ලාභයි ලාභයි හොර වරිපනම් සහතික ලාභයි .මීගමුව මහා නගර සභාවෙන්ම පමනයි.

0
149

bribery1මීගමුව, කෙලින් විදියේ ,අංක 125 දරණ ව්‍යාපාරික ස්ථානයේ අයිතිය වෙනුවෙන් පසුගිය කාලයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවති අතර එහිදී ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් මහාධිකරණයේද නඩුවක් පැවතිණි. ඒ අනුව මෙම ව්‍යාපාරික ස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් කිසිදු ස්ථීරත්වයක් නොමැති අවස්ථාවක මෙම ව්‍යාපාරික ස්ථානයට විදුලිය සම්න්ධතාවය ලබා දිමද ලංකා විදුලිය පෞද්ගලික ආයතනය හෙවත් ලෙකෝ අයතනය  විසින් ප්‍රතික්ෂේප කර තිබුණේ එම ස්ථානයට අදාල වරිපනම් සහතිකයක් මීගමුව මහා නගර සභාවෙන් ඒ වන විටත් ලබා නොදීම හේතුවෙනි.
විදුලි සබදතාවය ලබා ගැනීමට නම් මහානගර සභාවෙන් වරිපනම්  වාර්තාවක් ලබා ගැනීම අනිවාර්්‍ය වේ. ඒ අනුව දැනට මෙම ව්‍යාපාරික ස්ථානය භුක්තිවිදින සහ එහි අයිතිය සදහාද නඩු මගට පිවිසි එක් අයෙකු වරිපනම් වාර්තාවක් ලබා ගැනීම පිලිබදව අසා දැනගැනීමට මීගමුව නගර සභාවට ගිය විට නගර සභාවේ ඝනකාධිකාරී අංශයේ සේවය කරන දේපල තහනම් කිරිමේ නිලධාරියෙකු හමුව තිබේ.
එහිදී එම නිලධාරියා පවසා ඇත්තේ රු.6000 ක අල්ලස් මුදලක් ලබා දෙන්නේ නම් මීගමුව මහා නගර සභාවේ ඝනකාධිකාරීවරයාගේ අත්සන යොදා අනුමත කෙරුණු වර්පනම් සහතිකයක් ලබා දීමට හැකි බවකි.
ඒ අනුව එම මුදල ලබා දෙන බවට වු පොරොන්දුව මත වරිපනම් සහතිකයලබා ගත් පසු ලෙකෝ  ආයතනයද එම ව්‍යාපාරික ස්ථානයට විදුලිය සම්බන්ධතාවය ලබා දී තිබිණි. එම ව්‍යාපාරික ස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් ස්ථීර තීන්දුවකට එලඹ නොසිටි අවස්ථාවක එමෙන්ම එහි අයිතිය වෙනුවෙන් මහාධිකරණයේ නඩුවක් පවතින අවස්ථාවක එම ව්‍යාපාරික ස්ථානයට විදුලිය ලබා දීම ගැටඵකාරී තත්වයක් මතු කලේය. ඒ අනුව එහි අයිතියට හිමිකම් කියන ප්‍රතිවිරුද්ධ පාර්ශවය විසින් මේ පිලිබදව විමසා බලන්නට විය. එහිදී සියල්ල හෙලි විණි.
ඒ අනුව පෙර සදහන් කල මීගමුව මහා නගර සභාවේ දේපල තහනම් කිරිමේ නිලධාරියාගේ මුලිකත්වයෙන් මහා නගර සභාවේ ඝනාකාධිකාරීවරයාගේ මුද්‍රාව හෙවත් සීල් එක හොර රහසේ භාවිත කර එලෙසම ඝනාකාධිකාරීවරයාගේ අත්සන ට සමානව හොර අත්සනක් යොදා මෙම වරිපනම් වාර්තාව සකස් කර ඇති බව ද හෙලි වී තිබේ.
මෙම අයථා නීති විරෝධී වරිපනම් වාර්තාව සකස් කර ගැනීමේ කාර්්‍යයට නගර සභාවේ යතුරු භාරව සිටින ආරච්චිල නමින් හදුන්වන තැනැත්තාද හවුල් වී ඇති බවද වාර්තාවේ.
කාර්්‍යාල වේලාවෙන් පසු ඝනාකාධිකාරිවරයාගේ රාජකාරී මුද්‍රාව හොර රහසේ ලබා ගැනීමටත්, ඝණකාධිකාරීවරයාගේ අත්සනට සමානව අත්සන යෙදීමටත් මෙම  යතුරු භාර පුද්ගලයා හවුල් වී ඇතැයි ද වාර්තා වේ.
එලෙසම මෙකී දේපල තහනම් කිරිමේ නිලධාරියා විසින් පසුගිය අප්‍රෙල් මාසයේ හිග බදු මුදල් එකතු කිරීමෙන් ලද ඒ මුදල් සහ අදාල පොත් පත් නිසි කලට ඝනකාධිකාරීවරයාට භාර නොදී එම බදු මුදල් ඔහුගේ පෞද්ගලික වැඩ කටයුතු යොදා ගෙන තිබු බවද අනාවරණය වී තිබීණි. ඒ අනුව මීගමුව මහා නගර සභාවේ බහුතරයක් නිලධෘරීන් ප්‍රශ්ණ කරන්නේ මෙවැනි අයථා ක්‍රම මගින් සිය රාජකාරිය පවා පාවා දෙන හොර නිලධාරීන් තවත් මෙම නගර සභාවේ තබා නොගෙන සිටින්නේ ඇයිද යනුවෙනි. ඒවාගේම ඇතැමුන් පවසන්නේ මීගමුව නගරාධිපතිවරයාටද මෙවැනි නිලධෘරීන් පාලනය කීරීමට නොහැකි වී ඇත්තේ මීගමුවේ ඇතැම් ප්‍රාදේශීය දේශපාගඥයින් මෙවැනි නිලධාරීන් සමග බොහෝ සමීප සබදතාවන් පවත්වන නිසා බවයි. කෙසේ වෙතත් මේ පිලිබදව අදහස් දක්වන ජනතාව පවසන්නේ වගකිවයුත්තන් මෙවැනි හොර නිලධාරීන්ව මේ නගර සභාවෙන් වහාම පන්නා දැමිය යුතු බවයි.