මීගමුවේ පාදඩ දේශපාලනය

2
119
මියගිය දිල්සිරි මහතා
මියගිය දිල්සිරි මහතා

මීගමුව ඇත්තටම පාලනය වන්නේ පාතාලය විසින් යැයි අපගේ අපේ‍්‍රල් කලාපයෙන් පාඨකයන්ගේ අවධානයට ගෙන ආවෙමු.
ගතවුයේ තෙමසකි.
මීගමුව මහනගර සභා මැතිවරණයට ආණ්ඩු පක්ෂය විසින් නගරාධිපති අපේක්ෂකයෙකු  ලෙසින් නම්කිරිමට නියමිතව සිටි මාක් සුජිත් නම් මන්ති‍්‍රවරයා දැන් සිටින්නේ මීගමුව බන්ධනාගාරය තුළයග ඔහුට එරෙහිව ඇති චෝදනාව නම් කට්ටුව ප‍්‍රදේශයේදි පුද්ගලයෙකුව කඩුවකින් කපා ඝාතනය කිරිමයි.
මුළු මීගමුවත් අවට ප‍්‍රදේශවල ජනතාවත් ඉතා හොදින්ම දන්නා පරිදි මෙසේ ඝාතනයට ලක්වු පුද්ගලයා අදාළ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති අහිංසකයකි. සිදුව ඇති කලබලය කුමක්දැයි විමසාලිමට ඔහු එතනට පැමිණ තිබුණිග ඔහු අත කිසිදු ආයුධයක් නොවුණ අතර තනියට සිට ඇත්තේ ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාය.
මේ පුද්ගලයා ඝාතනය කළා යැයි චෝදනා ලැබ සිටින  මන්ති‍්‍රවරයාගේ සහයට තවත් මැරයන් දස දෙනෙකු පමණ එහි සිට ඇතග ඒද නිකම්ම නොවේග ඔවුන් අත කඩු 6 ක් පමණ තිබි ඇත.
මේ ඝාතකයන් ඉතා පැහැදිලි ලෙසින් මිය ගිය අයගේ බිරිඳල මව සහ පුතා විසින් හදුනාගෙන තිබේ.
මේ අයට අනුව මාක් සුජිත් මන්ති‍්‍රවරයා විසින් කඩුවකින් කපා අධික ලෙසින් ලේ වහනය වෙමින් සිටි තුවාලකරුව රෝහලට ගෙනයාමද පැය කාලක් පමණ ප‍්‍රමාද කළ බව වාර්තා වේ.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන්් පසුව මීගමුව නගරය පුරා රතුපාට අකුරින් පොස්ටරයක් අලවා තිබුණි.

එහි අන්තර්ගතය මෙසේය.
1ගඅපේ ගමේ ගණිකා මඩම්ලමත්කුඩු ජාවාරම් ඇතුළු ¥ෂණ කි‍්‍රයා සම්පූර්ණයෙන්ම තහනම්,
කරල අහුවෙන්න එපා
කට්ටුව තරුණ කැල
: මේ පෝස්ටරයේ තේරුම කොතරම් භයානකදග මොකක්ද මේ කියන්නේ කරල අහුවෙන්න එපා දන්නවනේ මරනවාග එක නෙමේද මේ තියෙන්නේ ෆ
2ගඅයුක්තියට එරෙහිව නැගී සිටි මාක්සුජිත් මැතිතුමාට අපේ ආචාරය
කට්ටුව ගම්වාසින්
ඉතින් මේක කොයි තරම් යුක්ති සහගතද ?
එරෙහි වෙනවනම් මීගමුවේ අකටයුතුකම් කොයිතරම් නම් තියෙනවදග ඒ විතරක්ද මත්තුඩුල ගණිකා මඩම්ල ඒ විතරක්ද මාසාජ් පාලර්ගගගඉතින් මාක් සුජිත් මේවා දැක්කේ නැද්ද?

