කැලම් මැක්රෝ ,ලංකාදිපය සහ පාඨකයා…….

0
118

ch4lnපහත පළවන්නේ චැනල් 4 නාලිකාවේ ප්‍රධානි කැලම් මැක්රෝ  ශ්‍රිලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි විමට පැමිණිම පිළිබදව ලංකාදිප පුවත්පතේ වෙබ් අඩවියේ පළ කරන ලද පුවතක් සහ එයට දක්වා තිබුණ ප්‍රතිචාරයන්ය.
අප මෙය නැවත පළකරන්නට කල්පනා කළේ මාධ්‍යක තිබිය යුතු ප්‍රමිතිය කෙබදු විය යුතු දැයි නැවතත් මතක් කරගනු පිණිසය.

‘අලි මදිවට හරක්’

2013 සැප්තැම්බර් මස 12 15:13:50 | .

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් සමයේ වු සිදුවිම් අළලා  චිත්‍රපට කිහිපයක් නිපද වු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝර්  නාළිකාවෙහි අධ්‍යක්ෂ කැලම් මැක්රෝ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වාර්තා කිරිමට  ඒමට අදහස් කරන බව කියයි.

අලි මදිවට හරක්’ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ෆස්රුල් ගෆූර් – කටාර් 2013-09-12 19:06:58

මොහුගේ ගමන අපිට ඉතාමත්ම වටිනවා. දැන් අපිට අවස්තාවක් ලැබිල තිබෙන්නේ. නොදුටු යුද්ධයක් හෝ ව්‍යාජ පටිගත කිරීම් වලට මුවා වෙලා මෙය හදපු චිත්‍ර පටයට පිළිතුරු දෙන්න අපි ලැහැස්තිවෙමු. අපිට පුළුවන් බුද්ධිමත් රාජ්‍ය නිලධාරීන් ගේ සහාය ඇතිව මොහුව යුද්ධය පවතී ප්‍රදේශ දැක බලාගැනීමට අවස්තාවක් ලබා දීම. පුනරුත්තාපන කටයුතු නිම කල හිටපු කොටි සාමාජික / සාමාජිකාවන් මුණ ගස්වල ඔවුන්ගේ අදහස් විමසන්න. යතාර්ථය තේරුම් කරවල දෙන්න. අපි රණවිරුවෝ අහිංසක සිවිල් වැසියන් බේරා ගත්තු හැටි ඔවුන්ගේ කටවල් වලින් මෙයාට කියන්න කියමු. ඒ පලාත්වල එතිවන සංවර්ධන කටයුතු මෙයාට පෙන්නමු. දැන් ඒ පලාත්වල මිනිස්සු මොනතරම් සාමකාමී ජීවිතයක් ගත කරනවාද කියල ඔහුට වැටහේවි. අපි මේ රාජකාරිය හරියට කළා නම් මී ළඟ චිත්‍රපටය අපේ රටේ ගෞරවය විදහාපාන එකක් වෙන්න බැරිද? නිකන් කෑ ගහල අපිට කිසිවක් ලබා ගන්න බැහැ. (දී)

‘අලි මදිවට හරක්’ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ෆස්රුල් ගෆූර් – කටාර් 2013-09-12 19:06:58

