ඩුබායි මගියා සහ වෙන්නප්පුව මගියා

0
65

dubai busරටක් නඩත්තු කරනුයේ එරට මහජනයා විසිනි. ඒ ඔවුන් ගේ බදු ුමුදලෙනි.මේනිසාම ඒ ජනයාට අවැසි පහසුකම් සපයන්නට ඒ රාජ්‍යයන් බැදි සිටිති.
එහෙත් ලංකාව වැනි රටවලදි එහි සියළු පරිපාලන ව්‍යුහයන් කල්පනා කරන්නේ මහජනයාගෙන් නඩත්තුවිම මිස ඒ ජනයා නඩත්තු කිරිම නොවේ.
වෙන්නප්පුව ප්‍රාදේශිය සභාව විසින් මීට මාස 6 කට පමණ ඉහතදි බස් මගින් සදහා වු මගි ආවරණයක් ඉවත් කරන ලද්දේ වෙන්නප්ුපවේ PIZZA HUT එකේ පෙනුමට එය හොදි නැතිවු නිසාය.
වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපතිවරයාගේ හිතවතෙකු වු සන්හිල් බේකරි හිමියාට මේ  ගොඩනැගිල්ල අයත්ය.
බස් මගි ආවරණය ඉවත් කරන අවස්ථාවේ දි ප්‍රාදේශිය සභාපතිවරයා හලාවත මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරින් හට පවසා තිබුනේ 2013 ජනවාරි මාසය තුලදි එය නැවත සවි කිරිම සදහා ස්ථානයක් පිලියෙලකර දිමට තමන් පොරොන්දු වන බවය.
දැන් ජුලි මාසයත් පටන්ගෙනය.
මේ අතර  ඩුබායි නගරයේ බස් මගි ආවරණයක ජායාරූපයක් පසුගිය දිනක අප වෙත ලැබුණි. ඒ රටේ පවතින උෂ්ණාධික කාල ගුණය නිසා බස් මගි අවාරණය ඉතාමත් විධිමත් සහ ආකර්ශිනිය ලෙස සකසා වායු සමනය ද කර ඇත.
ඒ මගින් ගේ පහසුව පිණිසය.
එහෙත් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපතිවරයා විසින් PIZZA HUT එක වෙනුවෙන් ගැලවු මගි ආවරණය නැවත සවි කරන්න මාස 6 ක් ගොසින් පවා බැරිවන්නේ අතපසුවිමකින්ද ???
නැත.
සුසන්තලාට බස් මගියා වැදගත් වන්නේ මැතිවරණයකදි පමණි ඉන්පසු ඒ අය සලකන්නේ  සන්විල් බේකරි හිමියාගේ හිතවත්කමටය.
මේ තත්වය වෙනස්කිරිමට යළිත් අවස්ථාවක් වෙන්නප්පුවේ මගියා හට දැන් ලැබි ඇත.
ඒ වයඹ පළාත් සභා මැතිවරණයයි.
2013-01-09 12.17.51