශයකින් දශමයක ප්‍රගතයක් නෑ.
මේ රටේ ප්‍රගතිය ලැබිලා තියෙන එකම අංශය තමයි හොරකම,වංචාව දූෂණය සහ අපරාධය. අද මේ බලය විධායක ජනාධිපතිවරයා විතරක් නෙමෙයි මේ බලය පවුලේ සියලූම දෙනා පාවිච්චි කරනවා. මේ බලය සමහර ඇමතිවරු පාවිච්චි කරනවා. ගමේ ඉන්න ප්‍රා.සභා මන්ත්‍රී පාවිච්චි කරනවා.මේක පාවිච්චි කරලා පොලිස්කාරයින්ටත් ගහනවා.ප්‍රා.සභාපතිගේ නෝනත් පොලීසියට තර්ජනය කරනවා මේ විධායක බලය පාවිච්චි කරනවා.”

මෙම අවස්තාව සදහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ දේශපාලන නායකයන් හා නිදහසේ වේදිකාවේ කැදවුම්කරැවන් වන බ්‍රිටෝ ප්‍රනාන්දු සහ නීතිඥ සුදර්ශන ගුණවර්ධන , සහ සිවිල් සංවිධාන නායකයන් ඇතුළු සංවිධාන රැසක් සහභාගී වූහ. මෙම ව්‍යාවස්ථාව පිලිබද ඉදිරිපත් කෙරුණ යෝජනාවලිය පිළිබද විවාදයක් ද පැවැත්විණි.

DSC02648nwDSC02634new
DSC02643new