මොහුගේ ගමන අපිට ඉතාමත්ම වටිනවා. දැන් අපිට අවස්තාවක් ලැබිල තිබෙන්නේ. නොදුටු යුද්ධයක් හෝ ව්‍යාජ පටිගත කිරීම් වලට මුවා වෙලා මෙය හදපු චිත්‍ර පටයට පිළිතුරු දෙන්න අපි ලැහැස්තිවෙමු. අපිට පුළුවන් බුද්ධිමත් රාජ්‍ය නිලධාරීන් ගේ සහාය ඇතිව මොහුව යුද්ධය පවතී ප්‍රදේශ දැක බලාගැනීමට අවස්තාවක් ලබා දීම. පුනරුත්තාපන කටයුතු නිම කල හිටපු කොටි සාමාජික / සාමාජිකාවන් මුණ ගස්වල ඔවුන්ගේ අදහස් විමසන්න. යතාර්ථය තේරුම් කරවල දෙන්න. අපි රණවිරුවෝ අහිංසක සිවිල් වැසියන් බේරා ගත්තු හැටි ඔවුන්ගේ කටවල් වලින් මෙයාට කියන්න කියමු. ඒ පලාත්වල එතිවන සංවර්ධන කටයුතු මෙයාට පෙන්නමු. දැන් ඒ පලාත්වල මිනිස්සු මොනතරම් සාමකාමී ජීවිතයක් ගත කරනවාද කියල ඔහුට වැටහේවි. අපි මේ රාජකාරිය හරියට කළා නම් මී ළඟ චිත්‍රපටය අපේ රටේ ගෞරවය විදහාපාන එකක් වෙන්න බැරිද? නිකන් කෑ ගහල අපිට කිසිවක් ලබා ගන්න බැහැ. (දී)

සේනාරත්න 2013-09-12 17:45:15

මැක්රෝට එන්න අවසර දුන්නොත් ඒ දවස් ටිකට ඔහුට විරුද්ධ පෙළපාලි නවත්වන්නත් වෙනම හමුදා පිරිසක් සුදානම් කරලා තියන්න වෙයි. (නි)

රනිල් 2013-09-12 17:44:30

වීසා දෙන්න එපා (නි)

fb-icon නීරෝ 2013-09-12 17:43:17

ආවයි කියලා ඉතින් මොනවා කරන්නද? (නි)

ඉෂාර 2013-09-12 15:37:35

කලිසමක් එහෙම ඇඳන් වෙන්න ඇති නේද එන්නෙ? (දී)

රනා 2013-09-12 15:36:09

සාදරයෙන් පිළිගනිමු. උතුරට යන්න කියමු. අලුත් ච්ත්‍රපටියක් හදන්න කියමු. වෙනස බලන්න කියමු. “වෙනස” කියල නම දමන්න කියමු.(දී)

අසේල 2013-09-12 17:23:02

හොඳ ඉන්ෂුවරන්ස් එකක් අරගෙන ආවොත් හොදයි නේද? (නි)

රුවන් 2013-09-12 17:27:03

මෙවැනි අය තමා ලංකාවේ හොඳ දැක දැක විරුද්ධව කතාකරන්නේ. (නි)

ලංකාවේ සිංහලයා 2013-09-12 15:35:00

සිංහලයිනි අවදි වෙවු ඔන්න නියම අවස්තාව මේකට පෙන්නන්න සිංහ ලේවල තරම (දී)

සම්පත් 2013-09-12 15:44:51

ආණ්ඩුවේ වියදමින් කාලා, බීලා, සිංහල අපටම ටොක්කක් ඇනලා යයිද දන්නෙ නැහැ. (නි)

අසංග 2013-09-12 15:52:14

මෙයාව ගුවන් තොටුපලේදී අපිට බාරදෙන්න බැරිද දන්නේ නැහැ, හොඳින් බලාගන්න. (නි)

සුජිත් 2013-09-12 15:52:50

ගොඩක් දුක හිතේවි, අනේ මම ලොකු පවක් කරගත්තා කියලා.සමහරවිට ලංකාවේ නවතියිද දන්නෙ නැහැ. (නි)

රනා 2013-09-12 15:58:33

ඔය චිත්‍රපටිය යාපනේ දෙමල අයට පෙන්නන්න කියන්න. ගුටි කාල යන්න වෙයි …කලිසම ගලවගෙනම (දී)

ලියනගේ 2013-09-12 16:11:12

වීසා දුන්නෙ නැත්නම් කෝමද එන්නෙ.විසා නොදි හිටියම ඉවරයි (දී)

