”ඉවසුවා ඇති” සැප් 11- මහවැවට එන්න….

0
350

‛‛යුද්ධය අවසන්වූවා විය හැකිය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කොට නීතියේ ආධිපත්‍යය හීන කෙරිණ. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ කොමිසම හා මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන ආයතනවල පත්වීම් නිර්දේශ කළ ව්‍යවස්ථා සභාව වැනි විධායකයේ බලය පිළිබඳ වූ වැදගත් සංවරණ හා තුලන ක්‍රමය දුර්වල කෙරිණ. මෙම වසරේ මුලදී අගවිනිසුරුවරිය විවාදාත්මක ලෙස ඉවත් කිරීම හා ජේ්‍යෂ්ඨ අධිකරණ පත්වීම් පැහැදිලිවම දේශපාලනීයකරණය වීම අධිකරණයේ ස්වාධීනත්වය ගැන වූ විශ්වාසය පළුදු කරවීය.

යුද්ධය අවසානයේදී නව ගතිකත්වයෙන් පිරි සියල්ලන් ඇතුළත් කර ගන්නා අවස්ථාවක් උදාවුවද ශ්‍රී ලංකාව අධිපතිවාදී පාලනයක් කරා වැඩි වැඩියෙන් යොමුවීමේ ලක්ෂණ පෙන්නුම් කිරීම ගැන මම බෙහෙවින් කණස්සල්ලට පත් වන්නෙමි. ”
ඉහත දක්වා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය තම සත්දින ශ්‍රී ලංකා සංචාරය නිමවා පෙරළා යාමට පෙර පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී ඇය විසින් කරන ලද දේශනයේ උපුටා ගත් කොටසකි.

වර්ධනය වෙමින් එන මේ තත්වය හමුවේ ශ්‍රිලංකාව ජාත්‍යන්තර තුල කොන්විම නොවැලැක්විය හැකිය.ඉන් ගැලැවිමට ඇති එකම මග වන්නේ LLRC වාර්ථාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කරමින් රට තුල නැවතත් ප්‍රජාතන්ත්‍රවාදි වටපිටාවක් ගොඩනැගිම තුල පමණක් බව නිදහසේ වේදිකාව අවධාරණය කර සිටි.
මේ වෙනුවෙන් වු මහජන විරෝධතාවක් 2013 සැප් 11 වනදා සමගි බලවේගය හා එක්ව සංවිධානය කිරිමට නිදහසේ වේදිකාව තිරණය කර ඇත.
පෙත්සම් අත්සන් කිරිම අත්පත්‍රිකා බෙදිම සහ විදි ජායාරූප ප්‍රදර්ශනයක්ද මෙයට ඇතුලත්ය.

සැප් ු11 වනදා පෙ.ව 10 සිට 12 දක්වා මහවැව නගර මධ්‍යයේදි මෙය පැවැත්වේ.poster copy