පශ්චාත් පරණ පරීක්ෂ වාර්තාව අධිකරණයට ලැබී නැහැ. අධිකරණ විශේෂඥ වෛද්‍ය ඒකකයට නොතිසී.

0
124

මීගමුව,  කට්ටුව ප‍්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී පසුගිය ජුනි 10 වැනි දින කඩුවකින් පහර දී මරා දැමුණු රුවන් දිල්සිරි ෆොන්සේකා නැමැත්තාගේ මරණ පරීක්ෂනයේ තවත් එක් නඩු වාරයක් පසුගිය ජුලි 18 වැනි දින මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී මීගමුව අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි එස්. පීරිස් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම සිද්ධියට අදාලව දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප‍්‍රධාන සැකකරු වන මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂ මංතී‍්‍රවරයෙක් වූ මාර්ක් සුජිත් නැමැත්තා ඇතු`ඵ අනෙක් සැකකරුවන් තිදෙනා ද එදින අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එදින පරික්ෂා කර බැලීමට නියමිතව තිබුනේ ඝාතනයට ලක් වූ රුවන් දිල්සිරි ෆොන්සේකාගේ මරණ පරීක්ෂන වාර්තාවයි. එහෙත් එම මරණ පරීක්ෂන වාර්තාව එදින වන විටත් මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරනයට නොලැබී තිබූ නිසා එම අධිකරන මරණ පරීක්ෂනය සිදු කල අදාල අධිකරණ විශේෂඥ වෛදය ඒකකයට නොතිසි නිකුත් කරන මෙන්ද මීගමුව අතිරේක මහේස්ත‍්‍රාත්වරිය නියෝග කලාය. ඒ අනුව මෙම නඩු විභාගය නැවත අගෝස්තු 01 වැනි දින දක්වා කල් තැබුනු අතර එදින දක්වා ප‍්‍රධාන සැකකරු ඇතු`ඵ සෙසු සැකකරුවන් තිදෙනාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.