විශ්‍රාමික විදුහල්පතිනිය සල්ලි ගසා කාලා.

0
87

breberyකොච්චිකඩේ දළුවකොටුව විදුහලේ විදුහල්පතිනිය ලෙසින් සේවය කළ මංගලිකා  ප්‍රනාන්දු මහත්මිය දැන් විශ්‍රාම ගොසිනිි.
සිය ධුර කාලය තුලදි මුදල් අයථා  ලෙසින් ලබාගැනිම්  සම්බන්ධයෙන් මෙන්ම පාසැලේ දෙමව්පියන් ලවා ගොඩනැගිලි උපකරණ ඇතුළු තවත් බොහෝ දැ ලබාගෙන ඇති බවද වාර්ථා විය. මේ සම්බන්ධව දෙමාපියන් විසින් කැලෑ පත්තර ද පාසල අවට අලවා විරෝධය පළ කර තිබුණි.
කෙසේ වෙතත් මේ සියල්ල පිළිබදව බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරින් සිදුකර ඇති විමර්ශනයක ප්‍රථිඵල ලෙසින්  ඇය  වංචා කර ඇති පාසලේ මුදල් ප්‍රමාණය රු  5, 71 426.00 (පන් ලක්ෂ හැත්තෑ එක්දාස් හාරසිය විසි හයක් )  වන බවට ඔප්පවී ඇති බවට වාර්තාවේ.