3ග කට්ටුව දේවස්ථානය අසල ගණිකා මඩම වසා දැමීමෙන් ගමත් නගරයත් රැුකඳුන්
මාක් සුජිත් මැතිඳුන්ට අපේ ආචාරය
මීගමුව ජනතාව
:පල්ලිය අසල ගණිකා මඩම වැහැව්වේ කොහොමද ? අහිංසක මිනිහෙක් මරලාග එහෙම කරපුවම කොහොමද ගමත් නගරයත් ආරක්ෂා වෙන්නේගෆ
මේ මිනීමැරුමකට සැකකාරයෙක් වී සිටින පුද්ගලයෙකු වීරයන් යැයි සඳහන් කරමින් පුංචි රෝමය පුරාවට අලවා තිබෙන මේ පොස්ටර් දුටු ඔබට දැනුණේ කුමක්ද?
කට්ටුව පල්ලිය අසල තිබෙන ගණිකා මඩමක් ඉවත් කිරිම ගැන තප්පුලන ඒ පොස්ටර් කරුවෝ ඒ වෙනුවෙන් ගෙවන්නට වු වන්දිය ගැනද එකඟ ඇතැයි අප සිතමුග
එනම් මිනිසෙකු ඝාතනය කර හෝ අපි අවට දුෂ්චරිත වලින් ආරක්ෂා කරගත්තා යන්නයි.
මේ පල්ලියේ දිනේශ් පියතුමාගෙන්ද අහන්නට ඇත්තේ පියතුමෙනි ඔබටත් සතුටුද යනුවෙනි.
මේ සටහන තබන්නේ මීගමුව අද පත්ව ඇති තත්ත්වය එළඹෙන ඡුන්දයට පෙර නිවරදිව වටහා ගැනීමට මගපෙන්වීමක් ලෙසය.
මීගමුවේ මහත්මා දේශපාලනයේ අවසානය සටහන් වනුයේ සරත්චන්ද්‍ර ගුණරත්න මහතා දේශපාලනයෙන් සමුගැනීමත් සමඟය.
එජාප බලකොටුවක් සේ ගැනුණ මීගමුවේ වැඩිම කාලයක් මන්ති‍්‍රවරයෙකු ලෙසින් කටයුතු කළ ඩෙන්සිල් ප‍්‍රනාන්දු මීගමුවේ මේ මහත්මා දේශාලන සංස්කෘතියකට පදනම සැපයු බව කව්රුත් පිළිගනිතිිගමෙසේ සාමකාමිව පැවති මීගමුවට මේ පාදඩ දේශපාලනය කැදවාගෙන එනු ලබන්නේ  ආනන්ද මුණසිංහ ආණ්ඩු පක්ෂ දේශපාලනයට පිවිසිමත් සමගින්ය.
ඉන් පසු පැමිණි දේශපාලන නායකයන්  යටතේ මෙය පිමි පනිමින් වර්ධනය වී අද නගරයම පාතාලකරණයට ලක්කොට තිබේ.
හර්මන් කුරේරා නගරාධිපතිවරයා අද මේ නගරයේ ප‍්‍රධාන පුරවැසියාය.
ඔහු දේශපාලන ඉතිහාසයක් ඇති පරපුරකින් බිහිව ආවෙකි.
එමෙන්ම  දේශපාලනයේ යෙදෙන අන් අයට සාපෙක්ෂකව මහත්මයෙකි.
එහෙත් මීගමුව තුළ කිසිදු සදාචාරත්මක වෙනසක් කරන්නට ඔහු අසමත් වන්නේ ඔහුගේ පාලනය වෙනත් තැනක රැුදි ඇති බැවිනිග
ඒ රිමෝට් කන්ට්‍රොලරය ඇත්තේ සරත් ගුණරත්න ආමාත්‍යවරයා අතේයග
එබැවින් ඔහුට කිසිදු ස්වාධින පදනමක් හෝ පැවැත්මක් නැතග
ආණ්ඩු පක්ෂයේ එක් අයෙක් හැර අන් සියළු මන්ති‍්‍රවරු සිටින්නේ නිමල් ලංසා ඇමැතිවරයා සමගයග
මේ පසුබිම යටතේ හර්මන් කුරේරා මහතා සිටින්නේ ගිරියට අසුවු පුවකක් ගානටයග
මේ නිසා හර්මන් කුරේරා මහතා තමාට මෙන්ම නගරයටවත් කිසිවක් කරගන්නට හැකියාවක් නැති ගානට වැටි ඇතග
අද මෙය තවත් සංකිර්ණ වී  ඇත්තේ ජාතික දේශාපාලන බලපොරයේ සෙවැනැලි මේ දේශපාලකයන් වෙතටද පතිතව ඇති පසුබිමකයග
ි බැසිල් රාජපක්ෂ නිමල් ලංසා හරහාත් මහින්ද රාජපක්ෂ සරත් ගුණරත්ත හරහාද මේ බලඅරගලය තවත් ඉදිරියට දිගඇරෙන සැටි අපට බලාසිිටිය හැකග
මේ අනුව මීගමුව පාදඩ දේශපාලනයේ මර්මස්ථානයක් බවට පත්ව ඇතග

