මාතලේ සමුහ මිනිවලේ නඩුවට දෙමව්පියෝ තවත් දිවුරුම් ප්‍රකාශ අත්සන් කරති.

0
72

matele affi 1මාතලේ සමුහ මිනිවලේ මීළඟ නඩු වාරය 2013 අගොස්තු 19 වෙනි දිනට යෙදි ඇත.පුද්ගලයන් 154 දෙනෙකුට අයත් යැයි සැක කෙරෙන මිනි ඇටකටු මෙම සමුහ මිනිවලේ තිබි සොයාගෙන තිබුන අතර දැනට සොයාෙගන ඇති සාක්ෂි අනුව මෙම සමුහ මිනිවල 1988-89 සමයට අයත් බව සනාථ වි  ඇත.
දැනටමත් මේ නඩුව සදහා දෙමව්පියන් 30 දෙනෙකු පමණ දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් නඩුවට සහභාගි වි ඇති අතර තමන්ගේ දරුවන් සහ ඥාතින් මේ සමුහ මිනිවලේ සිටිතැයි විශ්වාස කරමින් මේ නඩුවට සම්බන්ධ විම සදහා තවත් දෙම්ව්පියන් පිරිසක් 2013 ජුලි 20 වනදා  මාතලේදි දිවුරුම් ප්‍රකාශ සදහා අත්සන් කිරිමේ වැඩ සටහනක් සංවිධානය කර තිබුණි .මෙම නිතිමය මැදිහත්විම සම්බන්ධිකරණය අතුරුදහන් වුවන් පවුල් එකතුව විසින් සිදුකර තිබුණි.