පාප්තුමාගේ කිතු දහම, MR ගේ කිතුදහම සහ කල්පිටිය දූපත් .. ?

0
220

_56130916_charlie_kalpitIsland of SL_CIKalpitiyasri_lanka_kalpitiyaඅභිනවයෙන් පත්වු පාප්තුමන් මෑතක සිටි සියළුම පාප්තුමන්ලාට වඩා වෙනස් අයෙකු බව දිනෙන් දිනම ලොවට කියා පාමින් සිටිති.
වතිකානුවේ සුඛෝපහෝගි දිවිපැවැත්ම පවා ප්‍රතික්ෂේප කරමින් අල්පේච්ඡ ජිවිතයට එතුමන් දිවි හුරකරගනිමින් සිටිති.
වරක් වතිකානුවට පැමිණ සිටි මන්ද මානසික තරණයෙකු තුරුළුකරගෙන පාප්තුමන්ගේ සංචාරක රථයටද නංවාගෙන තිබුණි.
පියතුමන්ලාගේ  අති සුපිරි යානවාහන ගැන තම මතය වරෙක උන්වහන්සේ පළකර සිටියේය.ඒ පියතුමන්ලාට අල්පේච්ච ජිවිතයක් කිතුදහමේ හරය බව නැවත ලකුණු කොට තබමිනි.
කිතුණු සභාවේ ශ්‍රේෂඨ නායකයාණන් වු එතුමන් දිළිදුන් හට මුල්තැන දෙමින් ආගමේ ඇත්ත හරය ජිවත්කරවිමට උත්සහ ගනිද්දි ලංකාවේ කතෝලික සභාව අද ක්‍රියාත්මක වෙමින් ඇත්තේ දිළන්දන්ට එරෙහිව යන රාජ්‍ය ව්‍යපෘතියේ හවුල් කාරයන් ලෙසය.
එයට උතුරු දකුණු භේදයක් නැත.
යුද්ධයෙන් වසර 3 කට පසුවත් අවතැන්ව පැමිණි ජනයාට මුල්ලිකුලමේ තමන්ගේ ගම්වලට යන්න ඉඩනොදුන් ආරක්ෂක ලේකම්ගේ ව්‍යපෘතිය වෙනුවෙන් එහෙම පිටින්ම පෙනි හිටියේ කාර්දිනල් මැල්කම් රංජිත් තුමන්ය
.එතුමන් අාරක්ෂක ලේකම් වරයා හා මුල්ලිකුලමට ගොස් ජනතාවට කියා සිටියේ ආණ්ඩු ව කියන විදියට කටයුතු කරන ලෙසය.
නිදහස් වෙළද කලාපයේදි ඝාතනය කෙරුණ රොෂෙන්ගේ මළගෙදර කටයුතු එහෙමපිටින්ම අධ්‍යක්ෂණය කරන ලද්දේ කතෝලික සභාව විසිනි.කතෝලික පල්ලියක් ලංකා ඉතිහාසයේ පළමු වතාවට funeral parlour එකක් වුෙය් මේ සිදුවිමත් සමගින්ය.
ඉන්ධන මිළ දරාගැනිමට නොහැකිව ධීවරයන් පාරට පැමිණි අවස්ථාෙව් ඒ සටන රජයට අවැසි ලෙසින් කළමනාකරණය කරගන්නට සියළු සහය ලබාදුන්නේද කිතුණු සභා නායකත්වයයි.
එමෙන්ම මෑතකදි මන්නරාමේ පියතුමන්ලා පිරිසක් ජනපති හා කෝපි පානය කිරිම සදහා පහසුකම් සලසා දි තිබුනේ මේ අකාරයෙන්ම විය යුතුය.උතුරේ ජන්දයට මෙම හමුව උපරිම ලෙසින් ප්‍රයෝජනයට ගැනිමට දැන් රජය කල්පානා කරනවා විය යුතුය.
මේ සියල්ල හරහා  දැන් ඔවුන් උත්සාහ කරන්නේ කල්පිටියේ දුපත් ආශ්‍රිතව රජය කරන්නට සුදානම් වන සංචාරක කර්මාන්තයට අවැසි පරිවාර සේවා සැපයිමේ ව්‍යාපෘතින් වලදි ඊට එරෙහිව යන පාරම්පරික ධීවරයන් සනහාලිමය.මේ කටයුත්ත දැනටමත් භාරගනෙ ඇති කල්පිටිෙය් මිසම් සේවක පියතුමන් මේ ප්‍රශ්ණය අරභයා වෙනත් කණ්ඩායම් මේ ධිවරයන් දැනුවත් කිරිමට ඇති ඉඩකඩ අහුරාලන්නට පටන්ගෙන ඇත.
ඔවුන් පවසා ඇත්තේ ඒ කටයුතු පල්ලියට පමණක් කළ හැකි බවය.
මේ නිසා ආණ්ඩුවේ කපටි ව්‍යාපෘති පාලකයන්ට මහත් වු ධන නිධානයක් බවට මේ පසුබිම පත්ව ඇත.
මේ අණුව පරම්පාරා ගාණක හිමිකාරයන්ය දූපත් ධීවරයන්ගෙන් මේ රැකියා බිම ූඋදුරාගැනිමට පිඹුරුපත් සකසන පාලකයන්ට කිතුණු සභාවේ මේ ප්‍රවණතාවය මහත් වු පිටුබලයක් සපයා ඇත.