මීගමුවේ බාබර්ලාටත් VIP කාර් පොලිසිය නිහඬයි…??

0
75

vipලංකාවේ වැඩිම VIP වාහන ඇති නගරය මීගමුව වියු යුතුය.නීති ප්‍රකාර නම් VIP ලාංඡනය වාහනයක සවි කළ හැක්කේ පාර්ලිමේන්තු කටයුතු භාර කොමසාරිස්වරයාගේ අත්සන එහි ඇත්තේ නම් පමණි. එමෙන්ම එය ඡායා පිටපතක්ද නොවිය යුතුය.මේ කොන්දේසි  ඉටුනොකරමින් VIP ලාංඡනය භාවිතා කළ දේශපාලකයන් අත්අඩංගුවට ගෙන තිබිමේ පුවත් කිපයක්ම පසුගිය දිනක ලංකාදිප පුවත් පතේද පළවි තිබුණි.
මේ සම්බන්ධයෙන් අපට කරුණු දක්වා සිටි මීගමුෙව් මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකු පවසා සිටියේ මීගමුවේ ඇතැම් දේශපාලකයන්ගේ හිතුවතුන් ගණනාවක්ම VIP ලකුණු භාවිතා කරන බවත් ඒ අතර බාබර් ලා මෙන්ම කොන්ත්‍රාත්කරුවන්ද සිටින බවය.
එහෙත් මීගමුවේ පොලසිය මේ සියල්ල පිළිබදව නිහඩය.