අසූචි තවරාගත් ඌරන් සමග සිංහයන් සටනට යන්නේ නෑ.මීගමුව නගරාධිපති

0
220

ruk rd 4අසුචි තවරාගත් ඌරන් සමගින් සිංහයන් සටනට යන්නේ නැති බව පසුගිය දිනක පවසා සිටියේ මීගමුව නගරයේ ප්‍රධාන පුරවැසියාය.
මේ ප්‍රකාශය ඔහු විසින් කර තිබුනේ අගෝස්තු මස මහ සභා රැස්විම අවස්ථාවේදිය.නිමිත්ත වි තිබුනේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි දායන් ලංසා මහතාගේ විසින් වැල්ලිවිදිය ප්‍රදේශයේ වෙරළ තිරයේ විදුලි බුබුළු සවි කිරිමට ගිය කම්කරුවන්ට තර්ජනය කර තිබිම සම්බන්ධයෙන් විපක්ෂ නාගරික මන්ත්‍රි වෛද්‍ය හෙන්රි රොසයිරෝ විසින් කරන ලද චෝදනාවකට පිළිතුරු සපයමිනි.
මෙම රැස්විම සදහා චෝදනා ලැබු දායන් ලංසා නාගරික මන්ත්‍රිවරයා පැමිණ සිටියේ නැත.
තවදුරටත් නගරාධිපතිවරයා පවසා ඇත්තේ තමන් කිසිවෙකුටත් බය නැති බවය. එහෙත් අසුචි තැවරාගත් ඌරන් හා සිංහයන් සටනට නොයන්නේ බය නිසා නොවන බවද තේරුම්ගත යුතු යැයි අවධාරණය කර සිටියේය.
දයාන් ලංසා හා ඇන්ටනි ජයවීර මන්ත්‍රිවරයා අතර පවතින ගැටුම අරභයා නගරාධිපතිවරයා විසින් කරන්නට යෙදුන ප්‍රකාශය දෙදෙනා අතර ඇති ගැටුමේ තරම කියා පාන්නක් බව සියල්ලෝම තේරුම්ගත් බව නම් එදා පැහැදිලි විය.