දිවයින පත්තරේ ධම්මික සල්වතුර පච කියයි…

0
166

press con 2
දිවයින පුවත්පතේ ධම්මික සල්වතුර යන මාධ්‍යවේදියා විසින් 2013 අගොස්තු 14 වනදා දිවයින පුවත්පතට ඊයේ කොළඹදි පැවැති පුවත් පත් සාකච්ජාවක් පිළිබදව ද්වේශ සහගත පුවතක් පළකර ඇත.
මෙම මාධ්‍ය සාකච්ජාව සංවිධානය කර තිබුනේ නිදහසේ වේදිකාව විසිනි.
මෙහිදි එකි සාකච්ජාව මෙහෙයවු නිදහසේ වේදිකාවේ කැදවුම් මණ්ඩල සාමාජිකයෙකු වු  බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ එකි පුවත්පත් සාකච්ජාවේ පිළිවෙල ගැන මුලදිම කරුණු කිය සිටියද ලංකාදිප සහ දිවයින පුවත්පත් නියෝජනය කරමින් පැමිණ සිටි මාධ්‍යවේදින් එයට අවනත නොවි මාධ්‍ය සාකච්ජාවේ න්‍යාය පත්‍රයට පිටින් යමින් උතුරේ තත්වය ගැන කරුණු කි සිය පුතු අතුරුදහන් වු මවකගෙන් සහ තෙලිප්පිලෙයි ප්‍රාදේශිය සභාවේ සභාපතිගෙන් දිගින් දිගටම ප්‍රශ්ණ කරගෙන ගියේය.
එයට මැදහත්වු සභාව මෙහෙයවන්නන් පවසා සිටියේ ප්‍රශ්ණ ඇසිම සදහා සියළු අදහස් දැක්විම් වලින් පසු ඉඩක් ලබාදෙන බවය.
එහෙත් එය ගණනකට නොගෙන ඒ මාධ්‍ය සාකච්ජාව තනිකරම මේ දෙදෙනාගේ එකක් බවට පෙරළා ගන්නට ගත් උත්සාහය වලකා ලමින් න්‍යාය පත්‍රයට අනුව එය මෙහෙයවිමට සංවිධායකයන් පියවර ගැනිමත් සමගින් අදාල මාධ්‍ය වේදින් නැගිට ගියේය.
ඉන්පසු මාධ්‍ය සාකච්ජාව සැලසුම් කර තිබු පරිද්දෙන් කරගෙන යන්නට එහි සංවිධායකයන්ට අවස්ථාව ලැබුණි.
තතුඑසේ වෙද්දි දිවයින පුවත්පතේ සල්වතුර නම් ලේඛකයා අමුලික බොරුවක් මෙසේ ලියා තිබේ.


අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කමිටුව හා නිදහසේ වේදිකාව මගින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී දෙමළ සන්ධානයේ ප්‍රාදේශීය සභාපතිවරයකුගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී ඇතිවූ ගෝට්‌ටියෙන් මාධ්‍ය සාකච්ඡාව අතර මග නතර කර දැමීමට සිදුවිය.

කොළඹ ඩීන්ස්‌ පාරේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී මෙම සිද්ධිය සිදුවිය.

තෙලිප්පලෙයි ප්‍රාදේශීය සභාවේ සභාපති එස්‌. සුගීතරන් විසින් උතුරේ සංවර්ධනය හා උතුරේ ආරක්‍ෂක තත්ත්වයන් පිළිබඳව ඉතා පහත් ලෙස විවේචනය කරද්දී දිවයින හා ලංකාදීප මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට උරණ වී ප්‍රශ්න ඇසීම නවතන ලෙස සභාපතිවරයා සහ එම කැඳවුම් කරුවන් විසින් මාධ්‍යවේදීන්ට තර්ජනය කළහ.

උතුරේ ඇතිවී ඇති සංවර්ධනය පිළිබඳව හා උතුරේ ජනතාවගේ සමාජීය ප්‍රගතිය ගැන මාධ්‍යවේදීන් කරුණු පහදමින් ප්‍රශ්න අසද්දී මාධ්‍ය සාකච්ඡාව කැඳවූ කැඳවුම් කරුවන්ට හා සභාපතිවරයාට යකා නැග්ගේය. ඔවුන් මාධ්‍යවේදීන්ට වටකර පහර දෙන්නටද උත්සාහ කළ අවස්‌ථාවේ මාධ්‍යවේදීහු එම සාකච්ඡාවෙන් ඉවත්ව ගියහ.

උපුටා ගැනිම දිවයින වෙබ් අඩවිය.