රාමසාන් උපවාසයට සර්ව ආගමීක වැඩසටහනක්

0
106

මුස්ලිම් ජාතිකයන් විසින් පවත්වන්නට යෙදෙන  ‘‘ රාමසාන් ’’ උපවාසය නිමිති කරගෙන මීගමුව ප‍්‍රදේශයේ සර්ව ආගමීක නායකයන් සහභාගී වූ  වැඩසටහනක් පසුගිය අගෝස්තු 15 වැනි සදුදා දින සවස මීගමුව, පෙරියමුල්ල ප‍්‍රධාන මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්විණි. මෙය සංවිධානය කර තිබුනේ තරුණ මුස්ලිම් සංගමයේ මීගමුව ශාඛාව විසිනි. මීගමුව ප‍්‍රදේශයේ මුස්ලිම්, බෞද්ධ , කි‍්‍රස්තියානී සහ හින්දු ආගමීකයන් අතර සහ සියඵ ජාතීන් මෙන්ම විවිධ වූ වෘත්තිකයන් අතරද එකමුතුකම , සහෝදරත්වය සහ සමගිය වර්ධනය කිරීම මෙම වැඩසටහන පැවැත්විමේ මුලික අරමුණ වී තිබිණි. මෙම සර්ව ආගමීක වැඩසටහන සදහා අගුරුකාරමුල්ල , විහාරස්ථානයේ ඥානසිරි ස්වාමීන් වහන්සේ ඇතුඵ ස්වමීන් වහන්සේලා කිහිප දෙනෙකුද   කතෝලික පියතුමන්ලාද සහභාගී වූහ. එහිදී ඥානසිරි ස්වාමීන් වහන්සේ සහ එක් කතෝලික පියතුමෙකු කෙටි දෙසුම් පවත්වන ලදී.
මේ අවස්ථාවට මීගමුව ප‍්‍රදේශයේ  දේශපාලනඥයින් කිහිපදෙනෙකු හා  රාජ්‍ය නිලධාරීන් හා  මාධ්‍යවේදීන් මුස්ලිම් භක්තිකයන්  ද  සහභාගී වී සිටියහ.

 පෙරියමුල්ල මුස්ලිම් දේවස්ථානය
පෙරියමුල්ල මුස්ලිම් දේවස්ථානය
 පෙරියමුල්ල මුස්ලිම් දේවස්ථානය
පෙරියමුල්ල මුස්ලිම් දේවස්ථානය

තුෂාර රොහාන්

ජායා – මොහොමඞ් ආකීබ්