මාධ්‍යකරුවන්ගේ අඩුව මකන රජයේ ඔත්තුකරුවෝ….

0
86

cidමේ දිනවල කොතනක හෝ සංවිධානය කරනු ලබන විරෝධතාවකදි අපට මුලින්ම දැක ගතහැකි වනුයේ ජංගම දුරකථන අතින් ගත් තැන තැන විසිරි සිටින ඔත්තුකරුවන්ය.
ඊයේ මාතලේ සමුහ මිනිවල සම්බන්ධයෙන් පැවැති විරෝධාතාවයේදි ජංගම දුරකථන 4 ක් අතදරා සිටි අයෙකුද විය.
ඉන් අනතුරුව විරෝධතාවය වෙත සෙමින් සෙමින් පැමිණෙන්නේ කුඩා ප්‍රමාණයේ කැමරා අතින් ගත් ඔත්තුකරුවන්ය.
ඔවුන් නියෝජනය කරනු ලබන්නේ කුමන මාධ්‍යයදැයි විමසන කල්හි විවිධ මාධ්‍ය ආයතන වල නම් කියති.එබැවින් මාධ්‍යකරුවන් කව්ද ඔත්තුකරුවන් කව්දැයි හදුනාගැනිමට දුෂ්කර තරමින් දැන් වැඩේ ක්‍රියාත්මකය.මේ අතර මේ දෙවර්ගයේම තොප්පි මාරුවෙන් මාරුවට භාවිතාවේ යොදවන මාධ්‍යවේදින්ද සිටිති.ඔවුන්ගේ කැමරාකාචයන්ගේ සටහන් පළමුව මාධ්‍ය ආයතනය වෙතත් දෙවනුව CID. TID වෙතත් ලබාදෙනු ලැබේ.