විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති සහ මාධ්‍ය සංවිධාන 100ක් එකතුවී දස වැදෑරුම් වැඩ පිළිවෙළක් මත ගොඩ නගනු ලබන සම්මුතිවාදී මහජන ගිවිසුම හෙවත් සමගි බලවේගය අගෝස්තු 22 වන බ්‍රහස්පතින්දා සවස 2.00ට කොළඹ මහජන පුස්තකාලයේදී එළිදැක්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය, නව සම සමාජ පක්ෂය, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ මෙන්ම සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වැනි වෘත්තීය සමිතිද, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධානද මෙම ගිවිසුමට අත්සන් කිරීමට නියමිතය.
‘නිදහසේ වේදිකාව’ හා සම්බන්ධ සිවිල් සමාජ සංවිධාන ඇතුළු සිවිල් සමාජ සංවිධාන 25ක්ද මේ ගිවිසුමට අත්සන් කිරීමට නියමිත බව එහි සම්බන්ධීකාරක ෆ්‍රෙඩී ගමගේ මහතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාව ‘සමබිම; වෙබ් අඩවිය ඔස්සේ සජීවී ව විකාශය කරනු ඇත.
උපුටා ගැනිම -www.samabima.com