හිග ඉන්ධන සහනාධාර ගැන පිළිතුරු නොදී රජයේ නියෝජිතයෝ මගහරිති

0
111

කුඩාපාඩුව -වැල්ලවීදිය ඒකාබද්ධ ධීවර සංවිධානය විසින් අද දින  සාකච්ඡාවක් කැදවා තිබුණේ   පසුගිය මාස ගණනක් තිස්සේ ධීවරයන්ට නොලැබුණ හිග ඉන්ධන  සහනාධාරය පිළිබදව  රජයේ වගකිවයුත්තන් දැනුවත් කර ඒ සදහා විසදුමක් ලබාගැනීමටය.
ඒබැවින් ඔවුන් මේම අවස්තාවට ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුනරත්න මහතාට මෙන්ම අමාත්‍ය නිමල් ලන්සා මහතාට ද ආරාධනා කර තිබුණි. අද සවස වැල්ලවීදිය දේවස්ථානයේදී පැවති මෙම සාකච්ඡාවට පැමිණ සිටියේ අනුනායක ගරු පැට්‍රික් ප්‍රනාන්දු පියනම හා ප්‍රදේශයේ කතෝලික පියවරුන් කීපදනෙකු පමණි. මෙම සාකච්ඡාවට හලාවත අන්තෝනි ධීවර සමිතියේ නියෝජිතයන් ද පැමිණ සිටියහ. සාකච්ඡාවේදී ධීවරයන් කතෝලික පියවරුන්ගෙන් විමසා ඇත්තේ මීට පෙර කාදිනල්තුමාට තමන්ගේ මෙම ගැටළුව ඉදිරිපත් කළ බැවින් එයට පිළිතුරක් තිබේද යන්නයි. පියවරුන්ට ඒ සදහා කිසිදු පිළිතුරක් තිබී නොමැති අතර අවසානයේදී , මෙම ප්‍රශ්නය පිළිබදව සංදේශයක් කාදිනල්වරයා හරහා ජනාධිපතිවරයාට යැවීමට ධීවරයන් විසින් තීරණය කර ඇත. මීගමුව ධීවර කාර්යාලයට  ජුනි මාසයේ හිග ඉන්ධන ආධාර පමණක්  ලබාදිය හැකි  යැයි නිලධාරීන් පවසන බව  මෙහිදී අදහස් පළ කර ධිවර නියෝජිතයෝ පැවසූහ.   DSC02546DSCN0136