සැකකාර මාර්ක් සුජිත් මංතී‍්‍රවරයාගෙන්
විශේෂ ප‍්‍රකාශයක්ග

කඩුවකින් කපා පුද්ගලයෙකු ඝාතනය කළේ යැයි දැනට සැක පිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයේ  මාර්ක් සුජිත් නාගරීක මංතී‍්‍රවරයා ජුලි මස 06 වැනි බදාදා දින පස්වරුවේ නගර සභාවේ පැවති ජුලි මස මහා සභා රැුස්වීමට සහභාගී වී විශේෂ ප‍්‍රකාශයක් කළේයග අධිකරණයෙන් ලද විශේෂ අවසරය මත බන්ධනාගාර නියාමකවරුන්ගේ ආරක්ෂාව මධ්‍යයේ මෙම නාගරික මන්තී‍්‍රවරයාට ජුලි මස මහා සභා රැුස්වීම ස`දහා සහභාගී වීමට අවසර ලැබි තිබිණිග  මහා සභා රැුස්වීමේ යෝජනා ඉදිරිපත් කිරීමට පෙර නගරාධිපතිධුරයේ වැඩ බලන සේපාල මොරවක උප නගරාධිපතිවරයාගෙන් ලද අවසරය මත ඔහු මෙම විශේෂ ප‍්‍රකාශය කළේයග
ඡු1080807 මේ එම ප‍්‍රකාශයේ සංක්ෂිප්තයකිගග
‘‘ ගරු නගරාධිපතිතුමෙනී දැනට මාස 02 කට 03 කට කළින් කට්ටුව සාන්ත ප‍්‍රැන්සිස් සාලිස්  විදුහලේ විශේෂ රැුස්වීමක් පැවැත්වුණාග එම රැුස්වීම පවත්වන්නට මුලික අරමුණ වුයේ අපේ ග‍්‍රාමයේ ආරක්ෂාව සම්බන්ධවයිග මෙම රැුස්වීමට අපේ දේවස්ථානයේ දිනේෂ් පියතුමයිල මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකතුමයි සහභාගී වුණාග එහිදී ගම් වැසියන් පිරිසක්ද සහභාගී වුණාග එම රැුස්වීමේදී දිනේෂ් පියතුමා ප‍්‍රකාශ කළා දේවස්ථානය ඉදිරිපිට ගණිකා මඩමක් පවත්වා ගෙන යනවා කියලාග ඒ අවස්ථාවේදී රැුස්වීමට සහභාගී වෙලා හිටිය මුලස්ථාන පොලිස් පරීක්ෂක තුමාල පියතුමා ඉදිරිපිටම පොරොන්දු වුණාග එම ගණිකා නිවාසය වටලලා එම ගණිකා නිවස පවත්වාගෙන යාම නතර කරනවා කියලාග එහෙම කියලා  මුලස්ථාන පොලිස් පරීක්ෂකතුමා එම ගණිකා නිවාසය වටලලා තිබුණා. නමුත් නැවත වරක් ඒ ගණිකා නිවාසය කි‍්‍රයාත්මක වුණාල පෙර තිබුණ තත්ත්වයටත් වඩා සුපිරි තත්වයට ලඑය නැවත කි‍්‍රයාත්මක වෙන්න පටන් ගත්තාග මෙයට අපේ දිනේෂ් පියතුමත් ල ගම්වාසීන් අතරත් දැඩි විරෝධත්වයක් තිබුනාග එදා ජුනි 10 වෙනිදා මට ආරංචි වුනා ගමේ තරුණ පිරිසක් එදා මේ ගණිකා මඩමට ගහනවා කියලාග ඒවාගේම මේ ගණිකා නිවසේ අයිතිකරුගේ සහෝදරයාව අනපේක්ෂිත අයුරින් මිය ගියා කියලත් ආරංචි වුනා. එම සිදුවීම නිසයි මට මේ විදිහට අද රක්ෂිත බන්ධනාගාර ගත වෙන්න සිදු වුනේ. මාව මේ සිදු වීමට සම්බන්ධ කරලා තියෙන්නේ දේශපාලනයේ නැයැලෙන එක් පුද්ගලයෙකු හා තැනැත්තියකගේ උවමනාවටයි. මාගේ ගමේ ජනතාව වෙනුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත වෙන්න විතරක් නෙමෙයි හිර ගෙදර යන්න වුනත් මම ලැහැස්තියි. හැබැයි මින් පසු අපේ ග‍්‍රාමයේ මත්කුඩු ජවාරම් ල ගණිකා නිවාස කි‍්‍රයාත්මක වෙන්න ඉඩ තියන්නේ නැති බවත් ප‍්‍රකාශ කරන්න කැමතියි.

ාක් සුජිත් මන්ත‍්‍රීවරයා නගර සභාවට පැමිණෙමින්
ාක් සුජිත් මන්ත‍්‍රීවරයා නගර සභාවට පැමිණෙමින්

P1080807

2 COMMENTS

  1. I hope my brother and the family will get justice. He was a loving person and the best brother in the world to me. and for my family we miss him so much I have to say srilankan law is awful. you kill a man infront of the wife and the kids and then how can you denied it. and puting posters around the town. .And you dont even have rightin to go to some one place and damage thir property. If this happen in United Kingdom this murderer will be behind bars for long time I’m so sad to say that i’m srilankan.

  2. I fully agree with your point.Accused MP’s wife to run for the MC election, lets hw the NGB people act ????
    Then we can decide hw many citizen among NGB people.

Comments are closed.