ආචාර්්‍ය නිමල්කා ප්‍රනාන්දු විසින් මෙම අදහස් දැක්වීම සිදුකළේ නිදහසේ වේදිකාව විසින් සංවිධානය කළ ‘නිවේදිකා’ වැඩසටහනේදීයි. නිවේදිකා වැඩසටහන අද සවස 3-30ට කොළඹ රේනුකා හෝටලයේදී පැවැත්විනි. අද පැවති නිවේදිකා වැඩසටහනේ අරමුණ වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරිය ගේ ලංකා වේ සංචාරය හමුවේද ඇති සිවිල් සමාජයේ වගකීම හා කාර්්‍යභාරය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමයි.
” එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සම්බන්ධයෙන් මහකොමසාරිස්වරිය පළමුවෙන් ලංකාවට පැමිණෙන මොහොතේදී අපි ඇයව උණුසුමෙන් පිළිගන්නවා. සිවිල් සංවිධාන 60ක් 2011 ජූලි මාසයේදී රැස්වී අපි ඇයට පිළිගැනීමේ ලිපියක් ඇයට යවා තිබෙනවා. ඒ ලිපිය හරහා අපි ඇයගෙන් විශේෂයෙන්ම ඉල්ලා තිබෙනවා වින්දිතයන් හමුවීමට ඇය විශේෂයෙන් වන්නියට යා යුතුයි කියලා , මේ අවස්තාවේදී ග්‍රෑන්්ඩ්පාස් , වැනි ස්තාන වල සිදුවුනාවූ ආගමික ගැටුම , මුස්ලිම් ආගමික ගැටුම සම්බන්දයෙන් ඇය මැදිහත් විය යුතුයි. රතුපස්වල ජනතාව ඇය හමුවිය යුතුයි. යනාදී කරුණු කාරනා රාශියක් සහිතව ලිපියක් අපි යවා තිබෙනවා. මුල්ලිකුලම් වැනි ගම්මානයකට ඇය යා යුතුයි, ඔමාවිල් වැනි ප්‍රදේශ වල විශේෂයෙන්ම ඉඩම් පිළිබද ප්‍රශ්ණයක් තිබෙනවා. මේ වන විට යාපනයේ ඉඩම් අක්කර 6400ක් පමණ හමුදාව නතුකරගෙන තිබෙන්නේ. දෙමළ ජනතාවට මේ ඉඩකඩම් පිළිබදව බරපතල ප්‍රශ්ණයක් තිබෙනවා. ඒ ගොවියන්ගේ ජීවනෝපායන් පිළිබදව.හමුදාව මේ වන විට අක්කර ගණන් තමන්ගේ ගොවිපලවල් පවත්වාගෙන යනවා. ජීවනෝපයක් නැති අවතැන්වූ දෙමළ ජනතාවගේ ජීවනෝපයට මෙය උත්තරයක් නෙමෙයි. විශේෂයෙන්ම රජය කොහොමද තමන්ගේම සංවර්ධන ක්‍රියාදාමක් තිබෙන බව පෙන්නමින් ඒ ජනතාවගේ සම්පත් උදුරා ගනිමින් ඒ ජනතාව කබලෙන් ලිපට වැටෙන තත්ත්වයට පත්කර තිබෙන්නේ.
සංවර්ධනය කියන්නේ සිමෙන්ති කොට්ට නෙමෙයි , සිමෙන්ති ගුහාවකින් බිදුණු හදවත් පිළිසකර කරන්න බැහැ කියලා අපි දන්නවා. ඒ නිසා අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තවමත් නොවිසුදුණු ප්‍රහ්න රාශියක් තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහකොමසාරිස්වරිය ලංකාවේ පවත්වන්නට නියමිත සංචාරයේදී ශ්‍රී ලංකා ජනාධිපති ඇුතූළු රාජ්‍ය නායකයන්ද ,අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් ද , මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් මෙන්ම උගත් හා පාඩම් කොමිෂමේ සම්බන්ධව ක්‍රියාකාරී නිලධාරීන් මෙන්ම සිවිල් සමාජ නියෝජිතයන්ද හමුවීමට නියමිතය.
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී නිමල්කා ප්‍රනාන්දු මහත්මිය විසින් අවධාරණය කළේ නවනින්දන් පිල්ලේගේ සංචාරය හමුවේ සිවිල් සමාජයේ වගකීම පිළිබද කාරණායි.
