තිරිසනෙකු වු මාමණ්ඩියා විසින් ඝාතනය කළ ලේලිය අවසන් ගමන් ගියාය…

1
109

3මවගේ ඇකයේ කිරිඋාරා බොමින් දවස ගත කල අත දරුෙවකු ගේ ඇඬිල්ල ඒ නිවසේ කිසිවෙකුටවත් නවාතාගත නොහැකි වන්නේ ඒ කිරිකැටියාගේ කිරිද,මවගේ උණුසමද දැන් අහිමි ව ගොස් ඇති නිසාය. මේ අතදරුවාගේ මව වු ලක්ෂිකාව ඝාතනය කරන්නට උපාලි ග්‍රෙරෝ නම් වු තිරිසනා කල් ඇතිව මනා සේ සැලසුම් කර තිබුණු බව දැන් අනාවරණය වෙමින් තිබේ.
ගෑස් ලිපේ බටය ගලවා දමා ඇත්තේ ඝාතනයක සුළු මුල වසංගනු පිණිසය.
නිවස තුල ජලසැපයුමද විසන්ධිකර ඇත්තේ කිසියම් හෝ ලෙසකින්  තමන්ගේ සැලසුම වරදින තැනට කටයුතු යෙදෙමින් ලක්ෂිකා ජිවිතය බේරාගනිවි යැයි සිතු නිසා විය යුතුය.
තමන්ගේ වාහනයේ දොරවල් 2කක් ගලවා දමා තිබුනේද අසාධ්‍ය තත්වයකට පත්වන ලක්ෂිකාව විගසින් රෝහල් ගෙනයාමට ඇති ඉඩ වලකා ලණු පිණිස විය යුතුය.
එහෙත් මේ සියළු සැලසුම් තුල පවා මෙහි විමර්ශන සදහා පැමිණි පොලිස් නිළධාරින්ව නොමග යැවිමට උපාලි ග්‍රෙරෝ් නම් වු මේ තිරිසනාට හැකිවන්නේ නැත.
ගතවුයේ පැය කිපයකි.
ලක්ෂිකාගේ සිරුරට  ගිණි තබා ඇති බවත් එය සිදු කර ඇත්තේ තමන්ගේම මාමණ්ඩියා විසින් බවත් පොලිසිය සක්සුදක් සේ පැහැදිලි කරගනිමින් ඔහු කොටුකර ගනිද්දි ඒ ඝාතනයේ වගකිම භාරගන්නවා හැරෙන්නට අන්කිසිවක් කරන්නට මේ තිරිසනාට ඉතිරිව තිබුනේ නැත.
තම පණ මෙන් රැකගත් දරුවන් දෙදෙනාද තනිකොට ඊයේ  කුරණ කටුනායකදි ලක්ෂිකා යළි නොඑන ගමන් ගියාය.
මේ සටහන තැබෙන මොහොතෙත් අර කිරිකැටියා ඉකිබිදිනවා විය යුතුය.
මේ ඉකිබිදුම වවාගත නොහැකි වු කාන්තාවන් පිරිසක් ඊයේ (2013 ජුලි 29) කොළඹ මීගමුව පාරට පැමිණ ටයර් පුළුස්සා දමමින් විරෝධය පළ කර තිබුනේ උපාලි ග්‍රෙරේරෝ නම් වු තිරිසන් මාමණ්ඩියාට පමණක් ම නොවේ.
එවන් තිරිසුනුන් උපද්දන මේ මජර සමාජයටමය.lakshika2lakshika 1