රුක්මණී දේවියගේ ස්මාරකය ආනන්ද මුණසිංහ කඩා දමයි.

1
160

P1090578

හෙලයේ මහා ගීත කෝකිලාවිය ලෙස ද අග‍්‍රගණ්‍ය ශී‍්‍ර ලාකීක සිනමා නිළියක් ලෙසද ගෞරවාදරයට පාත‍්‍ර වූ රුක්මණී දේවීයගේ මළ සිරුර භූමදානය කර තිබෙන මීගමුව මහා නගර සභා ප‍්‍රධාන සුසාන භූමියේ තනා ඇති ස්මාරකය අද පෙරවරුවේ නීති විරෝධීව කඩා බිද දමමින් සිටි පුද්ගලයන් 06 දෙනෙකු උපකරණද සමගින්  එම පුද්ගලයන් පැමිණි කෘ කැබ් රථයද පොලිසිය භාරයට ගෙන ඇත. එලෙසම මෙම නීතිවිරෝදී කි‍්‍රයාව කිරීමට අණදුන් හා ඊට මුලික වූ මීගමුව හිටපු නගරාධිපතිවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍රවරයෙකු වූ ආනන්ද මුණසිංහ මහතාවද මීගමුව පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

එහි සවිකර තිබූ ඇගේ පිළිිරුව එම ස්ථානයෙන් ගලවා ඉවත් කර තිබේ. මීගමුව හිටපු නගරාධිපතිවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍රවරයෙකු වූ ආනන්ද මුණසිංහ මහතාගේ අණ කිරීම පරිදි එදින පෙරවරු 9.30 ත් 10.30 ත් අතරතුර කෘ කැබ් රථයකින් පැමිණි 06 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් උද`ඵ හා නාරසන වැනි උපකරණ යොදා ගනිමින් එම ස්මාරකය කඩා බි`ද දමා එය වටකොට තනා තිබූ යකඩ වැටද කඩා ඉවත් කර තිබේ. එලෙසම එහි සවිකර තිබූ රුක්මණි දේවියගේ උඩුකය නිරූපනය වන පිළිරුවද එම ස්මාරකයෙන් ගලවා ඉවත් කර තිබේ. මඤ්ඤොක්කා හේන නමින් හැ`දින්වෙන මීගමුව මහා නගර සභාවට අයත් මෙම පොදු සුසාන භූමිය පිරිසිදු කිරීමේ කටයුතු වල යෙදී සිටින කම්කරුන්ටද මේ අවස්ථාවේ කර කියා ගත දෙයක් නොහැකිව මේ බව මහා නගර සභාවට දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ආනන්ද මුණසිංහ මහතාගෙන් ප‍්‍රශ්න කල අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ රුක්මණී දේවිය භූමදානය කර ඇති මීගමුව ප‍්‍රධාන සුසාන භුමියේ මෙම භූමි කොටස තම පවුලට ( ආනන්ද මුණසිංහගේ පවුලට * අයත් බවයි. එම භුමී කොටස තම පවුලට අයත් බවට ඔප්පු කිරීමට පවා අවශ්‍ය නීත්‍යානුකූල ඔප්පු වැනි සාධක තමා සතු බවත් ඔහු එහිදී පවසා ඇත. එලෙසම තම පවුලේ ඥාතීන් දෙදෙනෙකු මේ වන විටත් මිය යාමට ආසන්න බැවින් ඒ අය තව දින කිහිපයකින් මිය ගිය පසු භූමදානය කිරීමට මේ ස්ථානය ලබා ගැනීම ස`දහා මෙම ස්මාරකය හා පිලිරුව ඉවත් කිරීමට කි‍්‍රයා කල බව ආනන්ද මුණසිංහ මහතා විසින් පොලිස් නිලධාරීන්ට වැඩි දුරටත් පැවසු බව මීගමුව වැඩ බලන පොලිස් ස්ථානාධිපති , ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස්ලි රූපානන්ද මහතා පැවසීය.

කෙසේ වෙතත් මීගමුව වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා වරඩි දුරටත් ස`දහන් කලේ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති ආනන්ද මුණසිංහ මහතා ඇතු`ඵ අනෙකුත් සැකකරුවන් 06 දෙනාවද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි.

මෙලෙස කඩා බි`ද දමා ඉවත් කර ඇති ස්මාරකයේ තනා තිබූ විශේෂිත ශිලා ඵලක කිහිපයක්ද තිබිණි. එම ශිලා ඵලක වල රුක්මණි දේවිය පිලිබ`දව වර්ණනාවන් මෙන්ම ඇය ර`ග පෑ චිත‍්‍රපට සහ අදාල වර්ෂයන්ද එලෙසම ඇය සම`ග ගී ගැයූ ගායකයන්ගේ සහ ඇයට ගීත රචනා කල ගීත රචකයන්ගේ නමාවලියක්ද එහි ස`දහන් වී තිබිණි. තවද ඇගේ ජිවිතයේ නොමැකෙන විශේෂිත අවස්ථාවන් පිලිබ`ද ස`දහන් වූ ශිලා ඵලකයක්ද ඒ අතර විය.P1090566

1923 ජනවාරි 15 වැනි දින උපත ලැබූ රුක්මණි දේවිය හදිසි අනතුරකින් මිය ගියේ 1978 වසරේ ඔක්තෝබර් 28 වැනි දිනය. ජීවත්ව සිටි වසර 55 ක කාලය තුළ ඇය ශී‍්‍ර ලංකීය සිංහල චිත‍්‍රපට කලාවට මහත් වූ සේවාවක් සිදු කල කලාකාරිනියක් විය. භූමදානය කර වසර 33 පමන ගත වූ පසු මෙලෙස ඇගේ ස්මාරකය හා පිලිරුව කඩා බි`ද දමා ඉවත් කිරීමට කි‍්‍රයා කිරීම මිනිස්කමට නිගා දෙන තිරිසන්, පහත් අධම කි‍්‍රයාවකි.P1090574P1090580P1090577P1090572P1090585new

සටහන සහ ඡායා –තුෂාර ෙරාහාන්

1 COMMENT

  1. miyagiya mewani ahinsaka kalakariniyakata apahasakala ewunta hena hatama gahapan……………….!!!!!!!!!!!!!!!!

Comments are closed.