වයඹ විසුරුවා හැරිමටත් පෙර ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹේ.

0
100

පසුගිය දිනක  මූදුකටුව ප්‍රදේශයේ  දී  නීතිඥ චිත්‍රාල්  ප්‍රනාන්දු මහතාගේ ප්‍රචාරක දැන්වීමක් සහිත කටවුට් එකක් කඩා දමා තිබේවාර්තා වන අන්දමට මෙම සිදුවීම සිදුවී තිබෙන්නේ ජුනි 28 වනදා රාත්‍රියේදීය. පුද්ගලික භූමියක සවිකර තිබූ එම ප්‍රචාරක පුවරුව යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයන් සිව්දෙනෙකු විසින් කඩා විනාශ කර ඇත.
මෙම සිදුවීම මේ ප්‍රදේශයෙන් වාර්තා වන පළමු  මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාව ලෙසද සැලකිය හැක. නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන වෙන්නප්පුව ප්‍රදේශයේ තරුණ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන අතර මෙවර පළාත් සභාව සදහා තරඟ කිරිම සදහා අපේක්ෂාෙවන් සිටින්නෙකි.මේ පිළිබදව අප ඔහුගෙන් විමසා සිටි අවස්ථාෙව් පවසා සිටියේ කව්රුන් විසින් මෙය සිදුකරන්නට ඇතිදැයි පැහැදිලි නැති බවය.
එමෙන්ම තවදුරටත් ඔහු පවසා සිටියේ ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේද පළාත් සභාවට තරඟ කිරිමට බලාපොරොත්තුවෙන් සිටින අය මේ දිනවල ඒ ප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා සැරිසරන බවය.1017608_502851016454191_173816469_n

ඡායා උපුටාගැනීම
https://www.facebook.com/photo.php?fbid=502851016454191&set=a.445982998807660.108272.436459889759971&type=1&theater