President Uncle , please give us our father

0
99

PICT0102(1)

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් ගුවන්තොටුපලෙදි අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකිරිම හේතුකොටගෙන රක්ෂිත බන්ධනාගාරගත වූවන්ගේ පවුල් වල සාමාජිකයින් විසින් පසුගියදා මීගමුව බන්ධනාගාරය අසලදී සාමකාමී විරෝධයක් පැවැත්වූහ. එසේ බන්ධනාගාරගතවූ අයගේ චෝදනා වූයේ ව්‍යාජ විසා ව්‍යාජ ගමන්බලපත‍්‍ර උපයෝගි කරමින් රට යැමට තැත්කිරිම සහ එවාට උදව් කිරිම යනාදියයි. වරදකරුවන්වි මිගමුව බන්ධනාගාර ගතකර සිටින්නන්ගේ පවුලේ සාමාජිකයින් මෙවන් අදහස් දැක්වූහ.

මුරාජ් මොහමඞ් යන අයගේ බිරිද හම්බන්තොට උපන් නූවර පදිංචි දෙදරු මවක් වන රාෆියා (අවු35) මහත්මිය පවසන්නේ තම ස්වාමි පුරැෂයා කටඋත්තර දිමට ගිය අවස්ථාවේදි අත්අඩංගුවට පත්වු බවයි. 2011 පෙබරවාරි 26 දින කටුනායක ගුවන්තොටුපලේදි ඔහුගේ සොහොයුරියගේ පුතෙකු වන ඉශාක් සහ ඉමෙශ් හරිචත්‍ද්‍රන් යන අය රට යන්නට තැත් කිරිමෙදිය. එ සදහා දැන් රටින් මැලෙසියාවට පැන සිටින එජන්සිකරු අලිකාන් හට මුරාජ් ඔවුන්ව හදුන්වාදිම උදව් කිරිම චෝදනාවයි. තම ස්වාමි පුර්ෂයා නොමැති හෙයින් නිවෙස් කුලි ගෙවන්නටත් දරුදෙදනාගේ වියදම් සදහා මුදල් හිගකමින් ඇය පෙළෙන බවත්ය. මහාධිකරණයෙන් මෙම නඩුව පහල අධිකරණය මාරුකර දෙන ලෙසත් ඇප සදහා රුපියල් ලක්ෂ පහක මුදලක වටිනාකමින් යුත් නිෂ්චල දෙපල නොමැති හෙයින් ජනාධිපති තුමාගෙන් පිහිට ඉල්ලා පුවරු රැුගෙන සිටින අයුරුැ දැකිය හැකිවිය.

විරෝධතාවයට එක්වු දෙමටගොඩ කාමේල් ඇලක්සැන්ඩර් මහත්මිය

ස්වාමි පුරුෂයා පෙබරවාරි 28 දින වා්‍යජ විසා බලපත‍්‍රයක් ඉදිරිපත් කිරිමේදි 45 (ඇ8 වගන්තිය යටතේ ) ආගමන විගමන නිළධාරින් විසින් ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගත්බවයි. නිකවැරටියෙන් විරෝධතාවයට සහභාගවු ෆතිමා හලිමා මහත්මිය පැවසුයේ  තම ස්වාමි පුරැෂයා ඔහුගේ හිතවතෙකුට උදව් කිරිමට ගොස් අත්අඩංගුවට පත්වි දඩුවම් ලබා සයමසක් බන්ධනාගාර ගතකර සිටින බවයි.

මෙම සාමකාමි විරෝධතාවයට තම දරුදැරියන් රැුගෙන පැමිණි භාර්්‍යාවන් මෙන්ම සොහොයුරු සොහොයුරියන් පුවරු ප‍්‍රදර්ශනය කරමින්  පවසා  සිටියේ ඇප මුදල අඩුකරන ලෙසත්, මහාධිකරණයෙන් මෙම නඩු පහල අධිකරණයට යොමුකර දෙන මෙන් අධිකරණ අමාත්‍යවරයාගේ මාර්ගයෙන් අතිගරු ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටින බවයි.

ඡුායා සහ සටහන – සුජාඉල් මුනිර්