බේබන්දන් පිරිසක් මෝටර් රථයකට ගිනි තබති.

0
121

අද අලුයම (2013 සැප් 01 )අති නවින පන්නයේ මෝටර් රථයකට කුඩාපාඩුව ප්‍රදේශයේදි කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇතැයි වාර්ථා වේ.
කුඩාපාඩුවේ පිහිටි රාත්‍රි අවන්හලක සිදුව තිබුන කලබලකාරි තත්වයක් හේතුවෙන් එහි සිටි යුවලක් සිය මෝටර් රථයෙන් සිය නිවස බලා යාමට පිටත්විමේදි ත්‍රිරෝදයක සහ එක් පුද්ගලයෙකගේ ඇගේ හැපි ඇත.මින් තවත් කලබලයට පත්වු මේ යුවල මෝටර් රථය දිගටම පදවාගෙන ගොස් ඇති අතර පසුව එහි එක් රෝදයක් වලක වැටි ඇත.
ජිවිත ආරක්ෂාව පතා පසුව මේ දෙදෙනා මෝටර් රථයද දමා නිවසට ගොස් තිබුන අතර එහි පැමිණ තිබුණ පෙර කි ත්‍රිරෝද රථයේ පිරිස විසින් අද අළුයම 3.30 ට  මේ  මෝටර් රථයට පොලුවලින් පහර දි විනාශ කර ඇති අතර පසුව යළිත් අළුයම 5 ට පමණ කව්රුන් හෝ විසින් මේ රථයට ගිනිතබා ඇතැයි වාර්ථා වේ.
මීගමුව පොලිසියේ අපරාධ අංශය විසින් මේ ගැන වැඩිදුරපරික්ෂන පවත්වති.
ජායා -එම් .එසෙඩ් සහජාන්