වරුණ 2013-09-12 16:06:29

එපා එපා ලංකාවේ සිංහලය කියන විදිහට කරන්න ගියොත් මේක තව ෆිල්ම් එකක් ගහයි ශ්‍රී ලාංකිකයන් කියන්නේ මහා ම්ලේච්ච ජාතියක් කියල.පිල්ලේ නෝනා ඇවිල්ල ගියා වගේ එයාටත් බලල යන්න කියල කියමු.හැබැයි පිල්ලේ නෝනට වගේ මෙයාට කාටවත් විවාහ යෝජනා ගෙන්න එපා කියමු. (දී)

නිහාල් 2013-09-12 16:13:04

යුද්දය නොදුටු මැක්රේ.ශ්‍රී ලංකාව යුද අපරාද කළා කියාලා චිත්‍රපටි හැදුවනම් පොදුරාජ්‍ය සමුළුවේ විස්තරත් එහෙ ඉදන්ම කරගන්න කියන්න. (දී)

විරාජ් කාලිංග 2013-09-12 16:18:54

ඔන්න වැඩ කාරයා නම් මෙහෙට ඇවිත් දාපල්ලා සද්ද,රජය හැටියට ශ්‍රීලංකා ආණ්ඩුව ලේස්ති වී සිටිය යුතුයි මොහුව පරද කිරීමට තර්කයෙන් මිස ගොන් පාට් වලින් නෙවේ,

ටාසන් 2013-09-12 16:25:18

එයාවත් කාට හරි බන්දමු (දී)

නිරෝධ. 2013-09-12 16:49:14

දැන් අපේ කාටහරි පුළුවන් මෙයාට විවාහ යෝජනාවක් ගෙනෙන්න (නි)

සිංහල අපි 2013-09-12 16:44:25

ඔට්ටුයි බැරුවට (නි)

ක්‍රිෂ්ණ. 2013-09-12 16:52:59

මැක්රෝ එන්න කලින් අපේ මේ කට්ටිය සන්සුන් කරලා දාන්න වෙයි. (නි)

රණ. 2013-09-12 17:00:41

මැක්රෝ එන්න කලින් රටේ ගෞරවය ආරක්ෂා කරගැනීමට නම් කෑගසන අය නිහඩ කළ යුතුයි. (නි)

කුමාර 2013-09-12 18:18:56

කාලි අම්ම කොවිලී පුජාවක් හෝ ගුරුකමක් කරන්න ඔය මිනිහට උන්මාදය හැදෙන්න

දිස්නා 2013-09-12 18:32:47

ර්වින් අයියට කියමු (දී)

එදිරිසිංහ 2013-09-12 18:46:51

ඔන්න මතකතියාගන්න සින්හලුනේ මැක්රෝ එවන්නේ දෙමල ඩයස්පෝරුව වෙන්න පුළුවන් පොදු රාජ්‍ය සමුළුවට කළු තිතක් තියන්න ඒ නිසා එන්න කලින් විරෝදය හොදා ආවට පසුව නොකරව්(දී)

මිනිපෙ 2013-09-12 20:20:46

අපේ මිනුස්සු අප්‍රසිද්ද අය, නොමිලේ ප්‍රසිද්ද කරන්න හරි දක්ෂයි.ඔය මහාත්ය ආවම ගනන් ගන්න යන්න එපා.අපි, ඔහු කව්ද කියලා නොදන්නා ගානට සිටිය යුතයි.ඔහු ප්‍රසිද්ද්යක් ලබන්න ආසවක් හා බලපොරෝතුවෙන් ඉන්න කෙනෙක්.හැබයි මම දන්නවා, ඒ වගේම අපෙත් කව්රුහරි ප්‍රසිද්ද වෙන්න අසාවෙන් ඉන්න නිසා,සුවර් එකටම බෝඩ් ලෑල්ලක් අල්ලන් බැරිහන් දෙවි. (දී)

කුසල් 2013-09-12 21:56:55

එලවන්න ඕන (දී)

සේනාරත්න 2013-09-12 21:59:20

ෆස්රුල් ගෆුර්-කටාර් මහත්මයාගේ අදහස ඉතාමත්ම වටිනා බව මටද හැඟේ. (දී)

ලාල් 2013-09-12 22:04:23