‘‘ අපි හැමෝම දන්නවා 2012 සහ 2013 යන වසර වලදී මානව හිමිකම් කොමිසමෙදි යෝජනා 2කක් සම්මත කරන්නට යෙදුණා. රන්නට යෙදුණා. විශේෂයෙන් පශ්චාත් යුද සමයේදී ලංකාෙව් සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් සිදුවූ ඉතා බරපතල මානව හිමිකම් උල්ලනයත් මානව හිතවාදී නීති උල්ලංඝනය වීම් හමුවේ ඇතිවූ තත්ත්වයන් ගැනත් ජාත්‍යන්තර වශයෙන් ගොනුවී තිබුණු සාක්ෂි සහ ජාතික වහයෙන් එළිදරව් වෙමින් තිබුණ කරුනු කාරණා සැලකිල්ලට ගනිමින් පදනම් වුණ වාර්තා 2කක් තිබුණා. එකක් තමයි එක්සත් ජාතීන්ගේ මහලේකම් බන් කී මූන් මහතා විසින් පත්කළ විද්වත් මන්ඩලයේ වාර්තාව, ඒ වාර්තාව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිතුමාම එල්.එල්.ආර් සී කොමිෂම පත්කරන්නට යෙදුණා. ජාතික ශයෙන් ඒ සම්බන්ධයෙන් මේ කරැණු කාරණා ඉදිරිපත් කරගෙන ජනාධිපතිතුමා සහ දේශපාලන නායකයන් කරන්නට යෙදුනේ එයලංාවේම නිපැයුම් ලෙසයි. (හෝම් රෝඩ් සොූලූෂන්.) මානව හිමිකම් ක්‍රියාධරයන් හැටියට අපට ප්‍රශ්න රාශියක් තිබුණා. ඒ LLRC වාර්තාව සම්බන්ධයෙන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම සාක්ෂි දීමට පැමිණි පුද්ගලයන් ට මුදාවෙන් එල්ල වුණාවූ බලපෑම්. ඒ වගේම ඔවුන්ෙග් ආරක්ෂාව සම්බන්ධයෙන් ලංකාවේ තවමත් නැහැ සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ නීතිය. දැන් මේ කරුණු කාරණාත් , මේ පත්කිරීම් සම්බන්ධයෙනුත් තිබුනාවූ මතභේද නිසා සිවිල් සමාජය LLRC වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාකාරීව සම්බන්ධ වුණේ නැහැ. නමුත් විපතට පත්වූවන් සහ ආගමික නායකයන් , දෙශපාලනඥයින් සහභාගී වී තොරතුරු ඉදිරිපත්කරන්නට යෙදුණා. ඒ අනුව තමයි LLRC වාර්තාව ගොනුවුණේ.
නමුත් LLRC වාර්තාව ප්‍රකාශයට පත්වුනාම අපේ සහයෝගය රජයට පලකළා. මේ වාර්තාවේ තිබෙන යෝජනා අවම වශයෙන් හෝ ක්‍රියාත්මක කරනවා නම් ලංකාවේ මේ වරදට දඩුවම් නොකිරීමේ සංස්කෘතිය සහ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් මතුවී තිබෙන්නාවූ බැරෑරුම් තත්ත්වයන් සම්බන්ධයෙන් පරීක්ෂන පැවැත්වීමට වාතාවරණයක් සැකසෙයි කියලා. දැන් ඒ ඉල්ලීම ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් අපි බලපෑම් ඇතිව කරන්නට යෙදුණා.
ඒ අනුව තමයි 2012 දී මුල් යෝජනාව සම්මත වුණේ LLRC යෝජනා ක්‍රියාත්මක කරන්ඩ.ඉන්පසුව 2012 මාර්තු සිට 2013 මාර්තු දක්වාත් ආණ්ඩුවේ ක්‍රියාකලාපය,රජය ඒ සම්බන්දයෙන් දුන්නාවූ ප්‍රතිචාර බලලා තමයි ජාත්‍යන්තර ප්‍රජාවත් , සිවිල් සමාජයත් මානව හිමිකම් කොමිසම තුළ එකට ක්‍රියාකාරීවී 2013 මාර්තු යෝජනාව සම්මත වුණේ. වඩා පුළුල්ව LLRC වාර්තාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඒ වෙනකොට රජය බොහෝම මන්දගාමී ස්වරුපයක් ගත්තේ. LLRC වාර්තාවේ සිංහල සහ දෙමළ පරිවර්තන ඒ වෙනකොට තිබුණේ නැහැ. ප්ලෑන් ඔෆ් ඇක්ෂන් කියන ඒ වැඩ සැලසුමේ ඔවුන් තෝරාෙගන තිබුණේ ඉතාම සීමිත කොටසක් පමණයි.
විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධයෙන් LLRC වාර්තාවේ තිබෙන්නාවූ යෝජනා වලට තාමත් වැඩසටහනක් නැහැ. දැනට LLRC වාර්තාවේ ඒ සම්බන්ධයෙන් තිබෙන නිර්දේශ ප්‍රමාණවත් නැහැ.
මේ නිසා තමයි 2013 යෝජනාව සම්මත වුණේ. ඒ යෝජනාවට අනුව
මහකොමසාරිස්වරියට පැවරෙනවා වගකීමක්, සැප්තැම්බර් මාසයේ 22 වන සැසිවාරයේදී වාර්ෂිකව කරුණු ඉදිරිපත් කරන්නට විශේෂයෙන්ම මේ LLRC වාර්තාවේ යෝජනාව සම්බන්ධයෙන්. මහකොමසාරිස්තුමියගේ විශේෂ නියෝජිතයන්ටත් විශේෂයෙන් අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් , ලංකාවේ නීති විරෝධී ලෙස සිදුවූ ඝාතන සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඇතිවූ ගැටළු ගැන ඒ යෝජනාව තුළ වැඩකටයුතු පැවරී තිබුනා.”
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වීම සදහා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, වර්ගවාදයට හා වෙනස්කොට සැලකීම් වලට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා නිමල්කා ප්‍රනාන්දු, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ කැදවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු , නිදහසේ වේදිකාවේ කැදවුම් මන්ඩල සාමාජික නීතිඥ සුදර්ශන ප්‍රනාන්දු යන අය සහභාගී වුහ.
ආචාර්්‍ය නිමල්කා ප්‍රනාන්දු විසින් සිදුකළ සම්පූර්ණ කතාව