පොලිසියක…. හදවතක් ඇති පොලිස්කාරයෙක්

3
113

ජයසුරිය නම් වු මේ පොලිස් නිලධාරියාව අප හදුනාගන්නේ මීගමුව පොලිසියට අනුයුක්තව ඔහු සේවය කළ සමයේ දිය.එවකටත් ඔහු තම සේවය නිසියාකාරයෙන් ඉටුකරමින් සිටියා පමණක් නොව තමන් වෙත පැවැරුණ රාජකාරිය ඉක්මවා යමින් පවා අන් අයගේද සහ ගෙන මීගමුවේ එකල සිදුවෙමින් තිබුණ යතුරුපැදි හොරකම් නවතාලන්නට මහත් වෙහෙසක් දෑරීය.මීපුර පුවත්පතට ඔහු හමුවන්නේ මේ මෙහෙයුමේදිය.යතුරුපැදි හොරකම් ගැන ජනතාව දැනුවත් කරන්නට අපට බොහෝ තොරතුරු ඔහු එකල ලබාදුණි.මෙසේ ඇරඹි දැනහැදුනුම අපි හැමවිටෙකම සමාජ යහපත වෙනුවෙන් ආයෝජනය කළෙමු.කලකට පසුව ඔහු මීගමුව පොලිසියෙන් කොච්චිකඩේ P1090103 newP1090100 newපොලිසියට මාරුවි ගියේය.

2011 ජුලි 21 දින සවස්වරුවේ මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දුන් ඔහු අපුරු සිදුවිමක් දන්වා සිටියේය.එනම් ඔහු විසින් එදින උදේ කොච්චිකඩේ ජාතික ඉතිරිකිරිමේ බැංකුව අසලදි පවුම් දෙකක් පමණ බරැති රන් මාලයක් අහුලා එහි අයිතිකරු සොයාගෙන එය ඔවුන් වෙත භාරදිමට පියවර ගෙන ඇති බවය.

කලින් යොදාගෙන තිබුන වැඩකටයුතු කිපයක් වෙනුවෙන් ඔහු සදහන් කළ දිනයේ වේලාසනින්ම කොළඹ පිටත් විමට යොදාගෙන තිබුනද මේ සුන්දර සිදුවිම මගහරින්නටද හැකි කමක් කිසිලෙසකින්වත් මවෙත නොවුණි.එබැවින් මම උදේ 9 යටත් කලින් කොච්චකඩේ පොලිසියට ගියෙමි.මගේ පැමිණිම ඔහු කළ ඒ සත් ක්‍රියාව ඉහලින් අගේ කිරිමක් යන හැගිමක ඒ මොහොතේ මාව ආදරයෙන් කළ පිළිගත් සාජන් ජයසූරිය මහතාගේ මුහුණේ සටහන්ව තිබුණි.මේ වෙනුවෙන් තවත් මාධ්‍යෙවේදින්ද එහි පැමිණිමට නියමිත බව ඔහු මට දැනුම්දුන්නෙන් අන් අය පැමිණෙන තෙක් මා පොලිසියේ ඉස්තෝප්පුවේ පුටුවක වාඩි ගතිමි.පසුව ලංකාදිප පුවත්පතේ හියුබට් මහතාත් සිරස ආයතනයේ රංජිත් මහතාත් පැමිණ තිබුණි.කෙසේ හෝ ජයසුරිය මහතා ඉතාමත් ආසාවෙන් සිටි මොහොත ඒ ලෙසින්ම සිදුකරගන්නට ඔහුට නොලැබුණි.එයට පොලිස් නිළධාරිවාදය හරස්ව තිබුණි.ඉහලින් ලැබුන අණකට අනුව මේ මාලය භාරදිම පොලිසිය කිසිදු ලෙසකින් ගාවාගන්නේ නැතුව කරගන්නා ලෙසය.

මේ මාලයේ හිමිකාරිය වුයේ 74 වියැති එස් .රූපසුන්දරි නම් කොච්චිකඩේ උඩංගාව ප්‍ර දේශයේ මවකි.ඇයට දරුවන් නමදෙනකි.එක් පුතෙක් අපස්මාරරෝගයට සමාන රෝගයකින් බොහෝ සේ පිඩා විදින 54 වියැති අවිවාහකයෙකි.ඔහුගේ රෝගි තත්වයට ප්‍රතිකාර කිරිම සදහා ඇය සන්තකයේ වු පවුම් 2ක් වු රන් මාලය සිය බාල පුතකු වු සිවකුමාර වෙත භාරදෙන්නේ එය උගස්කර මුදල් ලබාගැනිමටය.සිවකුමාර එය රැගෙන බැංකුව වෙත පැමිණියද ඔහුගේ මුදල් පසුම්බියෙන් කෙසේ හෝ එය බිම වැටෙයි.අංක34688 කේ.එම්.ජී.ජයසුරිය නම් වු මේ හදවත් ඇති පොලිස් කොස්තාපල් විසින් අහුලාගැනේනේ ඒ රන්මාලයයි.පසුව ඔහු බැංකුවේ කළමණාකාරවරිය වෙත ගොස් කිසියම් කෙනෙක් එය සොයා එන්නේ නම් ඒ අයට තමන්ගේ ජංගම දුරකථන අංකය ලබාදෙන ලෙස ඉල්ලයි.මේ සියළු සත් මිනිසුන්ගේ සම්බන්ධිකරණයෙන් ඒ රන්මාලය රූපසුන්දරි මතාව වෙත ලැබෙයි.දමිල මිනිසුන් බියකොට මුදල් ගසා කන්නට තරම් ඇතැම් අමන පොලිස් නිළධාරින් සිටින මේ දෙපාර්තමේන්තුවේ ජයසුරිය වැන්නකු අගේ කර ඔහු දිරිගන්වන්නට මේ ඉහල පොලිස් නිලධාරින් අපොහොසත් විම ගැන අපට ඇත්තේ පිළිකුලකි.අප එය වෙනමම බේරාගතයුතුව තිබේ.

3 COMMENTS

  1. meka ema police niladariya wenath aramunakin prasiddaweemata kala pattapal boruwak. meya boruwak bawa awanka parinatha police niladariyekuta watahagatha haka……………..!

  2. sajith mahaththyo ,hoda dewal piliganna bari kuhakakame ledin oya pelena hoda sinhala wedek lagata yanna

Comments are closed.